ශ්‍රි ලංකාපොලිසිය මෙ වනවිට ඇත්තේ මුළු මනින්ම දේශපාලනීය කරණය වීය. එසේ පොලිසිය නිකම්ම දේශපාලනීකරණය වුවා නොව පොලිස්පතිලා හා අනිකුත් උසස් නිලධාරින් පොලිසිය රැගෙන ගොස් දේශපාලකයාග් දෙපතුල තැබුවාය.
පසු ගිය චන්ද්‍රිකා ජනාධිපති ගේ කාලය තුලදී ඡන්දයට පෙර දිනදී පොලිස් ස්ථානාධිපත්වරුන්ට කතාකොට ඒ පලාතේ මංත්‍රිලාට ටි-56 ගිනිඅවි ඉල්ලාසිටි යුගයක්ද, රාජපක්ෂ පාලන්යේදි ප්‍රාදේශිය සභා සභාපති ගේ ලිපියක් හා පලාතේ මංත්‍රි ගේ ලිපියක් නැත්නම් පොලිස් ස්ථානාධිපති තනතුරු නොදීමද සිදු විය.
ඉතාම දක්ෂ හා අවංකවම රටට සේවය කිරීමට සිටි විශාල පිරිසක් කාලකන්නි දේශපාලකයන් ගේ පිටුපස නොගොස් සමහර නිලධාරින් විදෙස් ගත්විය. ත්වත් සමහරක් පොලිස් සේවයට සමුදී වෙනත් රැකියාවලට ගොස් ඇත.
අහිංසක පොලිස් කොස්තාපල් වරුන්,සැරයන්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින් මේන්ම සමහරක් රාජ්‍ය නිවේදිත නිලධාරින්ද තම සේවය අවංකවම ඉටු කිරීමට ගියත් පොලිසිය තුල පොලිස්පතිගේ සිට උඩම ඇවරිය දේශපාලනයේ ගැත්තන් වීම නිසා බොහෝ නිලධාරින් නිතියානුකුලව තමාට පැවරී ඇති රාජකාරිය වත් ඉටු කිරීමට භය වීඇත.
පොලිස්පතිවරු ප්‍රධාන පාතාල නායක්යන් තම නිවෙස් වලට ගෙන්නා ගැනීම මෙන්ම උන්ගෙන් ජීවත් වීම මේ වන්විට ඉතාම උග්‍ර තත්වයක් වී ඇත.
අදවන විට පොලිස්පතිවරු මිනිමැරීමට ආධාර අනුභල දීම් ,මංකොල්ලකෑම්, හා දුෂණ ක්‍රියාවලට සිරගතව සිටීමම මෙයට කදිම නිදසුන්ය.
පොලිස්පති වික්ටර් පෙරේරා, වික්‍රමරත්න ,මහින්දබාලසුරිය, චන්ද්‍රාප්‍රනාන්දු ,මෙන්ම දැනට වැලිකඩ සිරබත්කන වාස්ගුණ්වර්ධන වැන්නවුන් පොලිසිය අද මේ නරකාදියට දක්කාගෙන පැමිණි කාලකන්නීන් බවට ඉතිහාස ගතව අවසන්ය.
ඒත් දිනපතාම මහජනතාවගේ ගැරහුමට පත්වන පොලිස් කොස්තාපල් වරුන් කිසිවකුත් එසේ සිරබත් නොකෑම තුලින් කියාපාන්නේ අන් කවරක්වත් නොව පොලිසිය දේශපාලනීකරනය
කිරීම හා අනිකුත් දුෂණ ක්‍රියා වැඩිමන්ක් සිදු කොට ඇත්තේ පොලිසියේ ඉඅහලම නිඅලධාරින් බවය.
මෙම තත්වය තුලින් ශ්‍රි ලංකා පොලිසිය ගලවාගෙන නිතිය සැමට එකහාසමානව ක්‍රියාත්මක කිරීමට මෙන්ම ඒ නිතිය නිවරදිව ක්‍රියාවේ යොදවන නිලධාරින් ආරක්ෂා කරගැනීමට හා ඔවුන් වෙනුවෙන් ශ්‍රි ලංකාව තුල හා ඉන් පිටතදී රැකබලා ගැනීම මෙම සංවිධානයේ මුලිකම් අරමුණ වී ඇත. මේ වන විට බ්‍රිතාන්‍ය ,ඉතාලිය,ප්‍රංශය, ඔස්ට්‍රේලියාව,කැනඩාව, යන රටවල ජීවත් වන කලක් ශ්‍රි ලංකාපොලිසිය තුලවිවිධ නිලතල වල රාජකාරි කල නිලධාරින් සාමාජිකයන් වී ඇත.
ඔබත් කුමන නිලයක ශ්‍රි ලංකාපොලිසිය තුල රාජකාරි කලද මෙම සංවිධානයේ සාමාජිකත්වය නොමිලේ ලබාගැනීමටත් ,තම සහෝදර නිලධාරින් ට හා සමසථ රට වැසියාට යුරොපයේ පොලිසියක් දායාද කිරීමට අපහා අත්වැල් බැද ගැනීමටත් ඔබට දැන් අවස්ථාව ඇත.
අමතන්න ; 0044-7427420089