උණුසුම් පුවත්

ඇමරිකාවේ නත්තල් සැපගන්න ” රාජපක්ෂ දඩෝරියා “ලංකාවට ආවගමන් ටෙලොකොම් ඉතුරු ඉඩම් ටිකත් ඈවරයි…… දෑවරයි….ඉන්දියාවට.

Spread the love

අද වසරේ අවසාන දිනය දෙසැම්බර් 31 දක්වාම පවුල පිටින්ම ඇමරිකාවේ සිට සැප ගැනීමෙන් පසුව නැවත වරක් මෙරටට පැමිණ රටේ  ජනතාවගේ දේපොල විකුණා දැමීමටත් පට්ට පල් බොරු කියා දෙරණෙන් ඔළු හේදීමටත් සභාපති රොහාන් හා බිරිද වරුණි අමුණුගමත් පැමිණෙනවා ඇත.

දඩාවතේ යන බල්ලන්ට එක් ස්වාමියෙක් නොවුනාට මස් කට්ටක්ලොවන්ට දෙන එකම ස්වාමියාට කීකරු බල්ලන් අනන්තවත් ඇත. ඒ ආකාරයෙන් රාජපක්ෂලාට කීකරු බල්ලන් දමා ඇත්තේ තමන්ට යහමින් හම්බකර ගැනීමට පුළුවන් ආයතන වලටය.

ඉන් එක් අයෙක් වන්නේ ටෙලිකොම් සභාපතිය. ටෙලිකොම් සභාපති දැන් දිගටම ඉඩම් මනිමින් ඉන්නේ හාම්පුතාගේ කීමට ඉඩම් ටික එක පොදියට කුණු කොල්ලෙට විකිණීමටය.තමන්ටත් ගානක් කඩා වඩා ගැනීමේ ආපුරු ඉතිහාසයක් ඇති මොහු දැන් ලහි ලහියේම පහත ඉඩම් මනින්නේ ඉන්දියානු සමාඟමකට විකිණීමට බව අප වෙතට සේවකයන් හා වෘතීය සමිති ලේඛණ සහිතවම පෙන්වා දී ඇත. ඒවා පහත පරිදි දැන් මැන සුදානම්ව ඇත.
1.ප්‍රධාන රථ ගාල (execuitve car park )
2.කොටුගොඩ අක්කර 22 ක ඉඩම
3.මීගමුව කොත්තෝඩේ පිහිටිනිල නිවාස අයත් ඉඩම හා ඊට අදාල පිට්ටනිය   අක්කර  05 ක්
4. පෑලියගොඩ වාහන අළුත්වැඩියා අංගනය (මේ පිලිබදව වෙනමම ලිපියක් පසුවට )
මෙම ඉඩම් සියල්ලම දැන් මැන අවසන්ය .

ඉඩම් සියල්ලම රොහාන් ලංකාවට පැමිණිවහාම ඒකාබද්දවම ඉන්දියාවට විකිණීමට සුදානම්ය. මේ ඉඩම් වරුණි ගේ කසාදයෙන් අමුණුගම පවුලෙන් ලැබුණ දැවැද්දක්නම් අපිට ඇති රුදාවක් නැත. අපිට ඇති රුදාව මේ සියල්ලම මතු උපදින හා ජීවත්ව සිටින දරුවන්ගේ ඉඩම්ය.

ආණ්ඩුව පැරදුණුවිට රොහාන්ලා නවතින්නේ ඇමරිකාවේය. නැවත ලංකාවේ නම් ආසවටවත් පස් පෑගීමට රටේ බුද්ධිමත් ජනතාව ඉඩ නොදෙනු ඇත. අමුලික බොරුකියා බලයට පැමිණි කාලකන්ණි රාජපක්ෂලා අද උන්ගේ මස්කටු කන බල්ලන් ලවා රටේ ඉඩ කඩම් තුට්ටු දෙකට චීනයට ,ඉන්දියාවට විකුණන්නේ කිසිදු වග විභාගයකින් තොරවය.

ටෙලිකොම් කැම්පස් එක ගත්තේද රංජිත් රූබසිංහගේ ගනුදෙනුවට රාජපක්ෂ පවුලේම කෙනෙකි . ඒ සල්ලිවලින් ලැබුණ කොමිස් මුදල් තැන්පත් කර ඇති තැන් අපි නොදන්නවා නොවෙයි. රංජිත් රූබසිංහට ඒ බවත් අපි සිහි ගන්වන්න කැමැත්තෙමු. දැන් ටෙලිකොම් සේවකයන් එකාමෙන් නැගිට තම භූමියේ අයිතිය රැකිය යුතුය. අනිකුත් දේශපාලන පක්ෂවලටත් අපි දැනුම් දි සිටින්නේ මේවට විරුද්ධව නැගි සිටින ලෙසයි.


Spread the love

Leave a Comment

You may also like