උණුසුම් පුවත්

ඇමති 50 කට දිලිත් ගෙන් සුපිරි අවුරුදු පාටියක් සියල්ලටම ඇපල් ෆෝන් එකක් ගෝඨා එක්, එක් ඇමති ළඟට ගොස් දුක අහල.

Spread the love

2022 වසර උදාවීමට පෙර ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුව තුලින් ඇතිවී තිබෙන විවේචන සමනය කිරීමට ඇමතිවරු 50 ක් දිලිත් ජයවීර විසින් නව වසරේ කැදවා තිබුණි. ඊට ප්‍රධාන ආරාධිතයා ලෙසට කැදවා තිබුණේ ගෝඨාභය ජනාධිපතිවරයාය.

ආණ්ඩුව කඩා වැටීමකට ලක් වුවහොත් ඊට ප්‍රධානම වගකිව යුත්තා දිලිත් ජයවීර හා නිස්සංක සේනාපති බවට ප්‍රභල ඇමතිවරු ගනනාවක් පසුගිය දා චෝදනා කලේය. ඒ නිසාම මෙම රාත්‍රි  භෝජන සංග්‍රහය පැවැත්වීමට දිලිත් තීන්දුකලා විය යුතුය. ඊට වාසු දේව නානායක්කාර ,උදය ගම්මන්පිල්ල හා විමල් වීරවංශ දයාසිරි ජයසේකර පවා සහභාගි විය.

අපගේ අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන ආකාරයට මදු විතෙන් සප්පායම වු මොහොතේ ගෝඨාභය පුද්ගලිකවම එක් ,එක් ඇමැති, නියෝජ්‍ය ඇමතිවරුන් අසලට ගොස් තමාට පසු ගිය කාලයේ හමුවීමට බැරි වු බවත් ඉතාම වෙහෙසකාරී තත්වයක් තිබු නිසා ඊට සමාව ඉල්ලීමට තරන් ගෝඨාභය නිහතමානි වී ඇති බවද දැන ගැනීමට ඇත. මෙහිදි පැමිණි සියල්ලම තවත් කිසිදු ප්‍රශ්ණයක් ඉදිරි කාලයේ ඇති නොවීමටත් තමන් භාරයේ ඇති සියළු අමාත්‍යංශවලට හා ඊට අයත් ආයතන වලට අධ්‍යක්ෂක මංඩලයන් පත්කර ගැනීම හා සභාපති පත් කිරීම සියල්ලම මින් ඉදිරියට සියළුම ඇමතිවරුන්ට භාර දීමටත් තීරණය විය.

එසේම වහාම ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉවත් කිරීමටත් එකඟ විය. තමා මින් ඉදිරියට සියළුම තීන්දු ගන්නේ ඇමතිවරුන්ට වුවමනා ආකාරයට බවට පොරොන්දු වී ඇත.

විමල් ,වාසු, ගම්මනපිල්ලලාගේ දණ නමස්කාරය ඉතාම හා‍ය්‍ය ජනක බව මෙහි සිටි එක් ඇමතිවරයෙකු උළුක්කුවට කියා ඇත. ඉදිරි වසර කීපය තුල තම පාක්ෂකයන් ගේ මනදොළ සපුරන යුගයක් වුදාවන බව නම් සහතිකය . ඒ අනුව නැවත වටයකින් දිලිත්ලා, නිස්සංකලා හා රාජපක්ෂ ගජමිතුරන් රටේ ඇති ඉතුරු දශමයත් හුරා කනබව නම් අපිට පෙනේ.

මෙම සාදයෙන් පසුව පිටවයන සෑම ඇමති නියෝජ්‍ය ඇමතියෙකුටම iphone  13 එකක්  ගෝඨා ගේ අතින් දීමට තරන් දිලිත් ජයවීර සමත්ව ඇත. හෙට සිට පෝලින් වල සිටින ඔබට ගෝඨාභය ගේ ගුණ වයන ඇමතිවරුන්ගේ  හඬ ඇසෙනු ඇත.

දැන් අපිට පෙනියන්නේ මේ ඇමතින් 50 ට කන්න බොන්න දී ෆෝන් එකක් දීමෙන් රටේ සියළු ප්‍රශ්ණ විසදි ඇති බවයි .ගෝඨා, දිලිත්ලා , නිස්සංකලා එසේ සිතනවා විය හැකිය.


Spread the love

Leave a Comment

You may also like