රාජපක්ෂ තක්කඩියන් මාර ගේම් කාරයන්ය.පට්ට හොරුය.එහෙත් මේ තක්කඩියන්ගේ නොසන්ඩාල කෙරුවාවට එරෙහිව කටේ කෙල බිඳුවක් නොහෙළන වුන් තවමත් මේ රටේ ජීවත්වේ.මේ හැතිකරය ගැන අපට කණගාටුවක් ඇතිවන්නේ මොවුන් දැනුම් තේරුම් ඇති වියතුන් බැවිනි.හරි හමන් අධ්‍යාපනයක් නොලද ලුම්පන් පන්තිය රාජපක්ෂ තක්කඩියන් කෙරෙහි තවමත් විශ්වාසය තබා කටයුතු කිරීම
ගැන අපට විවේචනයක් නැත. මෙරට ආර්ථිකය පවතින්නේ දැඩි අර්බුදයක බව අද පාර්ලිමේන්තුවේදී මුදල් ඇමති ඇමරිකානු පුරවැසි බැසිල් හාමු ප්‍රකාශ කරන ලදී.මේ ආර්ථික අර්බුදයේ අවාසනාවන්ත ප්‍රතිඵළය අභිනව වර්ෂයේ මාර්තු මාසයේ අවසානය වන විට කාගෙ කාගේත් බඩට ඔළුවට දැනෙනු ඇති බව නම් සහතිකය.මේ වන විටත් එලවළු මිල ගණන් අහස උසටය.මේ අර්බුදය තුළ සමාජය කවර ආකාරයෙන් පුපුරා වැටේදැයි සිතා ගන්නට පවා අපහසුය.
ගෑස් ටැංකි කුස්සියේ පුපුරා යමින් තිබේ. බයක් හැකක් නැතුව බතක් වෑංජනයක් උයා ගන්නට කුස්සියට යන්නට නොහැකිය.ඒ අස්සේ ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ පොහොර බඳුන් පුපුරා ගොස් ඇති බවටද ජනමාධ්‍ය වාර්තා කෙරිණි.මෙතරම් විනාශයක් මෙරට සමාජය තුළ පැතිරෙද්දී පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රාජපක්ෂ හාමුලාගේ ගුණ වයමින් සිටී.මේ රොත්ත සිතා සිටින්නේ මේ රට ගොඩගන්නට පුළුවන් තක්කඩි රාජපක්ෂ හාමුලාට විතරක් බවය.
රට කෙතරම් විශාල ආර්ථික අර්බුදයක මුව විට තිබුනද අසන්නට දකින්නට හා සිද්ධවෙමින් තියෙන රාජපක්ෂ හාමුලාගේ තක්කඩි දූෂණ ගනුදෙනු නම් කෙළවරක් නැත.මේ සෑම දූෂණ ගනුදෙනුවකම පිටුපස සිටින්නේ රාජපක්ෂ වරුන් හා සම්බන්ධ ජාවාරම් කාරයන්ය.බඩ බැඳගත් මිතුරන්ය. අවාහ විවාහ වලින් රාජපක්ෂ හාමුලාට සම්බන්ධ වූවන්ය.ඒ කවර පාර්ශවයක් විසින් බරපතල විෂමාචාර දූෂණයක් සිඳුකලද පොදු දේපොල වංචා කෙරුවද අවසාන විග්‍රහයේදී ඒ සියළු දූෂිත තක්කඩි ක්‍රියාකාරකමක්ම රටේ සංවර්ධනය ලෙස සමාජගත කිරීම සඳහා රාජපක්ෂ වහලුන් සිටින්නේ මරා ගෙන මැරෙන්නට වුවද සූදානමිනි.
දේශපාලන බිම විටින් විට උණුසුම් වෙන බව ඇත්තය.එහෙත් ඒ උනුසුමට රාජපක්ෂ හාමුලාගේ නොසන්ඩාල තක්කඩි ක්‍රියා කළාපය නැවැත්වීමට තරමේ ප්‍රබල ශක්ති ධාරාවක් ඇති බවක් නොපෙනේ.මෑතකදී විපක්ෂය පාර්ලිමේන්තුව සභාවාරය වර්ජනය කරමින් කළ විරෝධතාව පැවැති ස්ථානයට පැමිණි අගමැති මයිනා විපක්ෂයේ නායකයන්ට ප්‍රකාශ කරන ලද්දේ යම් විරෝධතාවක් සංවිධානය කරන විට ඇඟට පතට දැනෙන විදියට එය කරන ලෙසය.අගමැති මයිනා එහෙම කිව්වේ විපක්ෂයට උපදේශයක් දෙන්නට නොවන බව නම් අපට පැහැදිලිය.අපට නම් හිතෙන්නේ ඔහු එහෙම කිව්වේ විපක්ෂය නෝන්ඩි කරන්නට බවය.විපක්ෂයේ පවතින නෝන්ජල් ස්වභාවය රාජපක්ෂ තක්කඩියන් තේරුම් අරගෙන තිබේ.
විපක්ෂයෙන් ඉඳහිට මතුවන ගෙරවිල්ලකින් රාජපක්ෂ හාමුලා බිය නොවන බව කවුරු කවුරුත් දැන ගත යුතුය.දේශපාලනේ බූරු කූට්ටමේ හැම තුරුම්බුවක්ම තියෙන්නේ රාජපක්ෂ හාමුලාගේ අතේය.
අද මෙරට පවතින දේශපාලනික වටපිටාව හා සමාන කාලයක රාජපක්ෂ හාමුලා විපක්ෂයේ සිටියේ නම් හොඳ හොඳ සෙල්ලම් බලා ගන්නට තිබුණි.
