කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තගේ නොසන්ඩාල කෙරුවාව ගැන අප මීට ඉහතදී ලියා තිබේ. ඇහැට කණට කාන්තාවන් පෙන්නන්ට බැරි තරමේ මදන කුලප්පුවකින් පෙළෙන මේ මානසික ව්‍යාධිකාරයා මෑතකදී රජයේ නීතිඥවරියක වන ලක්මාලි දිසානායකට ලිංගික බලපෑමක් කිරීමට උත්සාහ දරා තිබේ.ඒ පිට ස්ථානයකදී හමුවීමට යෝජනා කරමිනි.තමන් හිතූ හිතූ අය සමග නිදි වදින ගැහැණියක නොවන බව ප්‍රකාශ කරමින් නීතිඥ ලක්මාලි දිසානායක විසින් විනිසුරු තොටවත්තට බැණ වැදී තිබේ.
ඉන්පසු තොටවත්ත විනිසුරුවරයා විවෘත උසාවියේදී නීතිඥ ලක්මාලි දිසානායක ගේ වෘත්තීය ගරුත්වය කෙලෙසන ආකාරයෙන් අපහාසාත්මකව කටයුතු කර ඇත.මින් කම්පනයට පත් වූ නීතිඥ වරිය තමන්ට සිදු වූ හිංසනය ගැන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයකු වූ දිලීප පීරිස්ට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල ගැන විභාග කිරීම ආරම්භ කළ ඔහු ඒ ගැන වැඩිමනත් විමර්ශනය සඳහා අතිරේක සොලිස්ටාර් ජනරාල් චේතිය ගුණසේකරටද අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවානටද බාර දී ඇති අතර මේ දෙදෙනා ඒ ගැන විමර්ශනය කොට ලිඛිත වාර්තාවක් සකස් කොට එය නීතිපති වරයාට බාර දුුුන් බව වාර්තා වේ.නීතිපතිවරයා විසින් මෛ වාර්තාව පදනම් කරගනිමින් දමිත් තොටවත්ත නම් අසහන කාරයාට එරෙහිව අගවිනිසුරු වරයා වෙත පැමිණිලි කරන ලද බව පැවසේ.එහෙත් අපට දැන ගැන්මට ලැබී ඇතිි ආකාරයට අගවිනිසුරුවරයා මෙම පැමිණිල්ල ගැන මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
ලිංගික අසහන කාරයක් වන දමිත් තොටවත්ත විනිසුරුවරයා රාජපක්ෂ ලාගේ ඔඩොක්කු කුක්කෙකි.රාජපක්ෂ බංගලාවේ වැසිකිලි වල අසූචි අතින් අරන් දමන තරමේ වහලෙකි.පසුගියදා අලි පැටවකු නීති විරෝධීව ලඟ තබා ගත්තේ යැයි චෝදනා ලැබ සිටි තිලින ගමගේ නම් හිටපු මහේස්ත්‍රාත් වරයා නිදහස් කරන ලද්දේද මේ තක්කඩියාය.තිලිණ ගමටග් නිදහස් කළ දිනට පෙරදාන රාත්‍රියේ දමිත් තොටවත්ත හා තිලිණි ගමගේ එක්ව යම් ස්ථානයකදී රාත්‍රී සාදයක් පැවැත්වූ බවටද අපට වාර්තා වී තිබුණි.
මේ වනවිට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේද සාමාජික විනිසුරු වරයකු වන මෙම ලිංගික අසහන කාරයා එම නඩු විභාගයේදී පැමිණිලි පාර්ශවයට අගතියක් වන ආකාරයට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වේ.
දමිත් තොටවත්ත මෙරට ප්‍රසිද්ධ කළාකරුවකු වූ ටයිටස් තොටවත්තගේ පුත්‍රයෙකි.සිය පියාගේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් හැසිරෙන මෙම ලිංගික අසහන කාරයා රාජපක්ෂ වරුන්ගේ දේශපාලන හයිය ගෙන අවලම් වැඩ කරන කාලකන්ණියෙකි.විනිශ්චාසන මත හිඳ නඩු අහන මෙවැනි තිරිසන් සතුන් ගෙන් රටේ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ.රාජපක්ෂ තක්කඩි රැළ සිය මදාවිකම් වලට හැමවිටම නෛතික ආවරණය ලබා ගන්නේද මෙවැනි කාලකන්නි මන්ද මානසික විනිසුරු නොසන්ඩාලයන් පිහිටෙන් බවද අපි වගකීමෙන් යුතුව සදහන් කරමු.