උණුසුම් පුවත්

පිස්සු ආණ්ඩුවේ බේබදු දිලුම් යකා නටයි, ලංගමය විනාශයි

Spread the love

පොදුජන එක්සත් පෙරමුණු රජයේ කල්ලි දෙකකි.ඉන් එක කල්ලියක් අගමැති මහින්ද රාජපක්ෂ ගේ වහළුන්ය.අනෙක් කල්ලිය මිල්ටෙරි නන්දසේන ගේ වහළුන්ය.මිල්ටෙරි නන්දසේන ගේ කල්ලියේ වැඩි දෙනෙකු මානසික ආබාධිතයන් බව තහවුරු වෙමින් තිබේ.මිල්ටෙරි නන්දසේනද මානසික ආබාධිතයෙකි .එහෙම බැලුවාම මේ කල්ලියේ වුන් ⁣මානසික ආබාධිතයන් වීම තකට තකය.මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයන් වන්නේද මෙම ⁣ මානසික ආබාධිතයන් රැළය.ආණ්ඩුවේ වැඩි වගකීම් පවරා ඇත්තේද මෙම මානසික ආබාධිතයන් රැළට නිසා මිල්ටෙරි නන්දසේන හා ඔවුන් අතර පවතින බැඳියාව තහවුරු වේ.

කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේන ගේ මානසික ආබාධිත රැළේ සාමාජිකයකු වන දිළුම් අමුනුගම අමාත්‍යවරයා සිදු කරන විකාර සහගත කෙරුවාවන් ගැන 
අපට තොරතුරු ලැබී තිබේ.බොහෝ රාත්‍රී කාල වල සුපිරි සංචාරක හෝටලවලට කඩා වදින මේ මානසික ආබාධිතයා බීමත්ව සිය නිල පිස්තෝලය පෙන්වමින් එහි සි⁣ටින්නන් බිය වද්දන බව වාර්තා වේ.මෑතකදී නුවර ක්වින්ස් හෝටල පරිශ්‍රය තුලදී මොහු අහසට වෙඩි තැබීමක් සිදු කර තිබේ.විවාහ ගණනාවක් බිඳවැටී දික්කසාද නඩු ගණනාවක්ම මොහුට එරෙහිව තිබෙන බවද දැන ගැන්මට තිබේ.මෙවැනි මානසික ආබාධිතයකුට මිල්ටෙරි නන්දසේන විසින් ප්‍රජා පොලිස් සේවාවේ වගකීමද පවරා ඇත.
 
දිළුම් අමුනුගම ගේ බාප්පා හිටපු ඇමතිවරයකු වූ සරත් අමුණුගමය.රාජ්‍ය පරිපාලන සේවයේ නිරතව සිට දේශපාලනයට පිවිසි සරත් අමුනුගම හිටපු අමාත්‍යවරයා කෘතහස්ත ලේඛ⁣කයෙකි.එහෙත් ඔහුගේ ඥාති පුත්‍රයා වන මේ දිළුම් අමුනුගම ගැන අප⁣ට ලියන්නට ඇත්තේ දිළුම් අමුණුගම සිය බාප්පාගේ ගරු කටයුතු සමාජ පෞරෂය කෙලසන අමු පාදඩයෙක් බවය.ප්‍රවාහන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය පදවියද දරන දිළුම් අමුනුගම එම අමාත්‍යංශය බාර ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි තඹ දොයිතුවකට මායිම් නොකරන බවය.සෞඛ්‍ය අමාත්‍යංශය අහිමි වීමෙන් පසුව කනස්සලෙන් සිටින පවිත්‍රා ඇමතිවරිය ප්‍රවාහන අමාත්‍යංශයේ සියළු රාජකාරි දිළුම් අමුනුගමට ඕනෑ විදියට කරන්නට ඉඩදී නිහඩව සිටින බවද මෙහිදී දැනගැන්මට තිබේ.මේ වන විටත් මේ පාදඩයගේ කියුම් කෙරුම් නිසා ලංකා ගමණා ගමන මණ්ඩලය මරණ මංචකයේ අවසන් හුස්ම හෙළමින් සිටින බව  ඉන් අපට ලැබී ඇති තොරතුරු වලින් තහවුරු වේ.
ලංකා ගමන මණ්ඩලයේ සභාපති වරයා නොසලකා කටයුතු කරන මොහු තමන් ගෝඨා ගේ මිනිසෙකු යැයි කියමින් ප්‍රවාහන අමාත්‍යංශයේ නිළධාරීන්ට තර්ජනය කරමින් යකා නටන බවද වැඩිදුරටත් වාර්තා වේ. ඒ සෑම අවස්ථාවකම සිය පිස්තෝලය ඇද කාර්ය මණ්ඩ⁣ලයට  පෙන්වීමට ද මෙම පිස්සා කටයුතු කරන බවද කි⁣යවේ.
මිල්ටෙරි නන්දසේනද මානසික ආබාධිතයකු බැවින් ඔහුගේ සමීපතම වහළකු වන මෙම මානසික ආබාධිතයා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇත්තේ උඩ ඉන්නා දෙවියන් පමණක් යැයි ලංකා ගමණා ගමන මණ්ඩ⁣ලයෝ සේවකයන් පවසා සිටී.

Spread the love

Leave a Comment

You may also like