රට තුල ඉස්මතුවෙමින් පවතින දැඩි ආණ්ඩු විරෝධය සමනය කොට ජනතාවට භීතිය හා ත්‍රාසය ඇති කිරීමට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකඡ්චාවකින් පසුව කරුණු අනාවරණය වී ඇත.
රාජ්‍ය බුද්ධි අංශය විසින් මෙහෙය වු පාස්කු ප්‍රහාරය පිලිබදව එදා අපි කොතෙකුත් කරුණු අනාවරණය කලත් එදා අති උතුම් කාදිනල් තුමන් සිටියේ රාජපක්ෂ ජුන්ටාව බලයට පැමිණි පසුව ඒ සියල්ලම එලියට ගෙන දඩුකදේ ගැසීමටය. ඒත් දැන් උන්වහන්සේටම සත්‍ය අවබෝධ වීම පිලිබදව අපි සතුටු වෙමු.
ඒ ප්‍රහාරය සලේගේ බුද්ධි අංශයෙන් කලබවට දැන් සාක්ෂි ඕනෑවටත් වඩා ඇත. ඒ නිසාම දැන් සලේලා ගේ සුදානම රටේ දැඩි භීෂණයක් ඇති කිරීමටය. ඒ වෙනුවෙන් ව්‍යාජ එල් .ටී.ටී.ඊ සංවිධානයක් පවා උතුරේ යුධ හමුදා කදවුරක පුහුණුවෙන බව අපි අවස්ථා ගනනාවකදි පෙන්න දී ඇත. ඊටම සමගාමිව බොරැල්ල සාන්ත මුනිදුන් ගේ දේවස්ථානයේ තිබු අත් බෝම්බයද රාජ්‍ය බුද්ධි අංශයේම මෙහෙයුමක් බව අපි නොදන්නවා නොවේ.ඊයේ මෙම භූමි තැබීමට පැමිණ සිටි පුද්ගලයාගේ හැඩරුව සහ එම පුද්ගලයාගේ ගමන් විලාසි පිළිබඳව අපරාධ විමර්ශකයෝ දැඩි අවධානය යොමු කරන්නේ නම් ඔහු ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ සේවය කළ හෝ සේවය කරන පුද්ගලයෙක් බව මනාව පෙනී යයි .ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ගමන් කරන ස්වරූපයක් , සොභාවයක්, වෙනසක් ඉතා හොඳින් දැක ගත හැකිය මනා අත්දැකීමක් ඇති අපරාධ විමර්ශකයකුට එවැනි පුද්ගලයින් හඳුනා ගැනීම ඉතාමත්ම ක්ෂණිකව කළ හැකිය.
![]()
ඒ ආකාරයේම තවත් ඝාතන සිදුවන බවට අපිට තොරතුරු ලැබී ඇත. මේ නිසාම රටේ ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතුය. රට ආර්ථික ,සාමාජීය, හා දේශපාලනික මහා වියවුලක පවතින නිසාම රටේ ජනතාව ආණ්ඩු විරෝධයක් ගෙනයාම නතර කිරීම භාර දී ඇත්තේ සුරේ සලේට හා මේජර් ජෙනරාල් නිවුන්හැල්ලටය.
දැන් ඔවුන් දන්න එකම ක්‍රමය මිනිමැරීමම පමණි. ඊට රටේ ජනාධිපතිගෙන් හා පොලිසියේ රාජපක්ෂවාදි පිරිස් වලින් ලැබෙන සහාය නිසාම ඉදිරියේදී ඉතාම බරපතල තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවට අප වෙතට තොරතුරු ලැබී ඇත.