මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ තොරතුරු රැසක් ලංකා දවසට වාර්තාවේ.
මෙම ලීගයේ මහ මොළකරු ක්‍රිකට් ආයතනයේ උප සභාපති වරයකු හා වෙන්ඩ සභාපති සිහින කුමරා වන රවින් වික්‍රමරත්නය.
තිලංග සුමතිපාලගේ චක්ගෝලයකුව සිටි මොහු දැන් තිලංග සමග විරසකය.
තිලංගගේ ඩීල් හොඳින්ම දන්නා රවින් මෙම ලීගයේ මෙහෙයුම් කටයුතු තම අතට ගත්තේ ක්‍රීඩා ඇමති නාමල්ටද මෙහි කුට්ටියක් ලබා දෙමිනි.
ඒ අනුව මෙහි හෝටල් වෙන්කිරීම් ප්‍රවාහන හා වෙනත් බොහෝ කටයුතු කෙරෙන්නේ නාමල්ගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ හරහාය.
නාමල්ගේ අලුත්ම ඩීල් එක නම් මයිත්‍රිපාල සිරිසේන බැලන්ස් කිරීමට ඔහුගේ සොයුරු ඩඩ්ලි සිරිසේන අල්ලා ගැනීමයි.ඒ අනුව මෙවර ප්‍රිමියර් ලීගයේ හම්බන්තොට පැවැත්වෙන දෙවෙනි වටයේ තරග වලට එන සියලුම කණ්ඩායම් වලට ඩඩ්ලිගේ උණවටුනේ පිහිටි අරලිය හෝටලයේ නවාතැන් ලබා දීමයි.මීට පෙර හම්බන්තොට පැවති තරගවලදී ක්‍රීඩාංගණය අසළම ඇති ෂැන්ග්‍රිලා හෝටලයේ නවාතැන් හා ආහාර පහසුකම් ලබා දුන් නමුත් මෙවර ක්‍රීඩාංගණයට කිලෝ මීටර ගණනාවක් දුරින් ගාල්ලේ හෝටලයක නවාතැන් සැපයීම විශේෂත්වයකි.
ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ නීතිද කඩ කරමින් කෝටි ගණනක් වියදම් කර ගාල්ලේ උණවටුනේ ඉදිකරන ලද මෙම අරලිය හෝටලය පසුගිය කොවිඩ් සමය නිසා වැලේ වැල් නොමැතිව පාලුවට ගොස් තිබිණ.
එම හෝටලය ආරම්භ කිරීමෙන් පසු එකවර වැඩිම කාමර වෙන්කිරීමක් ලැබුණේ මෙම ප්‍රිමියර් ලීගය හරහාය.
ඩඩ්ලිගේ සහල් මාෆියාවටද ඉඩ දුන් රාජපක්ෂ වරු දැන් ඔහුගේ උණවටුන හෝටලයද ගොඩ දැමීමට නාමල් හරහා උදව් කර ඇත.
ආණ්ඩුව ගෙදර යවන තරමට ලොරි ටෝක් දුන් මෛත්‍රිපාල සිරිසේනද අයවැය අන්තිම චන්ද විමසීමේදී නැට්ට පස්ස පැත්තේ රුවාගෙන සිටියේ ඩීල් නිසාය.
කොවිඩ් නිසා පනවා ඇති සෞඛ්‍ය නීති ලංකා ප්‍රිමියර් ලීගයට වලංගු නොවේ.
තරග නැරඹීම සඳහා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණය විවෘත කර ඇත්තේ දුරස්ථ සීමා තබාගෙන මුව ආවරණ පැළැද සිටිය යුතු බවට නීති පනවා වුවත් මෙහි එවැන්නක් නැත.
ඒවා මොනිටර් කර ඇක්ෂන් ගන්නා අයකුද නැත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ද නොදැක්කා සේ සිටී.
පාරේ මුඛ ආවරණයක් නොමැතිව හෝ එය නිකටේ රුවාගෙන යන්නන් අල්ලා පොලිසියට ගෙනයන පොලිස් නිලධාරීන් ක්‍රීඩාංගණ තුළ ඩියුටි සිටියත් මේවා නොදකින්නේ රාජකාරිය කරන්නට ගියහොත් නාමල්ගේ උදහසට ලක්වන නිසාය.
මෙහි තරග තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකිනෙකාට උදව් කර ගැනීමක්ද පෙනෙන්නට තිබේ.
එක් තරගයකදී ලෝක කුසලානයේදීද හොඳින් පන්දු යැවූ පන්දු යවන්නකු තිසර පෙරේරාට ෆුල්ටොස් පන්දු පිට පිට යවමින් එක දිගට හයේ පහර හතරක් ඔහුට ලබා දීමත් අවසානයේ තරගය නරඹමින් සිටි කණ්ඩායම් හිම්කරු වන සොෆ්ට්ලොජික් ලොක්කාගෙන් ලුණු ඇඹුල් නොමැතිව අසා ගත් බවත් ලංකා දවසට වාර්තාවේ.
මේ අතර අරලිය හෝටලයට විශාල බස් රථ හා ට්‍රක් රථ ගමන් කිරීමත් ආරක්ෂක හමුදා නිලධාරීන් විශාල සංඛ්‍යාවක් වාහන මගින් ගමන් කිරීමත් නිසා උනවටුණ සංචාරක කලාපයේ සාමාන්‍ය ජන ජීවිතයට හා එහි සිටින වෙනත් සංචාරකයන්ට හිරිහැර වන බව පවසමින් ප්‍රදේශයේ සුළු සංචාරක හෝටල් හිමියන් හා ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කොට උද්ඝෝෂණයක්ද පවත්වා තිබේ.
නාමල්ටද දැන් මේ ප්‍රිමියර් ලීග වල රහ හොඳින් දැනෙන්නට පටන් ගෙන ඇත.
ඔහු තම පෞද්ගලික ලේකම් , මුරලිදරන්, සංගා ඇතුළු කිහිප දෙනෙකු සමග දකුණු අප්‍රිකාවේ,කෙන්යාවේ හා ඩුබායිහි ටී10 තරගාවලි පැවැත්වීමටද මේ වන විට පිඹුරු පත් සකසමින් සිටින බවත් ලංකා දවසට වාර්තාවේ.

( ඒ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී..)