උණුසුම් පුවත්

චීනය බුදු පිළිම කඩා විනාශ කරයි මිල්ටෙරි නන්දසේන ගේ චීවර බලකාය ඒ ගැන නිහඬයි

Spread the love

චීනය මේ වන විට බුදු පිළිම කඩා ඉවත් කරමින් සිටින බව ලංකා දවසට වාර්තා වී තිබේ. චීනයේ සිචුවාන් පලාතේ ටිබෙට් ස්වයං පාලන කළාපයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉඳි කර තිබූ විශාල බුදු පිළිමයක්ද මෑතකදී  එලෙස කඩා ඉවත් කළ බවද මාධ්‍ය වාර්තා පළ කෙරිණි.

මෙම බුදු පිළිමය කඩා ඉවත් කිරීමට පෙර චීන පාලකයන් ලෝකයේ ප්‍රසිද්ධව තිබූ අති විශාල කුවාන් යොන් බුදු පිළිමයද කඩා බිඳ විනාශ කළ බවද එයට අමතරව ප්‍රදේශ ගනනාවක බුදු පිළිම විනාශ කර ඇති බවද ඒෂියන් මිරර් වාර්තා කොට තිබුණේ එසේ විනාශ කරන ලද බුදු පිළිම වල ඡායාරූපද සහිතවය.ක්වාන් යොන් බුදු පිළිමය විනාශ කිරීම ගැන චීනය ජාත්‍යන්තර අප්‍රසාදයට පත් වී තිබේ.
පසුගියදා ටිබෙට් ස්වයං පාලන කළාපයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ තිබී විනාශ කළ බුදු පිළිමය අඩි අනූ නවයක් උස බව පැවැසේ.චීන බලධාරීන් පවසා ඇත්තේ පිළිමය උස වැඩි වීම නිසා ඉවත් කරන බවය.එහෙත් මෙම පිළිමය ඉඳිකර ඇත්තේ භූමිකම්පාවකට ඔරොත්තු දෙන ආකාරයටය.ප්‍රතිමාව කඩා බිඳ ඉවත්කරන විට ඒ ආශ්‍රිතව තිබූ අනෙකුත් සියළු ඉඳිකිරීම්ද ඉවත් කර තිබේ.
චීනය මෙලෙස බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව මෙරට මාධ්‍ය පවා වාර්තා කොට තිබියදී මිල්ටෙරි නන්දසේන ගේ  චීවර බලකාය නිහඬව කට පුක වසා ගෙන සිටීම ගැන අපට නම් හැඟී යන්නේ ඉන් මේ නොසන්ඩාලයන්ගේ අවස්ථාවාදී හා ජාතිවාදී නිරුවත හෙළි කෙරෙන බවය.මෙවැනි සිදුවීමක් මුසල්මානු ජාතිකයන් ⁣නැතහොත් තලේබානුවන් විසින් සිදු කරමින් තිබේ නම්  මෙම පාදඩ චීවර කල්ලිය ජනතාව උසි ගන්වමින් සමාජය තුළ ජාතිවාදී ඇවිලීමක් දක්වා කටයුතු කරන  බව නිසැකය.

මල්වත්තේ හා අස්ගිරියේ පඩික්කම් වහන්සේලාට නම් චීනය විසින් සිදු කරමින් තිබෙන ආගමික හිංසනය ගැන දැනීමක් අවබෝධයක් නැති බවද අපට විශ්වාසය.මේ පඩික්කම් වහන්සේලා දෙනමට අටපිරිකර හා පලතුරු වට්ටි පූජා කොට චීනය සිදු කරන මෙම සාහසික ක්‍රියාව ගැන දැනුවත් කිරීමට යම් පින්වතකු ගේ මැදිහත් වීමක් අවශ්‍ය කරනු ඇත.ඉන්පසු මේ බානගෙන් ඒ ගැන වොයිස් කට් දේශනයක් අසාගන්නට හැක.

කෙසේ වෙතත්  චීනය විසින් සිදු කරමින් තිබෙන මෙම බලහත්කාරී ක්‍රියාව වෙඬරුවේ හිට්ලර් උන්නාන්සේ අපේක්ෂා කරන හමුදා ආණ්ඩුවක ඒකාධිපති මැදිහත් වීමකට සමාන බැවින්  මේ ගැන මුකුත් නොකියා “නෝ කමන්ට්ස්” යැයි වදාරා නිහඬවීම ඉතා උචිතය.

අප එසේ කියන්නේ චීනය මේ මොහොතේ මිල්ටෙරි නන්ද සේනගේ හා රාජපක්ෂ තක්ඩියන්ගේ ගැලවුම් කාරයා නිසාය. බුදු පිළිම විනාශ කිරීම ගැන කණගාටුව ප්‍රකාශ කොට තම ගැලවුම්කාර⁣යා අමනාප කර ගැනීම රාජපක්ෂ තක්කඩියන්ට බඩෙි පාර වදින කාරණයක් වෙන්න ඉඩ ඇති බව මේ පෝරිසාදයන්ට කඩේ යන හැම චීවරයෙක්ම දන්නා හෙයින් මේ සැම ගොළුවත රකින බව නම් අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. 
කෙසේවෙතත් චීනය සිදු කරමින් පවතින මෙම බලහත්කාරී සංස්කෘතික විනාශය ගැන ලංකා දවසේ විරෝධය හා පිළිකුළ ප්‍රකාශ කර සිටිමු.මෙි පිළිබඳව දේශීයවත් ජාත්‍යන්තරවත් චීනයට එරෙහිව විරෝධතාව දැක්වීමේ වැඩ පිළිවෙළකට යා යුතු බවද අපි වැඩිදු⁣රටත් යෝජනා කරමු.


Spread the love

Leave a Comment

You may also like