හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ තවත් විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව රිය අනතුරක් සිදු කොට එම සාක්ෂි වසන් කිරීම, යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. ඊයේ හදිසියේ අසනීප වී ඇති චම්පික රණවක මහතා මේ වනවිට ලංකා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. ඇති වී තිබෙන රෝගී තත්ත්වය නිසා ඔහු අධිකරණයට පැමිණියේ නැත.
පාඨලී චම්පික රණවක මහතාගේ අසනීප තත්වය පිළිබඳව වහාම අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ වන විට ප්‍රතිකාර ලැබුවත් ඔහුගේ වෛද්‍ය වාර්තාව පුද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු එම වෛද්‍ය වාර්තාව ලබා දී ඇති නමුත් ,කොළඹ මහාධිකරණ විනිසුරු ඊට අමතරව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවා ඇත්තේ බොහෝ සෙයින්ම පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන පාඨලී චම්පික රණවක මහතා ඉතා නුදුරු දිනයකදී වහාම කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරවීමේ උවමනාවටය. බොහෝ දුරට එම ඇතුළත් කිරීමත් සමඟම එහි දී ඔහුට කොරෝනා රෝගයබෝ කිරීමට හෝ වෙනත් කුමන හෝ මාර්ගයකි ඔහුගේ ජීවිතයට අනතුරක් සිදු කිරීමට බොහෝ විට ඉඩ ඇත .
දමිත් තොටවත්ත මහාධීකරණ විනිසුරුට එරෙහිව රජයේ නිතිඥ ලක්මාලි දිසානායක විසින් නීතිපතිට හා අග්‍රවිනිසුරුට පැමිණිලි කොට ඇත. මෙවනි දුෂිතයෙකුගෙන් රටේ පුරවැසියන් සාධාරණත්වයක් ,යුක්තියක් ඉටුවේයැයි සිතනවානම් එය විහිළුවකි. මොහු මෙතෙක් විනිසුරු අසුනේ සිටින්නේ රාජපක්ෂ ජුන්ටාවේ කෙනෙකු නිසාය.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ද හදිසියේම කොරෝනා රෝගයට ගොදුරු වී අකාලයේ මිය ගියේය. ඒ ආකාරයටම සිරස සභාපති කිලී මහාරාජා මහතා ද හදිස්සියේ කොරෝනා රෝගය වැළඳී මිය ගියේය.
එහෙත් මෙම සිද්ධීන් දෙක පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් පවති. මංගල සමරවීර මහතා ගේ හා සිරස සභාපති කිලී මහාරාජා මහතාගේ මරණයන් කොරෝනා වැළඳී යැයි කීවත් එය පිළිගත නොහැකි කරුණක් වන බව සමාජයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව ඇත.
රාජපක්ෂ හමුදා ජුන්ටාව සමඟ කටයුතු නොකරන බෞද්ධ නායකයන්ට එරෙහිව නොපෙනෙන හස්තයකින් ඔවුන්ගේ මරණය තීරණය වන බවට සමාජය තුල කතාබහක් පවතී. විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ගේ පැටිකිරිය දන්නා අය ඒ පිළිබඳව ඉතා හොඳින් දනී.
මෙහිදී මංගල සමරවීර සේම, චම්පික රණවක, විජේදාස රාජපක්ෂ ,සරත් පොන්සේකා, රාජිත සේනාරත්න, සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන අයගේ ජීවිත පිළිබඳව මේ වනවිට දැඩි අවදානමක් පවතින බව අප අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත.
අවස්ථා ගණනාවක දීම අපි මේ පිළිබඳව සමාජය දැනුවත් කර ඇත්තේ මිනිමරා ඇති රාජපක්ෂලාට කොරෝනාව ලොතරැයියක් වී ඇත්තේ ඔවුන්ගේ මරණයන්තීරණය කිරීමට හැකි වී ඇත්තේ කිසිදු පශ්චාත් මත පරීක්ෂණයකින් තොරව එම මෘත ශරීරය ආදාහනය කිරීමේ හැකියාවක් ඔවුන්ට නිතැතින්ම ලැබී ඇති නිසාය.
මේ නිසාම සත්‍යවශයෙන්ම කොරෝනා වැළඳී මිය යනවා නම් එය තවත් ප්‍රශ්නයකි. එසේ මිය ගිය මංගල සමරවීර මහතා හා සිරස සභාපති කිලී මහාරාජා සියලුම එන්නත් ලබා ගත් පුද්ගලයින් ය .එසේම චම්පික රණවක වැනි පුද්ගලයින් අනාගතයේදී ද යම් තර්ජනයක් ඇති වේ යැයි යන්න ගෝඨාභයලා අඩුවෙන් තක්සේරු නොකරන බවද අපි මෙහිදී සිහිපත් කරන්නෙමු.