ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ ලේකම් වරයා වන රජිිව අමරසූරිය මහතා ගේ අත්සනින් පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබුණේ දැනට රට තුළ පවතින ආර්ථික අර්බුදය ඉදිරියට පැවතුනහොත් රටේ නීතියක් නැති නීතියේ පාලනය විනාශ වූ අතිශය භයානක වටපිටාවක් ඇති වන්නට ඉඩ ඇති බවය.
ආර්ථිකය බිඳ වැටී රටේ පරිපාලනයට හා නීතියේ ආධිපත්‍යය බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බව ඉන් නීතියේ ස්වාධීනත්වයට ගැඹුරු බලපෑමක් ඇති කළ හැකි බවත් ඒ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණි.
එම නිවේදනයේ තව දුරටත් සඳහන්ව තිබුණේ රට තුල මතුවෙමින් පවතින විෂම වටපිටාව තුළ පුරවැසියන්ට තමනිගේ පෞද්ගලික වගේම පොදු අයිතිවාසිකම් භුක්ති විඳින්න තිබෙන්නේ ඉඩ කඩ සීමා වෙන බවය.
මෙම නිවේදනයේ සඳහන්ව තිබූ විශේෂිත කාරණය ලෙස අපට ධාරණය වූයේ තමන්ගේ සංඟමයේ විශාල පිරිසක් ස්වයං රැකියා ලෙස වෘත්තියේ යෙදෙන බවත් ඔවුන්ද මෙම අර්බුදයේ බලපෑමට මුහුණ දීමට සිඳුවන බවත් යැයි සඳහන් ව තිබීමයි.මින්කියවෙන්නේ නීතිඥ වරුන්ටද මෙම ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට සිදුවන බවය.
නීතිඥ සංඟමය හරියට සබරගමුව පෙරහැරේ යන මහ බඹා ප්‍රතිමාවට සමානය.ඒ කියන්නේ මහ බඹාට මුහුණු දෙකකි. එය තවත් විදියකින් කියනවානම් නීතිඥ සංඟමයේ කෙරුවාව අර මොකද්දෝ එක හංඟාගෙන ඇට දෙකෙන් කෙළිනවා වාගේය.අප මෙහෙම ලියන්නේ නීතිඥ සංගමයේ කෙරුවාව ගැන හැබෑ ලෙසම කාට කාටත් තේරුම් යන විදියටය.අප රට තුළ දන්නා හඳුනන දේශපාලන තක්කඩියන්ට වඩා නීතියේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගැන කතා කරන මේ කට්ට කයිරාටික අම්බ තක්කඩි රැළෙන් සමාජය ප්‍රවේශම් විය යුතුය.
ඒ බව වටහා දෙන්නට පහත උදාහරණය හොඳටම ඇතිය. බැසිල් රාජපක්ෂ තක්කඩි හොර දෙටුවා මහජන බදු මුදල් මංකොල්ල කමින් ඉඳි කළ මල්වාන මන්දිරය සම්බන්ධයෙන් වූ නඩුව දැන් විභාග වෙමින් පවතී. මෙම නඩුවේ එක් විත්තිකරුවෙකු ලෙස නම් කොට ඇත්තේ පසුගියදා පැන්ඩෝරා සිදුවීම් තුළ නම සඳහන් වූ තිරු නඩේෂන්ය.තිරු නඩේෂන් පොලිස් සීඅයිඩීයට ලබා දී ඇත්තේ මෙම මල්වාන ඉඩම තමන් සතු බවත් එහි ඉඳිකිරීමක් කර ඇත්තේ කවරෙක්ද යන්න තමන් නොදන්නා බවත්ය.මෙම ප්‍රකාශය හරියටම යෝෂිත කාලකණ්නියාගේ ගල්කිස්ස දේපොළ සම්බන්ධයෙන් පැවැති අධිකරණ විභාගයේදී ඩේසි ආච්චී ගේ මැණික් මල්ලේ සාක්ෂිය වගේමය.
මෙම කුප්‍රකට මල්වාන නඩුවේ තිරු නඩේෂන් නම් හොර දෙටුවා වෙනුවෙන් පෙනී සිටින්නේ අප මුලින් සඳහන් කර ඇති ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ සභාපති නීතිඥ සාලිය පීරිස්ය.නීතිඥ සාලිය පීරිස් ලා සමාජය ඉදිරියේ පෙනී ඉන්නේ නම් විමුක්ති දායකයන් ලෙසය. කටේ බුදු රැස් හක්කෙ දඩමස් යැයි කියවෙන්නේ මේ වගේ වාහේලා ගැනය.
සාලිය පීරිස්ලා නීතියේ ස්වාධීනත්වය ගැන සමාජයට ගැලවුම්කාර දේශනා පවත්වමින්ම මහජන දේපොළ සූරා කෑ බවට සාක්ෂි ඇතුවම අධිකරණයේ චෝදනා ලැබ සිටින නොසන්ඩාල කාලකණ්නින්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම ප්‍රශ්ණ සහගතය.මේ අපගේ වෘත්තීයේ හැටියැයි සාලිය පීරිස්ලාට සමාජයට ගල් ආඳා න්‍යායෙන් වග උත්තර බැඳ ලිස්සා යන්නට පුළුවන.
එහෙත් සමාජය ඉදිරියේ නීතියේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටින මේ වාහෙලාට හෘද සාක්ෂියක් ඇත්තේම නැද්ද යැයි අපි ප්‍රශ්ණ කරමු.මේ සාලිය පීරිස්ට හෘද සාක්ෂියක් තිබුණේ නම් තිරු නඩේෂන් වැනි සොර දෙටුවකු වෙනුවෙන් පෙනී හිටින්නට ඉඩක් නැත.ඔහු එසේ නම් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුත්තේ මේ හොර දෙටුවන් මං කොල්ල කෑ මහජන බදු මුදල් වෙනුවෙනි.එහෙත් දැන් සිද්ධ වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මිලියන ගණනාවක් ලැබෙනවානම් සිය ආත්ම පෞරෂය වුවද පාවා දෙන්නට සූදානමි බව පෙන්වා දී තිබීමය.එය එසේ වන්නා සේම ආර්ථික අර්බුදය නිසා නීතියේ ස්වාධිපත්‍යයට වන හානිය පිළිබඳව අඳෝනා නගමින් නීතිඥ සංගමය නිකුත් කර ඇති නිවේදනය දෙකට නවා …. ඔබා ගන්නා ලෙසට අපි නීතිඥ සංගමයේ කෙරුම්කාරයන්ට යෝජනා කරමු .