මෙරට අගනා සම්පතක් ව පැවැති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත











ශාලාව 1950 වර්ෂයේදී කර්මාන්ත දෙපාර්තමේන්තුව යටතේ ඇරඹිනි.ගුනාත්මක බවින් යුතු සිමෙන්ති හා සිමෙන්ති ආශ්‍රිත නිශ්පාදන රටේ අවශ්‍යතාවට සරිලන ලෙස සැපයීම මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අපේක්ෂාව විය.මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාව ජර්මනියෙන් ලංකාව වෙත හිමි වූ සංවර්ධන ආධාර ව්‍යාපෘතියකි.අක්කර හත්සීයයක් පුරා පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සිමෙන්ති නිපදවූ කම්හල අක්කර එකසිය හැටපහක භූමි භාගයක් පුරා
ඉඳි වී තිබුණි.මෙහි ස්ථාපිත කරන ලද යන්ත්‍ර සූත්‍ර පවා ජර්මන් නිෂ්පාදනයන්ය
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වසර සියයක් දක්වා වූ ගිවිසුම් ගත ජර්මන් වගකීම් සහතිකයක් පවතී.එම වගකීම අවසන් වන්නේ 2050 වසරේදීය.
එහෙත් මෙරට උතුරු නැගෙනහිර පැවැති යුද සමයේදී කන්කසන්තුරේ සිමෙන්ති කම්හල වසා දමන ලදී.ඒ 1995 වසරේදීය පසුව මෙම ප්‍රදේශය එල්ටීටී ක්‍රියාකාරකම්වලට යටත්ව පැවැතියේය.එහිදී මෙම කම්හට කිසිදු හානියක් නොකිරීමට එල්ටීටී ප්‍රධානින් වග බලා ගත් අතර එහි ආරක්ෂාවට එල්ටීටී කණ්ඩායමක් යොදවා සිටි බවද කියවේ.
මෙරට පැවැති යුද්ධය අවසන් වීමෙන් පසු එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ මිල්ටෙරි නන්දසේනද 2010 වසරේදී මෙම සිමෙන්ති කම්හල් භූමිය නිරීක්ෂණය කිරීමට ගොස් තිබේ.
සිමෙන්ති කම්හලට කණ කොකා ඇඬුවේ මේ හොර දෙටුවන්ගේ සංචාරයෙන් පසුවය. එල්ටීටීය පවා කිසිදු හානියක් නොකොට ආරක්ෂා කර ගත්
මේ වටිනා සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කොට සිය ජාවාරම්කාර තක්කඩියන් සමග එහි තිබූ යන්ත්‍ර සූත්‍ර අබිලි යකඩ වලට විකුණා දැමීමට මිල්ටෙරි නන්දසේන කටයුතු කරන ලදී. ම්න් රජයට සිදුවූ තක්සේරු නොකරන ලද පාඩුව බිලියන දහය ඉක්මවා ගොස් ඇති බව දැනගැන්මට තිබේ.
ම්ල්ටෙරි නන්දසේන හා ජාවාරම්කාර හොර නඩය මෙහි තිබූ අබිලි යකඩ අලෙවි කොට ගත් විශාල මුදල යටි මඩි ගසා ගන්නා ලදී.මෙම මහා වංචාව මෙතෙක් අනාවරණය වී ඇත්තේද නැත. අපි සුදනන් ලෙස සමාජයේ පෙනී සිටින රාජපක්ෂ හොර දෙටුවන් විසින් මෙරට අනගි සම්පතක්ව පැවැති මේ සිමෙන්ති කම්හල මෙලෙස විනාශ කිරීම සහ ගහන අපරාදයක් බව සඳහන් කළ යුතුමය.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල රාජපක්ෂ හොර දෙටුවන් විසින් විනාශ කිරීම පිළිබඳව මෙරට ජනතාව එතරම් දැනීමක් හෝ අවබෝධයක් නැති බව අපි දනිමු.එහෙත් මෙම කම්හලෙහි වටනාකම කොතෙක්ද යන්න එල්ටීටී ත්‍රස්තවාදීන් පවා දැන සිටි බව යුද්ධය පැවැති දිනවල එය ආරක්ෂා කිරීමට ඔවුන් ගත් ක්‍රියා මාර්ගවලින් තහවුරු වේ.මින් එක් කාරණයක් අපට පැහැදිලි වේ.ඒ රාජපක්ෂ කාලකන්ණි හොර දෙටුවන්ට වඩා එල්ටීටීය පවා මේ භූමියේ සම්පත් වලට ආදරය කළ බවය.
තවදුරටත් මේ කාලකණ්නි රාජපක්ෂ පාදඩ රැළ ජනතා මුදලින් නඩත්තු කිරීම ගැන අපට ඇත්තේ බරපතල කණගාටුවකි.ජාතිය හා ආගමට මුවා වෙමින් මේ කාලකණ්නි පාදඩයන් රටට සිඳු කළ මුල්‍යමය අපරාධ වලට කවදා හෝ දඬුවම් පමුනවන නායකයකු රටේ පාලනය බාර ගත යුතුමය.නැතිනම් මේ රටේ අනාගතය මහා ඛේදවාචකයක් වනු ඇත්තේය.