සෝමවීර චන්ද්රසිරි යනු පිළියන්දල ආසනය නියෝජනය කළ හිටපු පාරලිමේන්තු මන්ත්රීවරයෙකි.ඔහු මෙරට සිටි ප්රසිද්ධ කවියෙක්ද වේ. මැතිවරණයකට පෙර දේශපාලන රැස්වීමක් අමතමින් සිටි සෝමවීර චන්ද්රසිරිට නසරානි කොල්ලන් රැළක් හූ කියන ලදී.ඒ කොළු රැළේ හූව තඹ දොයිතුවකට නොසැළකූ සෝමවීර චන්ද්රසිරි සිය කතාව අවසන් කෙරුවේ මේ කවිය කියමිනි.
කොල්ලනම් සිටී නම් නරියන් හට දාව
උපතින් උන්ට උරුමය කවදත් හූව
කොල්ලනි මෙතනදී අද මට හූ කීව
අම්මා ළඟට ගෙන ගොස් මකවනු හූව
දේශපාලන දැනුමක් අවබෝධයක් ඇති දේශපාලඥයන් තමන්ට එරෙහිව විරෝධය දක්වන්නන්ට සිය ප්රතිචාරය දක්වන්නේ එලෙසය.මෙරට දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි රසවත් කතන්දර ඕනෑ තරම් තිබේ.
එහෙත් අද දවසේ දේශපාලඥයකුට හූ කීවොත් සිද්ධ වෙන්නේ හතරවෙනි
තට්ටුවට ගොස් කට උත්තර දෙන්නය.CID යේ මේස ලාච්චුවේ දමා ඇට දෙක දමා තලා ගන්නය.ඒ අද මෙරට පවතින ලුුුුම්පන් දේශපාලනයේ හැටිය.අද මෙරට ජනාධිපතියාගේ සිට ගමේ මැම්බර් උන්නැහේ දක්වා රඟන්නේ පාතාලයන් විදියටය.මෙරට පොලීසියද රාජකාරි කරන්නේ මේ නොසන්ඩාලයන්ට ඕනෑ ආකාරයටය.
පසුගිය දවසක මිරිහානේ කිරිපිටි පෝලිමක සිටිය ජනතාව මිල්ටෙරි නන්දසේන ඒ ස්ථානයෙන් ගමන් කරන විට හූ කියා ඇතැයි වාර්තා වේ.මේ හූවට මිල්ටෙරි නන්දසේන ගේ කේන්තිය මේ රටේ පවතින අපරාද නීතිය උඩු යටි කරන්නට තරමේ ආවේගයක් බවට පත් වී තිබේ.මිල්ටෙරි නන්දසේන ගේ ඒ නරුම ආවේගය සමාජය තුල ප්රකාශයට පත් කෙරුවේ පොලීසියේ මාධ්ය ප්රකාශකයාය කියා ගන්නා ගිරා පෝතකයාය.
එහිදී මාධ්ය ප්රකාශක පොලිස් ගිරා පෝතකයා පවසන ලද්දේ
මින් ඉදිරියට ජනාධිපතිවරයාට අපහාස කරන්නන්ට එරෙහිව අධිකරණ ක්රියා මාර්ග ගන්නා බවය.එය පොලීසියේ නිළ ඇඳුම තමන් විසින්ම ගලවාගෙන අමු හෙළුවෙන් ඉන්නවා වාගේ ප්රකාශයකි. වැඩේ කියන්නේ මේ ලැජ්ජාවක් නැති ප්රකාශය කළ පොලිස් ගිරි පෝතක ඡෙපො නිහාල් තල්දූව නීතිඥවරයෙකි.
මේ ගොබ්බ නීතිඥයා නොදන්නා ප්රධාන දේ නම් අපරාධමය වරදක් වශයෙන් රාජ්ය නායකයෙකුට අපහසු පහක කිරීම ගැනිය නොහැකි බව නව නීති වාර්තා දී පෙන්වා දී ඇති බවයි වහලතන්ත්රි එරෙහිව පොලිස්පති (SC/FR/768/2009 ) නැමැති නඩුවේ දී ඉතා පැහැදිලිව ඒ බව සඳහන්ව ඇත. ඒ බවක් නොදන්නා නීතිඥයෙකු යැයි කියාගන්නා ජේෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව නැවත නීති පොත් කියවිය යුතුය
පොලිස් ගිරා පෝතකයා කිසිම හිරිකිතයක් නැතුව අඟවන්නේ මිල්ටෙරි නන්දසේනගේ අසූචි තැවරෙණ අමුඩ හෝදන්නට පොලීසිය සූදානම් බවය.
අප එසේ කියන්නේ මෙරට අපහාසය දණ්ඩ නීති සංග්රහයෙන් දඬුවම් ලැබිය හැකි සාපරාදී අපරාදමය වරදක් නොවන නිසාය.මෙය සිවිල් නීතිය යටතට ගැනෙන වරදක් වන බැවින් අපහාසයකට ගොදුරුවන යම් පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් සිවිල් නීතිය යටතේ අධිකරණ ක්රියාමාර්ග ගත හැකිය.අපහාස නීතිය මෙරට දණ්ඩ නීති සංග්රහයෙන් ඉවත් කොට ඇත්තේ 2002 වර්ෂයේ පාර්ලිමේන්තු පනතකිනි.ඒ වන තෙක් සාපරාධී අපරාධමය වරදක් ලෙස පැවැති අපහාසය දණ්ඩ නීති සංග්රහයෙන් ඉවත් කරවා ගැනීම සඳහා ජනමාධ්ය තුළ ප්රබල සටනක් ගෙන යන ලද්දේ රාවය ප්රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් බව සිහිපත් කළ යුතුය.
