උණුසුම් පුවත්

ඔලිම්පික් කමිටු නිලවරණයේදී මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කා පරාදයි

Spread the love

ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පසුගිය 28වනදා ඔලිම්පික් නිවහනේ පැවැති නිලවරණයේදී එම තනතුරට තරග

කළ සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඡන්ද 21 ලබා ගනිමින් ජයග්‍රහණයකරන ලදී.
සුරේෂ් සුබ්‍රමනියන් මහතාගේ එම ජයග්‍රහණය අපට වඩාත් වැදගත් වන්නේ ඔහු විසින් පරාජයට පත් කරන ලද්දේ මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කු කුක්කු නිසාය.ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට තරග කළ අනෙකා වූයේ  ⁣මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුය.මිල්ටරි නන්දසේන මෙම ⁣ඔඩොක්කු කුක්කාට එම ඡන්දයේදී ලැබුන ඡන්ද සංඛ්‍යාව 18 කි.මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යනු ඇවන්ගාඩ් වංචාවට සම්බන්ධ නඩුවේද සැකකරුවෙකි.හිර ගෙදර ජම්පරය ඇඳ හිර දඩුවම් විඳිය යුතු මෙවැනි හොර තඩියකු ඔලිම්පික් කමිටුවට පත් කර නොගැනීමට එහි සාමාජිකයන් කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙමු.
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට ලංකා දවසේ අපි සුබ පතමු.ඔහු මෙරට ක්‍රීඩකයන් ගේ අභිවෘද්ධිය සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරනු ඇතැයි අපි සිතමු.අප එසේ සිතන්නේ ඉදිරි කාලයේදී ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා විධිමත් කාලානුරූපී  සැලසුමක් සකස් කිරීම තමා ගේ අපේක්ෂාව යැයි සභාපති තනතුරට පත් වීමෙන් පසු ජනමාධ්‍ය වෙත ඔහු  කළ ප්‍රකාශය පදනම් කර ගනිමිනි.`

Spread the love

Leave a Comment

You may also like