කොරොනා ගැන බොහෝ දෙනා සත්‍ය කතා කිරීමට බිය වූ මොහොතක කොරොනා තෙවන රැල්ල නිසා නිසි පාලනයක් හෝ රට අගුළු දැමීමේ ක්‍රමවේදයකට බොහෝ දෙනා නොගිය මොහොතක ඉතා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි විය හැකි බව හෙළි කිරීමට තරම් ඔහු නිර්භීත විය.
ආසාදනයට ලක් වන අයගෙන් සියයට එකකට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් විය හැකි බවටත් , ජනමාධ්‍ය හරහා රටටම අනතුරු ඇඟවීමක් කළ විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විනය පරීක්ෂණයක් පවත්වා ඇති අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඒ මහතාගෙන් ඒ සම්බන්ධව නිල වශයෙන් කරුණු විමසීමට කටයුතු කොට ඇත.
එහිදී රාජ්‍ය නිලධාරිවරයෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයෙන් තොරව රජය අපහසුතාවයට පත් වන අන්දමට ජනතාවට කරුණු පැහැදිලි කිරීම මෙම චෝදනාවට පදනමයි. කෙසේ වුවත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වගකිවයුතු පුරවැසියන් වෘත්තියවේදීන් ලෙස ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවට සත්‍යය විද්‍යාත්මක කරුණු පැවසීමට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පවතින අයිතියට අනුව වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කර ඇති බව පෙනී යන අතර එබැවින් අවිදිමත් සහ අර්ධ වශයෙන් පවත්වන ලද විනය පරීක්ෂණයක් හරහා මේ අන්දමට වෛද්‍ය චමල් මහතාට දඬුවම් පැමිණීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවල දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.
අගුළු දැමීමකින් තොරව විවෘතව පැවැති තත්වයක් තුළින් කොරොනා තෙවන රැල්ල හරහා ඉතා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි විය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, ජයර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායම් ද සිංගප්පූරුවේ වෙසෙන ශ්‍රී ලාංකික විද්‍යාඥ මලික් පීරිස් මහතා ඇතුළු කණ්ඩායම් ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කරතිබුණි.
අවසානයේ දී රටඅගුළු දැමීම සම්බන්ධයෙන් ප්‍රමාදවී හෝ තීරණය කිරීමට රජය දැඩි උනන්දුවක් දක්වනු ලැබුවේ වෛද්‍ය චමල් සංජීව මහතා පුවත්පත් හා අනෙකුත් විද්‍යුත් නාලිකා හරහා සිදුකරනු ලැබූ අනතුරු ඇඟවීම් වලින් පසුවය.
වෛද්‍ය චමල් සංජීව මහතා කළ ප්‍රකාශවල ප්‍රතිථලයක් වශයෙන් ලක්ෂයකට ආසන්න මිනිස් ජීවිත ප්‍රමාණයක් බේරා ගැනීමට හැකිවූ බව බොහෝ වෘත්තීය සමිති සාමාජිකයන් ගේ මතයයි
සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ඒකකය වෛද්‍ය චමල් සංජීව මහතාට එරෙහිව අවිධිමත් හා අපක්ෂපාතී නොවූ විනය පරීක්ෂණයක් පවත්වා ඇති බව හෙළි වන අතර ඒ මත පදනම්ව රාජ්‍ය සේවා කොමිසන් සභාව ඒ මහතා වෙත චෝදනා පත්‍රයක් නිකුත් කොට ඇති අතර චෝදනා පත්‍රයට අනුව වෛද්‍ය චමල් සංජීව මහතා ජනතාවට අසත්‍ය කරුණු පැවසූ බවට සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කොට ඇත.
එහෙත් වෛද්‍ය චමල් සංජීව මහතා කොරොනා මර්දනයේදී රෝග පාලනයේදී ගතයුතු ක්‍රමෝපායන් සම්බන්ධයෙන් දක්වන ලද කරුණු වල අඩංගු අසත්‍ය හා අවිද්‍යාත්මක කරුණු මොනවාදැයි පෙන්වා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අපොහොසත් වී ඇත.
ඒ මහතා අවස්ථා ගණනාවක් දීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තම විද්‍යාත්මක පර්යේෂණ සඳහා සම්මාන දිනා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් අත්පත් කර දෙන ලදී.
රෝහල් පරිපාලනය රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර පරිපාලනය සදහා විද්‍යාපති උපාධි සහ විශේෂඥ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ඇති ඒ මහතාව සෞඛ්‍ය ආර්ථික විද්‍යාව සදහා ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති ශ්‍රී ලංකාවේ ලාබාලතම රෝහල් අධ්‍යක්ෂවරයා ද වේ.
මෙයින් පෙනී යන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්යාගේ මූලික අවශ්‍යතාවය ආණ්ඩුව රැක ගැනීම මිස ජනතාවගේ ජීවිත රැක ගැනීම නොවන බව මනාව හෙළි වේ.