මේ වන විට ශ්‍රී ලංකාවේ කිසිදු රෝහලක ඖෂධ 52 නොමැතිව අතරම ඒ අතර විශේෂයෙන්ම සර්ප විෂට එන්නත් කරනු ලබන එන්නත ද නොමැති වීම ඉතාමත්ම භයානක ය.
එය බොහෝ විට ම අනුරාධපුර පොලොන්නරුව ප්‍රදේශ සහ ඒ හා තදාසන්න ප්‍රදේශවලින් දිනකට සිද්ධීන් දෙකක් හෝ තුනක් වාර්තා වේ. සර්ප විෂ ශරීරගත වූ අවස්ථාවලදී එන්නත් කිරීමට දෙන ලබන එම එන්නත ලබා දීමට නොහැකි වීම නිසා රෝගියාගේ ජීවිතය දැඩි අවදානමකට ලක් විය හැකි බව එක් වෛද්‍යවරයෙකුව හා පැවසීය.
පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍යම ඖෂධ කීපයක්ම නොමැති බව අප වෙත වාර්තා වේ මේ පිළිබඳව අපි රජයේ රෝහල් කීපයකින් සොයා බැලීමේදී මෙතෙක් එවැනි ඖෂධ තමන්ට ලැබී නොමැති පැවසී. අත්‍යවශ්‍ය කරුණක් සේ සලකා මෙරටට ගෙන්වා ගත යුතු ඖෂධ ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට කිසිදු උවමනාවක් නැති බව මෙහිදී පෙනී යයි. මේ සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි බව පවසමින් ඔවුන් මුනිවත රැක්කත්, ජීවිත රැක ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඉතා කනගාටුදායක තත්ත්වයකි.
![]()
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නොමැති නිසා ඩොලර් හිගයක් නිසා ශ්‍රී ලංකාවට වෙනත් රටවල් වලින් මෙම අත්‍යවශ්‍ය ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ගෙන්වාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.