උණුසුම් පුවත්

මාර්තු ඡන්දෙට බැසිල් දෙන ගිනිගුලි කා වමාරන්න වෙන්නේ රටේ ජනතාවටයි.

Spread the love

ආණ්ඩුවේ සහන දෙන්න බිලියන 700 ක් සල්ලි අච්චු ගහලා   අයවැයෙන් සතපක් වත් වැඩි කිරීමට නොහැකියැයි කී බැසිල් -ගෝඨා දෙබෑයන්ට දැන් කප්රුක පහළ වෙලා යයි යමෙකු සිතනවානම් ඌට ගෝඨාට වඩා පිස්සු තද වු නාම්බෙක් වියයුතුය.

රාජ්‍ය සේවකයන් හෝ විශ්‍රාමිකයන් හට මේ මුදල් දෙන්නේ නැවත රටේ සමස්ථ ජාතියටම වමාරන්න, රුපියල් බිලියන 800 ට ආසන්න මුදලක් අච්චු ගසා ය. ආර්ථික විද්‍යාවේ මුලික සිද්ධාන්ත වත් නොදන්න මීහරකෙක්ද කීමට අපි නොදනිමු. ඒත් රටේ මුදල් අච්චු ගැසීම උද්ධමනය ඉහලයාමට ප්‍රධානම බලපාන සාධකයක් බව අපි ඉගෙන ගන්නේ උසස් පෙල ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න විටය.

මෙම සිද්ධාන්ත රාජපක්ෂ මැදමුලන පිස්සන්ගෙ කාලක්න්ණි පවුලකට වෙනස් කල නොහැකි සිද්ධාන්තයන්ය. රටක ඉල්ලුම හා සැපයුම, ආවස්ථික පිරිවැය, හෝ ඒක පුද්ගල ආදායම, දල දේශීය නිෂ්පාදිතය, හෝ උද්ධමනය පිලිබදව මළ පොතේ අකුරක් නොදන්නා පල් හොරෙකුට මුදල් ඇමතිකම බාර දුන්නේය.

සිංහල භාෂාව කියවීමට නොහැකි පල් හොරෙකු ඇමරිකාවේ සිට ආනයනය කිරීමට තරන් සැදි පැහැදි සිටි කාලකන්ණි සම-හරක් ශ්‍රි ලාංකිකයන්ට ඔවුනට දැන් සිදුව ඇත්තේ ගලේ රීපු බළලාට සිදු වූ දෙයකි.

අපි කියන දේ, අපි ලියන දේ ,තොපි භුක්ති විදී තවත් මසක් හෝ දෙකක් ඇතුලත. දැන් මේ සහන දෙන්නේම මාර්තු  පැවැත්වීමට යන මැතිවරණය නිසාය. සෑම ගමකටම රුපියල් මිලියන් 150 ක් හා තම ප්‍රදේශීය සභා නියෝජිතයාට හා ගමේ හයිරන්කාරයාට කොන්ත්‍රාත්තුව දි ප්‍රාදේශීය සභා ඡ්න්ද කොල්ලයකට දැන් කැස පොට ගසන බව අපි ඉතා වගකීමෙන් මතක් කරන්නෙමු.

අද රජයේ සේවකයාට සහ විශ්‍රාමිකයාට බැසිල් රාජපක්ෂ දෙන්නේ රුපියල් පන්දහක් නොව දෙන්නේ ගිනි ගුලියකි. මෙය කා  ඡන්දයකින් පසුව නැවත වමාරන්න වෙන්නේ  සමස්ත ජනතාවට ම ය .


Spread the love

Leave a Comment

You may also like