උණුසුම් පුවත්

තැන්පත්කරුවන්ගේ මුදල් එක්වර නිකුත් කිරීම නවත්වන්න මහබැංකුවේ නියෝගයක් -සමස්ත බැංකු පද්ධතියම කඩා වැටිලද………..?

Spread the love

මහජන බැංකුවේ මුදල් තැන්පත් කර ඇති බොහෝ තැන්පත්කරුවන් තමාට ජීවනෝපාය කරගෙන යෑමට නොහැකි නිසා මුදල් ඉවත් කර ගැනීමට සූදානම් වෙන බව අප වෙත වාර්තා වේ.

 ඒ අනුව අද දින  බොහෝ ප්‍රදේශවල මහජන බැංකු වලට පැමිණි පුද්ගලයින්ට මුදල් නිකුත් කිරීමට නොහැකි වන බව දැනුම් දී ඇත.තමන් තැන්පත් කළ මුදල් ලබා ගැනීමට නොහැකිව හිස් අතින් ගෙදර යාමට සිදු වූ බව අපට දැන ගැනීමට ඇත.

අප මේ පිළිබඳව විමසා බැලීමේදී මහජන බැංකුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ එවැනි තත්ත්වයක් නොමැති නමුත් රජය කිසියම්  මුදල් නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින හෙයින් ද මේ වන විට මහජනතාව තුළ ඇතිවී තිබෙන දැඩි ආර්ථික පීඩනය නිසා බොහෝ පුද්ගලයින් තැන්පත් කර ඇති මුදල් එක්වරම ඉවත් කර ගැනීමට ඉල්ලීම නිසා එම මුදල් ලබාදීම පිළිබඳව සුළු ගැටළු කීපයක් ඇති බව ඔහු කියා සිටියේය.

එහෙත් අප වෙත දැන ගැනීමට ඇති පරිදි මෙවැනි විට මහජන බැංකුවට සහ ලංකා බැංකුවට මහ බැංකුවෙන් දැනුම්දී ඇත්තේ කිසිදු පුද්ගලයකුගේ මුදල් එක්වරම මුළුමනින්ම ඉවත් කර ගැනීමට ඉඩ  නොදෙන ලෙස මහ බැංකුව විසින් එවැනි නියෝගයක් පනවා ඇත. 

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සහ බැංකුවලට මුදල් ලබා දීම වෙනුවෙන් බිලියන 7 ක මුදලක් මුද්‍රණය කිරීමට සූදානම්වන බවද තහවුරු නොකළ ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.


Spread the love

Leave a Comment

You may also like