උණුසුම් පුවත්

රාජපක්ෂ තක්කඩියන් ගේමට බසී තමන්ගේ හිතූ මතේට ආණ්ඩුව ගෙනයාමට සූදානම්.

Spread the love

රට පවතින්නේ අවුල් ජාලාවකය.ඒ අවුල් ජලාව හරියට දෙකොන ඇවිලෙන විලක්කුවට සමානය.නව වර්ෂයේ මාර්තු මාසය අවසානය වන විට මෙරට දැඩි ආර්ථික අර්බුදයකට ගොදුරු වන බව නිසැකය.තවමත් මේ රටේ ජනතාවට ඉදිරියේදී මුහුණ දෙන්නට සිඳුවන ආර්ථික  අර්බුදය පිළිබඳව වැටහීමක් නැත.ඒ මෙරට ජනතාව මෙතෙක් කාලයක් එවැනි ඛේදජනක ඉරණමකට ගොදුරු වී නැති නිසාය.
ජනාධිපති අරමුදලෙහි බිලියනය…….
තක්කඩි රාජපක්ෂ කල්ලියට මේ මහා ඛෙිදවාචකය ගැන වගේ වගක් නැත.මේ තක්කඩි කාලකණ්නියන් ගේ සැලසුම මෙවැනි ව්‍යසනයකදී පවා කෝටි ගනනක් හම්බ කරගන්නේ කෙසේද කියාය.කෝවිඩ් ව්‍යාප්තිය සමග ඇන්ටිජන් වලින් ගසා කෑ මේ නරුමයන් ඉන්දියාවෙන් ගෙන්වන ලද එන්නත් වලින්ද දූෂිත ආකාරයෙන් කොමිස් මුදල් උපයා ගත්හ.ඊළඟට නැනෝ පොහොර ගෙන්වීමේදී මහා මුදල් කොල්ලයක් කළහ.කොවිඩ් සඳහා පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙහි බිලියනයකට ආසන්න මුදලක් සිදු වූ දෙයක් නැත.එපමනක්ද නොවේ.කෝවිඩ් මර්දනය සඳහා මෙරටට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රධානය කළ බිලියන තුන්දාහක මුදලද අතුරුදන්ය.මේ ආකාරයේ නින්දිත තිරිසන් මෙලේච්ඡ සිතක් පපුවක් නැති පවුලක් කිසිම රටක බලයේ සිටි වගක් ලෝක ඉතිහාසයේ ⁣සඳහන්ව නැත.ජාතිය හා ආගම විකුණා පාස්කු කුමන්ත්‍රණයෙන්  බලයට පත්වූ මෙි කාලකණ්නි රාජපක්ෂ පවුලට රට දැන් පත්වී ඇති ව්‍යසනය අදාල නැත.මෙි කාලකණ්නියන් දැන් සැළසුම් කර ඇත්තේ හිතූ මතේ රට තුළ බලය පවත්වාගෙන යාමය.
අනුර කුමාර දිසානායක……..
පසුගියදා පාර්ලිමේන්තුවේ විශාල දෙදරීමක් ඇතිවූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රී වරයා යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව හා පොදු ජන පෙරමුණු රජය අත්සන් කළ ගිවිසුම් පිටපත සබා ගත කිරීම නිසාය.සැබැවින්ම මේ ගිවිසුම් ගත වීම පොදුජන පෙරමුණු රජයේ පාර්ශවයේ ව්‍යවස්ථානු කූල සම්බන්ධයක් නැති බව අපට සහතිකය.එය මුදල් ඇමති ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ අත්සන් කළ පෞද්ගලික ගිවිසුම් ගත වීමක් බව මෙම කුමන්ත්‍රණකාරී ගිවිසුම පිළිබඳව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී  කළ අනාවරණයෙන් පැහැදිලි වේ.රාජපක්ෂ තක්කඩියන් පොදු දේපොළ මංකොල්ල කෑමේදී  මෙරට පවතින ව්‍යවස්ථාව හා අණ පනත් මායිම් කරන්නේ හෝ තඹ දොයිතුවකට මායිම් කරන්නේ නම් නැත.
කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ සිය අරමුණු අපේක්ෂාවන් ඉටු කර ගැනීමට මේ තක්කඩි රාජපක්ෂවරු දක්සය.යුගදනව් බලාගාර ගිවිසුම ගැන අනුර කුමාර මන්ත්‍රීවරයා සිදු කළ හෙළිදරව්වත් සමගම රජයේ පොදුජන පෙරමුණු  පාර්ශවයේ හෘද සාක්ෂියක් ඇති මැති ඇමතිවරුන් පවා කම්පනය වී සිටින බව අපට දැන ගැන ගැන්මට ලැබී තිබේ.හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ
අනුර කුමාර මන්ත්‍රීවරයා මෙම ගිවිසුම ගැන අනාවරණය කරන තුරු තමන් ඒ ගැන හාංකාවිසියක් නොදැන සිටි බවය.
ඩිමෙන්ෂියා රෝගියකු වන මිල්ටෙරි නන්දසේන……..
කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී යුග දනවු බලාගාර ගිවිසුම සබා ගත කිරීමත් සමගම මිල්ටෙරි නන්දසේන තක්කු මුක්කු වී ගිය බව අපට දැන ගැන්මට තිබේ.මේ සිද්ධිය ආරංචි වීමෙන් පසුව  තමන් කරන කියන දෑ අමතක වීමේ ⁣ඩිමෙන්ෂියා රෝගියකුද වන මිල්ටෙරි නන්දසේන කෝපයෙන් වියරු වැටී සිය සුපුරුදු භාවිතයේ ඇති අසභ්‍ය වචන මාලාවෙන් වටපිටාවේ සිටි වුන්ට සංග්‍රහ කළ බවද කියවේ.ඒ අහල පහලක අඩුම ගානේ ජවිපෙ සාමාජිකයෙක්වත් සිටියේනම් ඔහුගේ බොටුව කඩන තරමට මිල්ටෙරි නන්දසේනට කේන්ති ගොස් තිබේ.
ආයෝජනයේ මණ්ඩලය……..
 පාර්ලිමේන්තුව  තුල සිදුවූ මේ සිදුවීම ආරංචි වන විටත් මිල්ටෙරි නන්දසේන සි⁣ට ඇත්තේ කෝපයෙනි.ඒ කෝප් කමිටුව මගින් චෝදනා කළ බව පවසා  ආයෝජනයේ මණ්ඩලයේ සභාපති වරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීම නිසාය. ආයෝජන මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන දූෂණ විෂමාචාරයන් සම්බන්ධයෙන් ⁣පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් විමර්ෂණයකින් අනතුරුව එහි සභාපතිවරයාට හා අධ්‍යක්ෂ මණ්ඩලයට චෝදනා කරන ලදැයි පැවැසේ.මෙම සභාපතිවරයා මිල්ටෙරි නන්දසේනගේ රෙකමදාරුව මත සිදු කළ පත්වීමක් වන අතරම කෝප් කමිටුවේ සභාපති වරයාද පොදුජන පෙරමුණ නියෝජනය කළ මහචාර්ය චරිත හේරත්ය.කවර දේශපාලන මතවාදයක් දැරුවද කෝප් කමිටු සභාපතිවරයා එහි කටයුතු යම් තාක් දුරකට  සාධාරණව ඉටු කිරීමට ප්‍රයත්නයක් දැරූ බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පවා අදහස වී තිබුණි.  චරිත හේරත් ගේ මේ ස්වාධීන ක්‍රියා කළාපය තක්කඩි රාජපක්ෂ වරුන්ගේ නොසතුටට හේතු වී තිබූ බවද අපට ආරංචිය.
යෝෂිත හා චිචී හා තිස්ස විතාරණ……..
