උණුසුම් පුවත්

ලංකාව බංකොලොත් රටක් කැනඩාව නිවේදනය කරයි.

Spread the love

සංචාරක ඇමතියා මෙරටට පැමිණෙන සංචාරකයන් ගැන සුරංඟනා කතා කියද්දී කැනඩාව සංචාරය සඳහා ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන සිය රට වැසියන් හට අනතුරු ඇඟවීමක් කර ඇතැයි වාර්තා වේ.සංචාරය සඳහා ශ්‍රී ලංකාවට යන්නන් ගෑස් අත්‍යවශ්‍ය ආහාර ඉන්ධන හා  ඖෂධ හිඟයකට  මුහුණ දීමට සූදානමින් යන ලෙස කැනඩා රජය නිවේදනය කර තිබේ.

තවදුරටත් කැනඩා රජය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින තම පුරවැසියන් දැනුවත් කර ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට දිගු පෝලිම් වල සිටීමට සිදු වෙනු ඇති බවද ඒ නිසා සංචාරය කරන කාලය තුලට අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන ලෙසය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කැනඩා රජයේ මෙම නිල නිවේදනය ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රය තුළ  බලපෑමක් කළ හැකි ඉතා දරුණු අනතුරු ඇඟවීමක් බව ⁣ආර්ථික විශේඥයෝ පවසති. 
ශ්‍රී ලංකාවේ බංකොලොත් බව තහවුරු කෙරෙන මෙම අනතුරු ඇඟවීම ගැන අපට සිහිපත් කරන්නට තියෙන්නේ ලෝ වැඩ සඟරාවේ මේ කවිය විතරමය.
ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
කකුළුව සැපයක් යැයි දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නොහැකිලියේ
සැපයක් නම් නැත කම් රස කෙළියේ
මේ කවියේ අවසන් පදය ඕනෑ ආකාරයට වෙනස් කරගන්නට පුළුවන.
ඒ කොහොම වෙනස් කර ගත්තත් සංචාරක ඇමැත්තා වූ ⁣ප්‍රසන්න රණතුංග නම් ගොන් වස්සා මිල්ටෙරි නන්දසේනගේ කයිවාර කෙරුවාව ගැන උම්බෑ කියන එක නම් නතර නොකරන බවද අපට විශ්වාසය.

Spread the love

Leave a Comment

You may also like