කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ශාන්ති කුමුදුනී විසින් ඇගේ පෞද්ගලික ලේකම්වරයාට (අනුර) රජයේ මුදලින් කිරිබත්ගොඩ පොල පරිශ්‍රයේ කඩකාමරයක් සකස් කර දීමේ සිද්ධියක් හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවට කොමසාරිස්වරයකු පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එම ප්‍රාදේශීය සභාවේ කිසිදු මන්ත්‍රීවරයකුට නොකියා අදාළ කඩය රජයේ මුදලින් සකස් කර ඇති අතර එය ලේකම්ට දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින්ද තොරවය.
පෙත්සමක් මගින් මේ පිළිබඳ තොරතුරු සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම්දීමෙන් පසුව ආණ්ඩුකාරවරයාට දැඩි පීඩනයක් එල්ලවීම මේ තීන්දුවට හේතුව වී ඇත.
මේ කඩයට විදුලිය ගෙන තිබුණේද හොරෙන් වන අතර එය හසුවීමෙන් පසුව අමාත්‍ය ප්‍රසන්න රණවීර මැදිහත්ව එම ප්‍රශ්නය විදුලි සමාගමේ සමාන්‍යාධිකාරීවරයාට බලපෑම්කර වසාගෙන තිබේ.

කෙසේවුවද, මේවන විට කඩ කාමරය අනුරට අයත් රෙදිපිළි තොගයක්ද සමඟ වසා දමා ඇති බව වාර්තා වේ.
මෙම කඩය ලබාදීම නීත්‍යානුකූල කිරීම සඳහා අනුරගෙ බිරිඳට සුළුමුදලකට ලබාදීම සඳහා ඊයේ (29) පැවැති මුදල් කමිටුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබූ බවද වාර්තා වේ.
පසුගිය බදාදා පැවැති කැලණිය ප්‍රාදේශීය සභාවේ මහා සභාවේදී ශ්‍රීලනිප මන්ත්‍රී තිලක් වීරසිංහ විසින් විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
එහිදී 69 ලක්ෂයක ජනවරමක් ලබාගෙන රාජපක්ෂ පවුල විසින් රටේ සම්පත් සූරාකමින් යෙහෙන් වැජබෙන අතරේ තිස්තුන් දහසක ජනවරමක් ලබා රණවීර පවුල කැලණි ප්‍රාදේශීය සභාවේ සම්පත් සූරාකමින් සිටින බවට චෝදනා එල්ලකර ඇත.
තිලක් එහිදී ප්‍රාදේශීය සභාවේ ලොකු කොන්ත්‍රාත් සියල්ල සිදු කරනු ලබන්නේ මැටි ඇමති ප්‍රසන්න රණවීරගේ මස්සිනා (අසේල) බවත්, ඇලවල් හෑරීම හා ප්‍රාදේශීය සභාවේ පාරවල් සඳහා අල්ලන ගල් නිෂ්පාදන කරනු ලබන්නේ ඇමැතිවරයාගේ පවුල චාන්දනී බවත්, මේ කොන්ත්‍රාත් නිරීක්ෂණය කරනු ලබන්නේ සමෘධි නියාමකයකු ලෙස රැකියාවක් ලබාගෙන සිටින ඇමතිවරයාගේ මල්ලි (ප්‍රියන්ත) බවත් හෙළිකර තිබේ.
මෙසේ පසුගිය කාලය තුළ කැලණි ප්‍රාදේශීය සභාවේ කෝටි ගණනක මුදල් රණවීර පවුල කොල්ල කා ඇති බව ද පවසා ඇත.
හිටපු ඇමති මර්වින් සිල්වා මීට වඩා වැදගත් බවද, ඔහු ජනතා මුදල් කොල්ල නොකෑ බවද පවසා ඇත.