ඒ අතරම තිස්ස විතාරණ ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සමන්විත රජ⁣යේ ගිනුම් පිළිබඳ කාරක සභාවෙන්ද සුරා බදු දෙපාර්තමේන්තු හරහා සිදුවී බිලියන ගණනක මහා වංචාවක තොරතුරු හෙළි කර ගෙන තිබුණි.මෙරට වෙළඳ පොළට මුදා හැරෙන අරක්කු බෝතල වල  මුද්‍රා තැබීමේ ආවරණය අදාල සුරාබදු නිශ්පාදකයන්ට මෙතෙක් කල් ලබා දී තිබුණේ සුරා බදු දෙපාර්තමේන්තුව මගිනි.එම ආවරණ මුද්‍රා මුද්‍රණය කිරීම රාජ්‍ය ටෙන්ඩර් කැඳවීමේ ප්‍රතිපත්තියට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිසි විධිමත් ආකරයෙන් කටයුතු කරමින් සිට ඇත.එහෙත් පොදු ජන පෙරමුණු රජය බලයට පත්වී කෙටි කාලයකදී අරක්කු බෝතල් වල ආවරණ මුද්‍රාවන් මුද්‍රණ කටයුතු යෝෂිත හා චිචී යන  තක්කඩියන් දෙදෙනා විසින්  බාරගත් බව කියවේ.මේ තක්කඩියන් දෙදෙනා එම අරක්කු බෝතල ආවරණ මුද්‍රා මුද්‍රණය කර ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු වේ සමාගමකිනි.මොවුන් විසින් එසේ මුද්‍රණය කොට ලංකාවට ගෙන්වා ⁣ගන්නා ලද ආවරණ මුද්‍රා තොගයෙන් ⁣බාගයක් සුරා බදු දෙපාර්තමේන්තුවට දී ඇති අතර අනෙක් බාගය සුරා බදු දෙපාර්තමේන්තුවට රහසේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට ලබා දී ඇති බව රජයේ ගිනුම් කාරක සභාවේදී හෙළි වී ඇත.මෙලෙස අරක්කු බෝතල් ආවරණ මුද්‍රා මුද්‍රණය පෞද්ගලික ආයතනයකට පැවරිය යුතු යැයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජොන්ස්ටන් ඇමතිවරයා වීමද විශේෂ සිදුවීමකි.රජයට අය විය යුතු බදු වංචා කරම්න් මෙම කූඨ ව්‍යාපාරය තුළින් මෙම තක්කඩියන් උපයා ගනිමින් තිබෙන බිලියන ගනනාවක ආදායම ගණන් හදන්නට බැරි තරමේය.මෙම වංචාව තිස්ස විතාරණ අමාත්‍ය වරයා විසින් ප්‍රශ්ණ කිරීමද රාජපක්ෂ තක්කඩි⁣යන්ගේ නොසතුටට හේතු වූ බව වාර්තා වේ. 
මේ සියලු කුණ්ඩවාලයන් මිල්ටෙරි නන්දසේනද නොසන්සුන් කළ අතර අනීතිකව පාර්ලිමේන්තු සැසිය අවසන්  කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරන ලද්දේ එම සියළු දූෂණ චෝදනා යටපත් කිරීමේ අපේක්ෂාවෙනි.පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමෙන් පසුව පවතින එම අර්බුදකාරී තත්වය⁣ට විසඳුමක්  ලැබේ යැයි හෝ ඒ සඳහා සංක්‍රාන්තික කාලය තුල ⁣කවර ආකාරයේ විසදුමක් සකසා ගැනීමට හැකිවෙනු ඇතැයි මිල්ටෙරි නන්දසේන සිතන්නට ඇත.
පාර්ලිමේන්තුවේ සැසිය අවසන් කිරීම…….
සාමාන්‍යය සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තුවේ සැසිය අවසන් කිරීම සිද්ධවන්නේ අවුරුදු දෙකක කාලය ගෙවී යන විටදීය.එය එසේ සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය භාරය අති මහත් ලෙස වෙහෙසකර ආකාරයෙන් අඛන්ඩව පැවැතීම නිසාය.නව ජීවයකින්  පාර්ලිමේන්තුව නැවත ඇරඹමින් ඇතැම් අවස්ථාවල නව අමාත්‍ය මණ්ඩලයක් පත් කොට ජනාධිපති වරයා විසින් පාර්ලිමේන්තුව වෙත රජයේ ඉදිරි කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීම මෙම න්‍යාය පත්‍රයට ඇතුළත්ය.අද සිද්ධ වී ඇත්තේ පාර්ලිමේන්තුව අවුරුද්දක් ගෙවී ගිය විට සැසිය අවසන් කිරීමයි.මගේ කට වචනය මේ රටේ නීතියැයි ප්‍රකාශ කළ මන්ද මානසික ලෙඩකු වන මිල්ටෙරි නන්දසේන ගේ මේ ⁣ක්‍රියාව ⁣ඔහු බලයට පත්වීමෙන් පසුව ගන්නා ලද මෝඩ තකතිරු අඥාන ක්‍රියා මාර්ග හා සසඳන කළ කිසිම වෙනසක් දකින්නට නැත.
