උණුසුම් පුවත්

රට කෑව දිලිත් ජයවීර ක්‍රිකට් ක්ෂෙත්‍රයට.

Spread the love

ලංකාවේ ඇන්ටිජන් කට්ටල වෙළඳාමේ සිට මාධ්‍ය, දැන්වීම්, හෝටල්, ජිම්, තේ, ට්‍රැවල් යන ක්ෂෙත්‍ර ගණනාවක අයිතිකරු වන දිලිත් ජයවීර ක්‍රිකට් ක්ෂෙත්‍රයටද පිවිසෙන්නට යයි.
ඒ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ මීළඟ සභාපති ලෙස පත් වීමට බලාපොරොත්තුවත් සමගය.
ගාල්ල සා.ඇලෝසියස් විදුහලේ ආදි සිසුවකු වන දිලිත් පාර්ලිමේන්තුවට යාම සඳහා ගාලු දිස්ත්‍රික්කයේ හබරාදූව ආසනයෙන් තරග වැදීමටද සූදානමින් සිටියේය.
දැන් මොහු ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයට පිවිස ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයටද පිවිසීමට බලාපොරොත්තු වන බවක් කියැවේ.
පසුගිය ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා සමාජ 26 ක් අතරින් අවසන් ස්ථානයට පත් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමට එක තරගයක් හෝ ජය ගත නොහැකි විය.
මෙම අසාර්ථක වූ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හා ක්‍රිකට් ලේකම් විසින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති වන කුමාර් සමරසිංහ එළවා දමා දිලිත්ව එහි සභාපති පුටුවට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ලංකා දවසට වාර්තා වේ.

Spread the love

Leave a Comment

You may also like