වර්තමාන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2012 වසරේ එවක ආරක්ෂක ලේකම්ව සිටියදී වැලිකඩ රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සිදුවිය මෙම සිදිධිය පිලිබදව ශ්‍රි ලංකා රජය ඉතාම ඇල්මැරුණු විමර්ෂණයක් කලේය. එවක පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව විසින් රැගෙන පැමිණි නම් ලැයිස්තුවක් කියවා රදවා සිටි රැදවියන් සිරමැදිරිවලින් එලියට ගෙන වෙඩිතබා මරාඇති බවට ඇසු දුටු සාක්ෂි හා පරිවේෂණ සාක්ෂි ඉදිරිපත්ව තිබුණි.
ඒ වන විට වැලිකඩ බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමා හේවාය. කෙසේ වෙතත් වසර ගනනාවක් පුරාවටම මෙම රැදවියන් මරා දැමීම පිලිබදව එක්සත් ජාතින් ගේ සංවිධානයේ පවා අවධානය යොමුව ශ්‍රි ලංකාවට බරපතල ලෙසට පිලිතුරු බැදීමට සිදු විය. 2015 වසරේදි මෛත්‍රි -රනිල් ආණ්ඩුවේ ප්‍රධානම සටන් පාඨයක් වී තිබු රහසිගත ඝාතනයන් හා මෙම රැදවියන් මරා දැමීම පිළිබඳව දීර්ඝ විමර්ෂණයක් කලෝය.
ඊට කොමිෂන් පිට කොමිෂන් යොදා රටේ ජනතාවගේ සල්ලි කා දැමීමට මෛත්‍රි – රනිල් ක්‍රියා කලේය. අවසානයේ 2019 ආණ්ඩු පෙරලියත් සමඟම ශ්‍රි ලංකාවේ දැනට සිටින දක්ෂතම අපරාධ විමර්ෂකයෙකු වු ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේ සේකරව සිරගත කිරීමට තරන් ගෝඨාභය පාලනය ඉතාම නින්දිතවිය. ඒ රටේ එදා සිදුව තිබු සියළු මිනිමැරුම් හා රටේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය යන අපරාධ සියල්ලේම ප්‍රධාන විමර්ෂකයා වුයේ එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වු ශානි අබේසේකරය.
කෙසේ වෙතත් යහපාලන රනිල් -මෛත්‍රි දෙදෙනා විසින් අවසානයේ රටේ විශාලම පරිහාණියකට පාර කැපු දෙදෙනෙක් බවට පත්වෙමින් එදා ඇල් මැරුණු ප්‍රතිපත්තිය හේතුවෙන් නියම අපරාධකරුවන් කිසිදු හිරිකිත්යක් නොමතිව ගෝඨාභය ජනාධිපති විසින් නිදොස් කොට නිදහස් කලෝය. වැලිකඩරැදවියන් ඝාතනය පිලිබදව එලබෙන මාර්තු මසදි එක්සත් ජාතින් ගේ සංවිධානයට පිලිතුරු බැදීමට සිදුවන නිසාම මෙම නඩුව අද අවසන් විය.
ඒ ප්‍රධාන චුදිත හිටපු පොලිස් පරික්ෂක නියොමාල් රංග ජීව නිදොස් කොට නිදහස් කරමිනි. රංග ජීව නිදොස් කොට නිදහස් වෙන බව පොලිස්පති වික්‍රමරත්න දැන ගන රංග ජීව ප්‍රධාන පොලිස්පරික්ෂක ශ්‍රේණියට උසස් වීමක් කලාදැයි යමෙකුට ඇතිවන සැකය බැහැර කල නොහැකිය. දෙවන විත්තිකරු එමිල් රංජන් ළමා හේවා හට මරණීය දණ්ඩනය නියම විය. එමිල් රංජන් ළමා හේවා ගේ දෙවන සොහොයුරා ජනාධිපති ගෝඨාභය ගේ ප්‍රධාන ආරක්ෂ වලලේ සිටිනයුදහමුදා නිලධාරියෙකි. ඔහුගේ බාලම සොහොයුරා වැලිකඩ විමර්ෂණගේ ප්‍රධාන නඩුකටයුතු භාරව සිටි අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි.
කෙසේ වෙතත් එමිල් රංජන් මාර්තු මස වනතුරු වැලිකඩ ඔහුට සුපුරුදු ස්ථානයේ ඉතාම විනෝද බරව සිටින බව අපට සහතිකය. මාර්තු ජිනීවා එක්සත් ජාතින්ගේ සමුළුව අවසාන වනවිට නිතිපති අධිකරණයට පැමිණ මොකාගේ හෝ අන්ඩක කාර්මික දෝෂයක්ඇතැයි එමිල් රංජන්නුත් රංග ජීව සේම නිදොස් කොට නිදහස ලබා පිටව යනු ඇත.