කෝවිඩ් රෝගය නිසා මෙරට පාර්ලිමේන්තු සබා රැස්වීම් පවා පැවැත්වූයේ ඉඳහිටය.ඒ නිසා පැවැති පාර්ලිමේන්තු වෙහෙසකර සහභාගිත්වයක් පැවතියේයි කියන්නටද බැරිය.මෙය තක්කඩි වුවමනාවකට සිදු කරන ලද මැදිහත් වීමක් බව පාර්ලිමේන්තු සම්ප්‍රදායන් දන්නා ඕනෑම අයෙකුට තේරුම් යන්නේය.
කෝප් කමිටුව……….
පාර්ලිමේන්තු සැසිය අවසන් වීමෙන් පසුව පොදු ව්‍යාපාර කාරක(කෝප්) සභාව රජයේ ගිනුම් කාරක සභාව හා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හා පළමුවර හා දෙවන වර කියවීමට ඇති පනත්ද අහෝසි වේ.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පත් කළ කතානායක කමිටුවද ඒ අහෝසි වන කමිටු අතර වේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සියයට අනූවක තරමේ වැඩ කොටසක් විසිර යනු අතර ඒ සියල්ල නැවත අළුතෙන් ඇරඹිය  යුතු වේ.අනුර කුමාර මන්ත්‍රීවරයා සබාගත කළ යුගදනව් ගිවිසුම පිළිබඳ ප්‍රශ්ණයද නිශ්ක්‍රීය වන අතර එය පාර්ලිමෙින්තුවේ නව සැසියේදී නැවත සබාගත කළ යුතුය.තක්කඩි රාජපක්ෂලා ගේම් ගහන්නේ ඔහොමය.මේ ගේම් නිත්‍යානුකූල විදියට ඇඟවෙන පාහර මදාවි කෙරුවාවන්ය.මේ තක්කඩියන් කිසිම ලැජ්ජාවක් බයක් ඇති වුන්ද නොවේ.වයසක ඩේසි ආච්චී ලවා විවෘත අධිකරණයේදී මැණික් මල්ලක් ලැබුණ කතන්දර  පවා  නිර්මාණය කරන්නේ ඒ නොසන්ඩාලකම කම නිසාය.
පාර්ලිමේන්තු සැසිය කල් දැමූ මිල්ටෙරි නන්දසේන කාටත් හොර රහසේ ඇවන්ගාඩ් සේනාධිපති සමග  සිංගප්පූරුවට පිටත් වී ගියේය.ඔහු සිංගප්පූරුවේ මවුන්ට් බැට්න් රෝහළෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය බව පැවසේ.සිංගප්පූරු ආරංචි මාර්ග වලින් දැන ගත හැකි වූයේ මිල්ටෙරි නන්දසේන මානසික ආබාධායකට දීර්ඝ කාලීනව මෙම රෝහළෙන් ප්‍රතිකාර ලබන බවය.මේ වනවිට මොහු නතර වී සිටින්නේ සිංගප්පූරුවේ  ෂැන්ග්‍රිල්ලා හෝටලයේය.මෙය මෙරට පසුගියදා සිදු වූ සීනි වංචාවෙන් බිලියන එක දහස් පන්සියයක් උපයා ගත් ජාවාරම්කාර මුසල්මානුවාට අයිති හෝටලයකි.
