උණුසුම් පුවත්

හිරු සඳු චයිත්ත රාජයා සහ සිංහ රාජ ප්‍රතිමාව.

Spread the love

සිරි ලංකපුරේ ඡන්දදායකයගෙ මොලේ සයිස් එක දන්න කපටි දේශපාලකය ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙකං ගෙඩි සප්ලයි කරන තියරිය පාවිච්චි කරල පාලකය වෙනව.

රාජපක්ෂවරු තමයි අදට ලංකාවෙ ජනවිඤ්ඤාණෙ අකුරටම කියවගෙන ඊට ගැලපෙන බ්‍රෑන්ඩ් නේම් එක හදාගෙන, ඒ ඒ බනිසෙට ඕන කරන්නෙ ආනමාලුද? කෝලි කුට්ටුද? ඇටිකෙහෙල්ද ? කියල හරියටම බලල දෙන්න දන්න පිරිස.

ඒ අයගෙ දරු මුණුපුරෝ පවා පල්ලියෙ භෞතීස්ම කරනව මේ ඇස් දෙකට පේනව.
ඒත් ජනවිඤ්ඤාණෙට ඒක මිස් වෙනව.
රටේ මිනිස්සු ඒව මළාට විශ්වාස කරන්නෙ නෑ..
විශ්වාසකරන්නෙ රාජපක්ෂල ඉන්නව නං සිංහල බෞද්ධ කණ්ඩායම නිසැකයෙන්ම රැකෙනව කියල විතරමයි.
හැබැයි බෞද්ධ ආගමික විරොා්ධී වැඩ කටයුතු කරන තරමක් කරන්නෙත් ඒ අයම තමයි.
ඒ තිබිලත් අර බ්‍රෑන්ඩ් නේම් එක අබමල් රේණුවකින්වත් වෙනස් නොවී නූලටම නඩත්තු කරගන්න ඒ අය හරිම හපන්නු.

ඔය දියසෙන් කුමරු කියන මනංකල්පිත ඉස්ටෝරිය, කැලණි ගඟ දෙපලු කරන් මතු වුණ නාගලෝකෙ නයි පැටියා සහ නයි දාතුව වගේ කාරණා පවා ස්පර්ශ කලේ ලාංකේය ග්‍රාම්‍ය මොංගල් ජනමනස.

අද දවස බලන්න……..

අද වෙන කොට දියසෙන් කුමාරය කියල උස්සං ආපු මළහත්තිලව්ව මෙලෝ රහක් නැති දරහැවක් කියල තේරුණත්, ඒ අය සිංහල බෞද්ධය කියන මොංගල් ජනමනස තුළ ජාතිය ආගම රැකගන්න නං රාජපක්ෂලම තමයි කියන පිණිවිඩය නිරතුරුව එන්නත් කරමින් නඩත්තු කරනව.

එකාතකින් වසංගතෙන් රට නැති කරල කුජීතම කරල, අනික් අතින් ආර්ථික අතින් රට බංකොලොත්ම කරල විනාසම කරලත් අර ජනවිශ්වාසය උඩ ඕන දුකක් විඳගෙන මිනිස්සු අල්ලන් ඉන්නව.

පහුගිය ටිකේ රණවිරු සෑය කියල යුධ ජයග්‍රහණය සමරන්න චයිත්තියක් හදල දුන්නම පූජකයොයි, සුදු සරං බැනියං ඇඳගත්තු තරුණයො පවා පෙරලි පෙරලි ඒක වටේ වැඳ වැඳ මාර නිරාමිස ආතල් එකක් ගන්නව.

උන්ට රටේ නීතිය සාධාරණය ප්‍රජාතන්ත්‍රවාදය වැලලුණාද නැද්ද? කෑම බීම ගිණි ගනන්ද නැද්ද යන ලයින් එක මීටර් වෙන්නෙම නෑ..
අනේ අපි ලබා උපන් හැටියටනෙ බබා වැනෙන්නෙ,
ඔන්න ඔහො ගස්ගෙඩියක් තම්බං කාල,
කැලේ රීල, ඇලෙන් පුප හෝදගත්තත් රාජපක්ෂ රජතුමාල යෙහෙන් වැඦඹෙන හින්දනෙ මේ පිංබිම අපිට තියෙන්නෙ කියාන හිතනව.

