අලුත් අවුරුද්ද ආරම්භයත් සමග ලංකාවේ දේශපාලන කරළියේ සිදුවීමට නියමිත පෙරළි රැසක ආරම්භය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත ලංකාවට පැමිණීමත් සමග සිදු කෙරෙනු ඇතැයි ලංකා දවසට වාර්තා වේ.
පසුගිය වතාවේද බැසිල් ඇමරිකාවට ගොස් ලංකාවට ඒමත් සමග ජයන්ත කැටගොඩ පත්කළ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඔහුට පාර්ලිමේන්තුවට ඒමේ වරම උදා කර දුන්නේ මුදල් ඇමති කමත් සමගය.
එවර බැසිල් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් කෙරුණේ ආචාර්‍ය රන්ජිත් බණ්ඩාරවය. එහෙත් ඔහු ඒ වනවිට ජංගම දුරකථනයද විසන්ධි කර අසනීප බව දන්වා සැඟව සිටියේය.
ජයන්ත කැටගොඩ බිල්ලට ගියේ ඉන්පසුව වුවත් ජාතික ලැයිස්‍තු මන්ත්‍රී ධූරයෙන් අජිත් නිවාඩ් කබ්‍රාල් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට කැටගොඩට නැවත පාර්ලිමේන්තුවට ඒමට හැකි විය.
මෙවර බැසිල්ගේ ආගමනය සිදුවන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්ව අගමැති ධූරය බැසිල්ට පැවරීමෙනි.
දැනට අසනීප තත්ත්වයෙන් පසුවන මහින්ද කොහොමටත් 2022 අගමැති ධූරයෙන් ඉවත්ව යාමට නියමිතව සිටියේය.
මහින්දගෙන් පසු නාමල් රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීම මුලින්ම තිබුණු සැලැස්ම වුවත් නාමල් තවමත් එයට සූදානම් තත්ත්වයක පසු නොවන නිසා බැසිල් මේ අවස්ථාවේ අගමැති ධූරයට පත් කිරීම රාජපක්ෂලාගේ අරමුණ වී තිබේ.
මේ පිළිබඳව සාකච්චා කිරීම සඳහා පසුගිය බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසේදී මහින්ද හා චමල් සමග පැවැති හමුවකින් පසු ජනාධිපතිවරයා ආතතියට ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
මෙවර මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන්ද ඉවත් වීමට නියමිත ඒ වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයාට අවස්ථාව උදා වනු ඇත.
මහින්ද පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යද්දී ඔහුගේ දෙවෙනි පුතු යෝෂිත රාජපක්ෂද පාර්ලිමේන්තුවට එක්වීමට නියමිතව ඇත. ඒ එහි රාජපක්ෂ වරයකුගේ නික්ම යාමෙන් සිදුවන පුරප්පාඩුව තවත් රාජපක්ෂ වරයකුගෙන්ම පිරවීම සඳහාය.
ඒ අනුව යෝෂිතට පාර්ලිමේන්තුවට ඒම සඳහා ජාතික ලැයිස්තුවෙන් මෙවර නම් ඉල්ලා අස්වීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වන්නේ ආචාර්‍ය මහින්ද බණ්ඩාර බවද ලංකා දවසට වාර්තාවේ.
ඒ අනුව මෙවර නම් ආචාර්‍ය රන්ජිත් බණ්ඩාරට පසුගිය වාරයේ මෙන් බොරු අසනීපයක් ගෙන බේරීමේ හැකියාවක් උදා නොවනු ඇතැයිද වාර්තා වේ.