|
මෙරට සමෘද්ධිලාභීන්ගේ නිවාස වලට විදුලිය ලබා දීම සඳහා සූර්යබල විදුලි ජනන පැනල ලබා දීමේ ව්‍යාපෘතියක් අරඹන බව මිල්ටෙරි නන්දසේන පසුගිය දින පාර්ලිමේන්තුව අරඹමින් කළ රාජාසන කතාවේදී සඳහන් කරන ලදී.මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විදුලි බල ඇමති ගාමිණි ලොකුගේද ඊට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
නිවාස වලට සූර්ය බල විදුලි ජනන පැනල ලබා දීම නරක නැත.එය ඉතා හොඳය.කෝවිඩ් වසංගතයෙන් පවා ගසා කෑ රාජපක්ෂ කාලකණ්නියන්ට රට තුළ පවතින ආර්ථික අර්බුදය වසන්තයක් වී ඇති බව තහවුරු කරන්නට මෙම සූර්ය බල විදුලි ජනන පැනල ව්‍යාපෘතිය හොඳම සාක්ෂියකි.
මේ සූර්ය බල පැනල ගෙන්වන රට හා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවමත් විදුලි බල අමාත්‍යංශය ශක්‍යතා වර්තාවක් හෝ ටෙන්ඩර් කැඳවා නැත.ඒ සඳහා කොපමණ මුදලක් වැය වෙනවාද යන්න පිළිබඳව ඇගයීමක් හෝ සූර්ය බල විදුල ජනන පැනල ගෙන්වීමට වැය වන ඩොලර් ප්‍රමාණය කොතෙක්ද යන්න ගැනවත් කිසිම තැනක් සඳහනක් නැත.එහෙත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන හා විදුලිබල ඇමති ප්‍රකාශ කරන්නේ බඩේ බත් වාගේ සහතික කිරීමෙනි.මේ ගැන විදුලි බල ඇමති ප්‍රකාශයක් නිකුත් කෙරුවේද මිල්ටෙරි නන්දසේනගේ රාජාසන කතාවටත් ඉස්සර දවසකය.විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ යනු රාජපක්ෂ ලාගේ අසූචි බුදින්නෙකි.රාජපක්ෂ පවුල කරන ඕනෑම තක්කඩි ගණුදෙනුවක්ම නිවැරිදියැයි කියන ජාතියේ කොන්ද පණ නැති සෙවල වහලෙකි.
මිල්ටෙරි නන්දසේන සඳහන් කරන සූර්ය බල විදුලි ජනන පැනල ගෙන්වන්නේ යෝෂිත රාජපක්ෂ කාලකන්ණියාගේ අයිතිය යටතේ උගන්ඩාවේ පවතින මෙම පැනල නිශ්පාදනය කරන කම්හලෙනි.රාජපක්ෂ තක්කඩියන්ට හිමිකම් පවතින උගන්ඩාවේ පිහිටි මෙම ව්‍යාපාර සිඳුකරන කම්හල් වල ඡායාරූප අප විසින් මීට ඉහත දී පල කර තිබේ.
මෙරට ජනමාධ්‍යවේදීන්ට මේ පිළිබඳව තවමත් අනාවරණය වී නැතත් සිද්ධ වෙන්නට යන දේ ගැන සියළු කරුණු කාරණා අපි දනිමු.එහෙත් හෙට අනිද්දා වෙන විට රාජපක්ෂ තක්කඩියන් ගේ මෙම සූර්ය බල විදුලි ජනන පැනල ජාවාරම ගැන හෙළිදරව් වෙනු ඇතැයි අපි සිතමු. රටේ අහිංසක තරුණයන් බිලි දීම සඳහා මෙලේච්ඡ ආකාරයෙන් මිසයිල් වලින් බිලියන ගනනාවක් ගසා කෑ මෙම රාජපක්ෂ නොසන්ඩාලයන්ට දැන් රටේ පවතින ආර්ථික අර්බුදයද වසන්තයක් බව අපි නැවත නැවතත් සඳහන් කරමු.
|
|
තක්කඩි රාජපක්ෂලාගේ සූර්ය බල විදුලි ජනන පැනල ජාවාරම කළ එළි බහින්නට සූදානමේ.