ඊලඟ ආත්මෙත් මේ පිංබිමේම මෙහෙමම ඉපදේවා කියල ප්‍රාර්ථනාත් කරනව.

ඒ අස්සෙ රට තව තව වළපල්ලට යන කොට, ඕන්න මුස්ලිම් සිංහල ටෙන්ෂන් එක තිබ්බ නැගෙනහිර පැත්තෙ, පත සිංහ ප්‍රතිමාවක් අඹනව.
අඩෝව් අපි සිංහයගෙන් පැවත එන සිංහල. තොපි ටම්බි..
අපි තමයි ලොක්කො හරිය කියාගෙන වගේ දැනෙන ආතල් එකක් මෝඩ හිංගල බවුජ්ජ ජනවිඤ්ඤාණෙට ප්‍රබල එන්නත් ඩෝස් එකක් දෙනව.

දැන් ඉතිං ඔය සඳහිරු සෑය ගඩොල් ගොඩයි, නැගෙනහිර සිංහ ගඩොල් ගොඩයි එක්ක තව අවුරුදු පහකට දහයකට රාජපක්ෂ නාමය ජනවිඥ්ඥානය තුළ ගලේ කෙටුව වගේ තැන්පත් වෙනව.

හොරා කෑවත් රාජපක්ෂ සර්ල ඉන්නකම් අපි සිංහයො තමයි කියාන මූසල කම්මැලි ජනතාව ඈනුං ඇර ඇර පඩ ඇර ඇර බුදියමින් ගතකරනව.

ඉන්දු- ලංකා රාජපක්ෂ සබඳකම………….

ඊලඟට, ඔය චීනෙයි ඉන්දියාවයි එක්ක ලංකාවෙ ඉඩමක් විකුණං කාගෙන ඉන්න කොට ඉන්දියාව අවුල් වෙච්ච ගමන්, රජපක්ෂල පවුල් පිටින් මහජන ධනයෙන් පුද්ගලික ජෙට්ගුවන් යානා අරන් තිරුපති යනව.
ගිහින් ඉන්දියාවෙ ශිව දෙයියංගෙ ලිංගය හම යනකං නාවල කරල කිරිත් වක් කරල, කිරි නැත්තං ටිං කිරි හරි වත්කරල එනව.

ලංකාවෙ ජෙප්පොයි නොසංඩාල කටවල් තීන එවුනුයි බැන්නට අනික් මොකෙකුටවත් ගාණක් නෑ..

අඩේ ඉන්දියාවත් නිකම්ම ෂේප්..

ඇයි ඒ?

ඉන්දියාවෙ ඉන්නෙත් අපිටම හරියන ආගමික උන්මත්තක ජීවින් කොට්ටාසයක් හින්ද, ඉන්දියන් කාරයොත් හිතනව, ඕකුං චීනෙට පුප දුන්න වගේ පෙණුනට අපේ දෙයිය අදහගන්ඩ මෙහෙටනෙ එන්නෙ.
මොනා වුනත් උන් අපේ දෙයියන්ටනෙ රෙස්පෙක්ට්..
ඕං ඕව අතෑරල දාමු කියල නිකා ඉන්නව.

ඒ අස්සෙ අර අනුර කුමාරල, රනිල් වික්‍රමසිංහල වගේ අය ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සාධාරණය, අනාගත අධ්‍යාපනය වගේ මාතෘකා අරගෙන ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්ක විද්‍යනුකූව හේතු යුක්ත සහගතව කතා කරමින් දේශපාලනය කරන්න හදනව.

එතෝට අර ගඩොල් ගොඩවල් ගාව, නොකා නොබී, අධ්‍යාපනයක් නැතුව පෙරලි පෙරළි වැඳ වැද පූරුවෙ කරපු පව් වලින් මිදෙන්ඩ දුෂ්කරක්‍රියා කරන උන්ට මළ පනිනව. ඒ කල්ල අරුන්ට, තොපි ජාති භ්‍රෂ්ටයො , රට ටම්බියටයි ඩෙමලටයි කෑලි කඩල දෙන පර හැත්ත කිය කිය බැනල පන්නනව.

ඕන්නෝකයි තත්ත්වෙ..

ඒ වගත් එසේ යැ.

සමනොළ. (මුහුණු පොතෙන් උපුටා ගැනීමකි)


Spread the love

Leave a Comment

You may also like