චීන විදේශ ඇමතිගේ ප්‍රධානත්වයෙන් ඊයේ(9) පැවති පෝට් සිටියේ ( චයින සිටි) කොටසක් විවෘත කරන ලද අවස්ථාව ආවරණය කිරීම දේශීය මාධ්‍ය වලට ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි.
මෙහි මාධ්‍ය ආවරණ කටයුතු මුළුමනින්ම ජනපති හා අගමැති මාධ්‍ය ඒකක හරහා සිදු කර ඇත.
*දිලිත් ජයවීරත් කැපිලා*
————————
චීන ඒජන්සි ඇතුළු විදෙස් මාධ්‍ය ඒජන්සි වලට පමණක් ආරාධනා කර තිබුණු මෙම උත්සවයේ මාධ්‍ය හා සංවිධාන කටයුතු යෝෂිත රාජපක්ෂගේ අධීක්ෂණයෙන් සිදු කර ඇති අතර පෝට් සිටියේ ප්‍රචාරණය භාර දී තිබෙන දිලිත් ජයවීරගේ ප්‍රචාරක ඒජන්සිය පවා කපා දමා තිබුණු බව වාර්තා වේ.
මෙහි පැමිණි සියලු ඒජන්සි මාධ්‍ය කරුවන් ඇතුළත් කොට ඇත්තේ ඇන්ටිජන් පරීක්ෂණයකින් අනතුරුවය.
මේ අනුව ආරම්භයේදීම මෙය චීනුන්ට අයත් සිටියක් බව පෙන්නුම් කිරීමට රාජපක්ෂවරුන් සමත්ව තිබේ.
චීනාට රාජපක්ෂවරුන්ගේ ගැතිකම හොඳින්ම පෙන්නුම් කළ චීන විදේශ ඇමතිගේ නිල සංචාරයේ ඔහු පිළිගැනීමට ගියේද අපේ විදේශ ඇමති නොව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂය.