ඊයේ සවස් කාලයේදි ජනාධිපති නන්දසේන හමුවු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර තමන්ට පුද්ගලික හේතු 04 ක් මත තවදුරටත් ලේකම් ධුරයේ කටයුතු කිරීමට නොහැකි බවත් තම ඉල්ලා අස්වීම පිලිගන්න ලෙසත් පී.බී.ජනාධිපතිට නිලවශයෙන් දැනුම් දුන් බව අපහට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි.
ඒත් මෙහිදි ඉල්ලා අස්වීම භාර ගැනීමට පෙර ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තමා ලේකම්වරයෙක් පත් කර ගන්න තුරු සිටින ලෙසයි. ඊට පී.බී.එකඟව ඇත.
ඒ අනුව අපවෙතට දැන ගැනීමට ඇති ආකාරයට නාවික හමුදාවේ විශ්‍රාමික රිය අද්මිරාල්වරයකු ඉදිරි සති කීපයතුලදි ජනාධිපති ලේකම්ලෙස පැමිණීමට නියමිතය.