නැවත පාර්ලිමේන්තුව ඇරඹෙන්නේ පෙබරවාරි දහඅටවනදාය.මෙදින වැදගත් දිනයක් ලෙස සැළකිය හැකි  වන්නේ මෙරට  බිලියන පහක ණය වාරිකය ගෙවීම⁣ට ඇත්තේ එදිනට නිසාය.පාර්ලිමේන්තුව එදින සැසිය ආරම්භ කිරීම පිළිබඳව අප  සැක කරණ කාරණා කිහිපයකි.මේ දිනය මන්ද මානසික ඥාණා කාලිගේ  උපදෙස් මත තෝරාගත් දිනයක් ද එසේ නැතිනම් කවර වෙට්ටුවක් දමා හෝ ණය වාරිකය ගෙවා දමා පුරසාරම් කියවීමක් සඳහා තෝරාගත් දිනයක්ද යන්න අප  සැක කරණ කාරණාය.අප සැක කරණ අනෙක් කාරණය මෙරට ක්‍රියාත්මක කළ නොහැකි කාරණයක් වුවද රෙද්දේ රෙද්දේ රෙවී  වී ඇති මේ වාහෙලාට බල ලෝභිත්වය නිසාම ඒ ගැන කියවීමක් හෝ අදහසක් නොමැති හෙයින් ඒ සඳහා පෙළඹෙන්නටද ඉඩ තිබේ.ඒ ජනවාරි දහඅට වෙනිදාට පාර්ලිමේන්තුව විසුරුවා ව්‍යවස්ථාවට පටහැනිව රට හමුදා පාලනයකට යටත් කිරීමය .
තක්කඩි රාජපක්ෂලා එවැනි හමුදා පාලනයක් සඳහා යෑමට උත්සාහ ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 වසරේ පරාජයට පත්වූ මධ්‍යම රාත්‍රියේය.එදින මිල්ටෙරි නන්දසේන විසින් ගජබා රෙජිමෙන්තුව කොළඹට ආසන්නයේ රඳවා තිබිණි.එම ජනාධිපතිවරණය පැවැත්වූ දින සජින් ද වාස් ගුණවර්දන සිය සමීපතම හිතවතුන් කණ්ඩායමක් සමග පැවැත්වූ රහස් සාකච්ඡාවකදීද ⁣මෙම හමුදාමය ක්‍රියාදාමය ගැන හෙළි කර තිබුණි.එම රහස් සාකච්ඡාව සම්බන්ධයෙන් තොරතුරු විජිත හේරත් මන්ත්‍රීවරයා ද දැනුවත් වූ බව අපි දනිමු.කෙසේවෙතත් එම හමුදා කුමන්ත්‍රණය  කිරීම⁣ට රාජපක්ෂ තක්කඩියන්ට නොහැකි වූයේ එවකට හමුදාපති මේජර් ජනරාල් දයා රත්නායක නිසාය.මේජර් ජනරාල් දයා රත්නායක විසින් මෙවැනි හමුදා ක්‍රියාන්විතයකට  අණ දීම එක හෙලාම ප්‍රතික්ෂේප කෙරිණි.
රාජපක්ෂ තක්කඩියන් බලය අත්හැරියේ ඉන්පසුවය.එදා මේජර් ජනරාල් දයා රත්නායක රාජපක්ෂ තක්කඩි කාලකණ්නියන්ට එකඟ වූයේ නම් රට ගිලෙන්නේ මහා රුධිර ගංඟාවකය.මිල්ටෙරි නන්දසේන ගජබා කෙරුම්කාරයන්ට සිංහ ගැමුණු කමාන්ඩෝ රෙජිමෙන්තු වලින් අම්මාගෙන් බිවු කිරි විසි වෙන්නට  ප්‍රහාර එල්ල වෙන්නටද තිබුණි.අද පවා හමුදාවේ බොහෝ රෙජිමෙන්තු අතර ගජබා රෙජිමෙන්තුව ගැන ප්‍රසාදයක් නැත.පාර්ලිමේන්තු නව සැසියත් සමගම මිල්ටෙරි නන්දසේන පිස්සා අර්ධ හමුදා  පාලනයකට රට ගෙන යාමට අපේක්ෂා කර තිබේනම් අපට ඒ ගැන කියන්නට ඇත්තේ අනේ නන්දසේන සොරි ඩොට් කොම් කියා විතරමය.
මිල්ටෙරි නන්දසේන සමග මේ වන විට සිංගප්පූරු ගොස් සිටින රට මිල්ටෙරි පාලනයකට ඇද ගෙන යාමට දත මිටි කන සේනාධිපති නම් කොටළුවාටද අපට කියන්නට ඇත්තේ ඉල්ලා ගෙන කෑමට සිද්ධ වෙන පිස්සු වැඩ නොකර හිටහං වාහේ කියාය.

 



Spread the love

Leave a Comment

You may also like