කර්නල් නන්දසේන රාජපක්ෂ නැමති මිනිමරුවාව බලයට ගෙන ඒමට පාස්කු ප්‍රහාරයක් නිර්මානය කොට ඊට යටිතල පහසුකම් සැපයු දේශ බන්දු ඇතුළු පොලිසියේ 52 දෙදෙනෙකුට උසස්වීම ලැබුණි.
ඒ ආකාරයටම කොළඹ කෞතුකාගාරයේ තිබු කඩුව සොරා ගැනීම පිලිබදව හා හිමිනමක් ඝාතනය කිරීම පිලිබදව චෝදනා ලැබ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරු නිලමේ සමඟ තවත් රැදවියන් 27 ක් මරාදැමු හිටපු පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව වහාම ක්‍රියාත්මක් වනපරිදි 20/01/01 දින ලෙසට දාතමින් නිකුත් කල ලිපියක් සේ ප්‍රධාන පොලිස් පරික්ෂක තනතුරට උසස්වීම ලබාදී ඇත.
![]()
දැන් පාස්කු මහමොළකරු හා වැලිකඩ ඝාතනයන් පිටිපස තිබු හිටපු නිතිපති කී ආකාරයටම නොපෙනෙන හස්තය හා මහමොළකරු සහ කුමන්ත්‍රණකරු අන් කවරෙක්වත් නොව ,කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බව අද ලෝකයටම ඉතාම හොදින් පැහැදිලිය.
ආයතන සංග්‍රහයට හා පොලිස් දෙපාර්තමේන්තු නියෝගවලට අනුව මිනිමැරුමක් නොව පුද්ගලයෙකුට බැන තර්ජනය නැමති සමථ සමථ කරනයට ලක් විය හැකි චෝදනාවක් පිලිබදව දෙපාර්ථමේන්තු ඒ 07 බී පර්ශිෂ්ඨයට අනුව විදිමත් විනය පරික්ෂණයක් කොට ඉන් නිදොස් උවුවහොත් හැර කිසිදු පොලිස් නිලධාරියෙකුට තම උසස්වීම් ,වැටුප් වර්ධක සියල්ලම අහිමිවේ. ඒත් ශ්‍රි ලංකාවේ සී .ඩී. වික්‍රමරත්න නැමති පොලිස්ප්ති ගොබ්බයා ඒ බවවත් නොදනීම ජාතියේ අවාසනාවකි. රටේ බදු ගෙවන පුරවැසියන් දැන් මිනිමරුවෙකුට හිඟ වැටුප් රුපියල් ලක්ෂ 15 කට ආසන්නව ගෙවිය යුතුය. පොලිස් ඉතිහාසයේම මෙවනි නින්දිත කාලකන්ණි සිදුවීමක් සිදු වී නැත.
වැලිකඩ සිරකරුවන් ඝාතනයේ දී ඇසු දුටු සාක්ෂි මෙන්ම පරවේෂණ සාක්ෂිද (circumcision evidence) ඉදිරිපත්ව තිබුණි. ඒ සියල්ලම හේතු කොට පොලිස් පරික්ෂක රංගජීවට හා ප්‍රධාන බන්ධනාගාර අධිකාරි එමිල් රංජන්ට විරුද්ධව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයකින් එම සිරකරුවන් 27 දෙනෙකු අමානුෂික ලෙසට වෙඩිතබා ඝාතනය කිරීම පිලිබදව නඩු විභාගය පැවැත්විය . එසේ පැවති නඩු විභාගය පසු ගියදා නිමාවි චුදිත පොලිස් පරික්ෂක නියොමාල් රංග ජීව හා එමිල් අධිකරණයට කැදවා තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත්ව තිබු නමුත් කුමණ හේතුවක් මත හෝ එදින් තීන්දුව ප්‍රකාශ නොකලේය. එය 12 වන දිනට කල්තබා ඇත.
ඒ අතර ඊයේ ජනාධිපතිවරයාගෙන් පොලිස්පතිට ලැබුණ දුරකථන ඇමතීමක් අනුව මෙසේ වහාම වහාම ක්‍රියාත්මක වන පරිදි නියොමාල් රංගජීව ප්‍රධාන පොලිස්පරික්ෂක ශ්‍රේණියට උසස් කොට ඇත. ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසය තුල් කිසිදු පොලිස්පතිවරයෙකු මේ ආකාරයේ නින්දිත හා තුච්ච ආකාරයට පොලිස් දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක්කර නැත.