එහෙමනම් චීවර හමුදාව රාජපක්ෂලා වෙනුවෙන් පිණ්ඩපාතයේ වඩින හැටිද අබ්බගාත රණ විරුවන් ස්ටේෂම ඉදිරිපිට හොටු පෙරාගෙන අඬන දොඩන හැටිද නොවැරදීම ප්‍රදර්ශනය කෙරෙන නාඩගම් වන බව නම් සැකයක් නැත.
රාජපක්ෂ හාමුලාට එරෙහිව කට උත්තර නැති වෙන විදියට කරුණු කාරණා සහිතව වංචා දූෂණ අනාවරණය කරන්නේ ජනතා විමුක්ති පෙරමුන බව රටේ ජනතාව තුල අදහසක් පවතී.මේ අදහසේ පවතින සත්‍යතාව අපටද ප්‍රතික්ෂේප කළ නොහැකිය.ජනතා විමුක්ති පෙරමුණ කයිවාරුවෙන් පමනක් නොව කෙරුවාවෙන්ද රාජපක්ෂ වරුන්ගේ ඇඳි රෙදි ගලවමින් සිටී.අද පාර්ලිමේන්තු විවාදයේදීද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අනාවරණය කළ තොරතුරු මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු ජනතා පරමාධිපත්‍ය නොසලකා සිදු කරන ලද බරපතල දූෂිත ගණුදෙනුවක් හා සම්බන්ධය.අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් මෙහිදී ඉදිරිපත් කළ තොරතුරු ගැන වැඩිදුරටත් විමසා බලන අප තේරුම් ගත යුතු වන්නේ රාජපක්ෂ තක්කඩියන් මෙරට ව්‍යවස්ථානුකූල නීතිය හා පාර්ලිමේන්තුව තඹ දොයිතුවකට නොසලකන බවය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද්දේ මෙතෙක් කල් මතභේදාත්මකව සැඟව තිබූ කෙරවලපිටිය එල්එන්ජී ගිවිසුම පිළිබඳවය.සැබැවින්ම විපක්ෂය වෘත්තිය සමිති හා ජනමාධ්‍ය පවා දැන සිටියේ යුග දනවු බලාගාරය සම්බන්ධව ඇමරිකානු පුරවැසි බැසිල් හාමු විසින් ගිවිසුම් අත්සන් කරන ලද්දේ නිව් ෆෝටස් සමාගම සමග බවය.
සැබවින්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර තිබුණේ
ගිවිසුම්ගත වන්නේ මිල ගනන් කැඳවීමකින් තෝරා ගත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග බවත් මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇතයිද කියාය.
එහෙත් අද දින අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එම ගිවිසුම ගැන හෙළිදරව් කරන ලද තොරතුරු අනුව බැසිල් හාමු යුග දනවු බලාගාරය සම්බන්ධව ගිවිසුම් ගතව ඇත්තේ ඇමරිකාවේ ලියාපදිංචි කර ඇති ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් එල්එස්සී නම් සමාගමක් සමගය.මෙහි ලිපිනය වන්නේ 1206 ඔරේන්ජ් වීදිය වොෂින්ටන් DE 1981 ඇමරිකා එක්සත් ජනපදය වේ.අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ ආකාරයට මෙම ගිවිසුමේ 13/1වගන්තිය ප්‍රකාරව අවුරුදු දෙකක් ගෙවෙන තුරු ගිවිසුගත දෙපාර්ශවය ජනතාවට හෝ කිසිම අයෙකුට ගිවිසුම පිළිබඳව අනාවරණය නොකළ යුතුය.කෙසේවෙතත් බැසිල් හාමු මේ ගිවිසුම අත්සන් කරන ලද්දේ මහ රෑ දොළහටය.ඒ ඥාණා කාලි අම්මියා විසින් දෙන ලද නැකතටය.කෝමත් තමන්ට කීයක් හරි ලැබෙනවා නම් රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරන්නට රාජපක්ෂ තක්කඩියන්ය අති මහත් දක්ෂයන්ය.දෙදහස් දහ හතේ වර්ෂයේදී එවකට ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් සමග අත්සන් කළ රට පවා දුන් ගිවිසුමද පාර්ලිමේන්තුවට හැංගුවේය.අන්තිමේදී බැරිම තැන කොලේ වසා තැනින් තැන ටිපෙක්ස් කළ ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභා ගත කෙරීණි.
අත්සන් කළ හොර ගිවිසුමේ සඳහන් සමාගම ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් නම් සමාගමකි.එහෙම බලන විට ශ්‍රී ලංකා සමාගමක් ඇමරිකාවේද තිබීම මුළු රටටම ආඩම්බරයක් යැයි පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණ පාර්ශවයට වාචාල පුරසාරම් කයිවාරු ගහන්නටද පුළුවන.කෙසේවෙතත් මේ සමාගම රාජපක්ෂ හාමුලා හා සම්බන්ධ ජාවාරම්කාර සමාගමක් බව අපට සිතා ගත හැකිය.එසේම මේ ගිවිසුමි ගත වීම තුලින් “ටෙන් ප්‍රසන්ට්” නාමධාරී බැසිල් හාමු හොඳ ගානක් පොකට් ගහ ගන්නට ඇත.එය එසේ නොවුනාම් තමා අප පුදුම විය යුතු වන්නේ.
තවමත් මෙම සැබෑ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත.අද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද්දේ මේ රට පාවා දුන් ගිවිසුමය.රාජපක්ෂ නොසන්ඩාලයන් අසික්කිත තක්කඩි මගෝඩි ආකාරයෙන් මේ විදියට රට පාවා දීීම ගැන හෙට දවසේදී දේශප්‍රේමීන් කියන්නේ හා කරන්නේ මොනවාද ගැන අපි ඇස් කන් ඇරගෙන බලා සිටිමු.