උණුසුම් පුවත්

ඉන්ධන හිඟයක් අත ළඟ රට මරු කටේ බලශක්ති ඇමති ජනතාවට විහිළු සපයයි .

Spread the love

හෙට අනිද්දා වන විට ජනතාවට ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි බලශක්ති අමාත්‍යංශයේ නිළධාරියකු ලංකා දවසට ප්‍රකාශ කරන ලදී.මේ  තොරතුර සම්බන්ධයෙන් වැඩි දුර විමසීමේදී අනාවරණය වූයේ ජනවාරි මාසයේ අග වන විට ඉන්ධන ආනයනයට ඩොලර් ⁣සපයා ගැනීමට නොහැකි වුන හොත් මෙම තත්ත්වය

උදා විය හැකි බවය.
ඉන්ධන හිඟය සමගම රට පුරා විදුලිය නොමැති වීමේ හා ජලය බෙදාහැරීම සම්බන්ධයෙන්ද බාධාවන් ඇතිවීමේ අවදානමක්ද පවතී.එය බරපතල සමාජයීය ගැටළු රාශියක් නිර්මාණය කිරීමට හේතු වනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
මන්ද මානසික මිල්ටෙරිි නන්දසේන ගේ ආණ්ඩුවට හා විහිළුකාර බලශක්ති අමාත්‍යවරයාට  රට පුරා මතුවෙමින් තිබෙන මෙම ආර්ථික අර්බුදය නිසා විපතට පත්විය හැකි ජනතාව පිළිබඳව කිසිදු හැඟීමක් නැති බව මෙන්ම ඒ සඳහා මුහුණ දීමට රජය වෙත කිසිදු සැලසුමක් නැති බවද  අප වෙත ලැබෙන ආරංචි මාර්ග වලින් තහවුරු වේ.
විහිළුකාර බලශක්ති  අමත්‍යවරයා ඉන්ධන හිඟය පිළිබඳව මාධ්‍ය  වෙත ප්‍රකාශ කර ඇත්තේ එසේ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ජනතාවට “පාපැදියක යා හැකි දුර පමනක් ගමන් කිරීමට ” සිදු වෙනු ඇති බවය.අමාත්‍යවරයාගේ මෙම වගකීම් විරහිත ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ඔහු මේ  අර්බුදය පිළිබඳව සිතන සැහැල්ලු ආකාරයයි.
මෙම තක්කඩි හොර දෙටුවන් රැළට තවදුරටත් ජනතාව දුකට හා විනාශයට
පත් කරමින් රට මංකොල්ල කෑමට ඉඩ දෙනවාද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්ණයක් මේ මහ පොළව මත ඉතිරි වී තිබේ.මේ ප්‍රශ්ණයට සැබෑ පිළිතුරු හොයාගන්නා තුරු අපට ලියන්නට වන්නේ මෙවැනි අනතුරු ඇඟවීම් පමනකි.සැබෑවට නිදාගන්නා වුන් අවදිකිරීමට පහසුය.එහෙත් බොරුවට නිදා ගන්නා ජනතාවක් අවදිකිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව අපගේ අදහසයි.
  •     

Spread the love

Leave a Comment

You may also like