මෙම පොලිස්පති වික්‍රමරත්නගේ ක්‍රියාව පිලිබදව ශ්‍රි ලංකා පොලිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය විසින් වහාම එක්සත් ජාතින් ගේ සංවිධානය දැනුවත් කොට මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් සාමසාධක පොලිස් බල ඇණියට බදවා ගැනීම අත් හිටුවන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට මේ වනවිටත් අවශ්‍ය කරුණු රැස්කරමින් ඇත.
එසේම රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කළ පොලිස් නිලධාරියකු ත්‍රි පුද්ගල විශේෂ මහධිකරණයකින් චුදිතයෙකු කොට තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත දිනම උසස් වීමක් ලබාදීම අධිකරණයට හා එම නඩුවේ ඇසු දුටු සාක්ෂි දුන් සාක්ෂි කරුවන්ගේ ජීවිතයද දැඩි අනතුරකට හෙලා ඇත.
පොලිස් දෙපාර්තමේන්තුව තුල කිසිදු චෝදනා පත්‍රයක් හෝ නොදි විනය හේතුන් මත යැයි කියා ප්‍රධාන පොලිස් පරික්ෂක්වරුන් 09 දෙනෙකු හා තවත් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින් 47 දෙනෙකු හා පොලිස් සැරයන් හා /කොස්තාපල් නිලධාරින් 149 දෙනෙකු මිනිමැරුම් නොවන ඉතාම සුළු වැරදිවලට වසර 2 ක් 2 1/2 ක් කාලයක් තම අඹුදරුවන් සමඟ අපා දුක් විදිමින් සිටි. ඒ රංගජීවලා සේ රාජපක්ෂලා ගේ උවමනාවට මිනි නොමරා ඇති නිසාය.
ජාත්‍යන්තර පොලිස් අත්අඩංගුවේ සිට ශ්‍රී ලංකා පොලිසියට භාරදෙන ලද මදුෂ් වසරකට ආසන්න කාලයක් රදවා සිටියදි ප්‍රධාන කුඩු ජාවාරම්කාර නිමල් ලන්සා පිලිබදව තොරතුරු එලියට ඒම වලකාලීමට හා ඊට ගෝඨාභය ගේ සම්බන්ධය හෙළිවීම වැලැක්වීමට දේශ බන්දු විසින් ඉතා සැලසුම් සහගතව සුදානම් කල ස්ථානයකදි පොලිස් සැරයන් කෙනෙකු සමඟ පැමිණි රංග ජීව මදුෂ් මරාදැමීය.ඒ පිලිබදව අපි මීට පෙර අනාවරණය කලෙමු.
පාස්කු ප්‍රහාරයෙන් සහාරාන්ලාට අත් උදව් දුන් සියල්ලම දැන් උසස්වීම ලබා ඇතුවා සේම රැදෙවියන් 27 ක් ගෝඨාභය ගේ උවමනාවට මැරු රංග ජීවත් උසස්වීම ලැබීම පුදුමක නැත. එත් රටේ ඇතිවී තිබෙන් දැඩි අහේනිය නිසාම ඉදිරි කාලයේ රටතුල ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගි සිටීමට බොහෝදුරට ඉඩ ඇත.එවනි ඇවස්ථාවකදි උවත් මිනිසුන්ට වෙඩිතබා ප්‍රසිද්ධියේ මරාදැමුවත් ඒ සිල්ලම වෙනුවෙන් ගෝඨාභයලා පෙනි සිටින බවත්, ඔවුන්ව උසස්වීම් දී රැක බලා ගන්නබවට පොලිසියට දුන් සහතිකයක්ය.
මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව තුළ කුමන නිලධාරියෙකු හෝ කුමන අන්දමේ වරදකට සේවය අත්හිටුවා, වැටුප් රහිතව , උසස්වීම් රහිතව , සිටින්නේ නම් එම සියලුම නිලධාරීන්ට මෙම රංගජීව ගේ උසස්වීමත් සමඟ අධිකරණයට ගොස් තමාට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව හා මානව හිමිකම් නඩුවක් පවරා තමාටද උසස්වීම් සහ වැටුප් ලබාදෙන ලෙසට ඉල්ලීමේ අයිතිවාසිකමක් ඔබලාට ද හිමි වනු ඇත.