මේ සිදුවීම් අස්සේ රජය අසභ්ය ප්රකාශන තහනම් කිරීමේ කෙටුම්පත පිළිබඳව නිකුත් කළ ගැසට් බලපත්රය බලරහිත කරන ලෙස අධිකරණ අමාත්ය අලි සබ්රි කටයුතු කර ඇත.අධිකරණ අමාත්යංශ ලේකම් වරයා මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනයක සදහන් කර ඇත්තේ අදාල පනත් කෙටුම්පත ගැන සිවිලි සංවිධාන හා සමාජ ක්රියාකාරිකයන් විසින් දැක්වූ ප්රතිචාර සළකා බලා මෙම කෙටුම්පත ඉවත් කර ගන්නා බවය.එහෙත් සංශෝධිත කෙටුම්පතක් නැවත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්යංශය කටයුතු කරමින් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
කෙසේ වෙතත් පොලිස් ගිරා පෝතක මාධ්ය ප්රකාශවරයා සිදු කළ අනතුරු ඇඟවීමෙන් අවධාරණය කර ගත හැක්කේ මින් ඉදිරියේදී ජනාධිපති වරයා හෝ රජයේ ප්රබලයෙකුට හූ කීම වැනි ක්රියාවක් කළ හොත් දණ්ඩ නීති සංග්රහයේ 120 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්රියා මාර්ග ගැනීමට පොලීසිය සූදානමින්සිටින බවය.දනිස 120 වගන්තිය දක්වා ඇත්තේ මෙලෙසය.
“..කතා කරනු ලැබූ හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥා වලින් හෝ දැකිය හැකි නිරූපනවලින් පිහිටවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්රියාවේ යෙදවීමේදී වෛරයක් අගෞරවයක් ඇති කරවතොත් හෝ ඇති කර වීමට
තැත් කරවතොත් හෝ නිත්යානුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටුවනු ලැබූ යමකි වෙනස් කරවීමට රජතුමාගේ වැසියන් උනන්දු කරවතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබදු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරු වූවද අසමගි වූවද හැගීමි වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහුට අවුරුදු දෙක දක්වා කාලයක ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතුය..”
මෙම වගන්තියේ පැහැදිලි කිරීම් වල දක්වා ඇත්තේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නන්ට එරෙහිව මේ වගන්තිය අදාල කර ගත නොහැකි බවය.එහිදී තව දුරටත් ආණ්ඩුව විවේචනය කිරීමකදී අත්අඩංගුවට ගත නොහැකි බව දැක්වේ.කෙසේ වෙතත් දනිස 120වගන්තිය භාවිතය ගැන ශ්රේෂ්ඨාධිකරණය අවස්ථා ගනනාවකදී අර්ථ විවරණ තීන්දු ගනනාවක් ප්රකාශයට පත් කර තිබේ.එහිදී අපහාසත්මක චෝදනාව මත 120 වගන්තිය අදාල කර ගත නොහැකි බව අවධාරණය කොට තිබේ.තව දුරටත් රජයට එරෙහිව ප්රචන්ඩත්වය යොදා ගන්නේ නම් පමනක් 120 වගන්තිය යටතේ යමෙකුට එරෙහිව නීතිය ක්රියාත්මක කළ හැකි යැයිද දක්වා තිබේ.
මිලිටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුල දැන් ඇත්තේ වියරු වැටී කම් ඕ ගෝ චිකාගෝ සයිස් එකේය.මේ පාදඩයන්ට ආණ්ඩු ක්රම ව්යවස්ථාව ද.නි.ස ,අ.න.වි.ස අරහංය.මිල්ටෙරි නන්දසේන හිතාගෙන ඉන්නේ රටේ පවතින නීතිය කියන්නේ උන්දෑගේ කට වචනය බවය.දැන් බරපතල ප්රශ්ණය වී ඇත්තේ මේ මානසික ආබාධිතයාගේ කෙරුවාව නොවේ.මේ වාහේ කියන කියන විදියට නටන්නට පොලීසියේ මහ එවුන් රොත්තක් සූදානම්ව සිටීමය.මෙි පොලිස් වහළුන් රාජපක්ෂ තක්කඩියන් ගේ වැසිකිලි හෝදන්නන් බවට බවට පත්වී පොලීසියේ වෘත්තිමය ගරුත්වය පාවා දෙමින් සිටී.නීතියට රාජකාරි කරන පොලීසියේ බොහෝ නිළධාරීන් මේ තත්වය ගැන සිටින්නේ බලවත් කණගාටුවෙනි.වේදනාවෙනි.
කෙසේවෙතත් හෙට අනිද්දා වෙන විට මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ නොසන්ඩාලයන්ට ජනතාව හූ කීමෙන් සෑහීමකට පත් නොවන වටපිටාවක් සමාජය තුළ නිර්මාණය වෙන බව නම් සහතිකය.එදාට රාජපක්ෂ තක්කඩියන්ගේ අසූචි තැවරුන අමුඩ හෝදන පොලිස් වහළුන්ට යන එන මං නැති වෙන බව නම් කැට තියා ප්රකාශ කළ හැකිය