තරුණයන් එකොලොස් දෙනෙකු පැහැර ගෙන ගොස් වද දී ඝාතනය කරන ලදැයි අධිකරණ චෝදනා ලද හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මිල්ටෙරි නන්දසේන විසින් වයඹ පලාතේ ආණ්ඩුකාර තනතුරට පත් කර තිබේ.මෙම සාහසික අපරාදය සිදු වූයේ 2008 හා 2009 වසර වලදීය.
එවකට නාවුක හමුදා පතිවරයා වූ වසන්ත කරන්නාගොඩ මෙම තරුණයන් පැහැර ගෙන ගොස් රඳවා තබා ගෙන සිට පසුව ඝාතනය කළ බව නාවුක හමුදා පති වරයා වශයෙන් දැනුවත්ව සිටි බව සිටියේයැයි අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වාර්තා කොට තිබේ.මෙහිදී ඝාතනය පත් වූ තරුණයෙකු ගේ දෙමවුපියන් විසින් හිටපු අමාත්‍ය වරයකු වූ ෆිලීක්ස් පෙරේරා ගේ අවධානය යොමු කිරීමෙන් ඇමතිවරයා විසින් නාවුක හමුදාපතිවරයා ගෙන් ඒ ගැන විමසූ විට මෙම තරුණයන් පිරිස ත්‍රීමලය නාවුක කඳවුරේ රඳවා සිටින බව තහවුරු කර තිබේ.
කෙසේවෙතත් සම්පත් දසනායක නම් නාවුක නිළදාරියකු සාමාන්‍ය ජනතාවගෙන් කප්පම් ගන්නා බවට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු වට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව ඒ ගැන සිදු කළ පරීක්ෂණයේදී මෙම තරුණයන් ඝාතනය කළ සිදුවීමද අනාවරණය විය.නාවුක හමුදාපතිවරයා විසින් කළ පැමිණිල්ලට සමිබන්ද සම්පත් දසනායක නම් නාවුක නිළධාරියා ඔහුගේම අධි සහායකයා ලෙසින්ද කටයුතු කර ඇති පුද්ගලයෙකි.
නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ කළ පැමිණිල්ලට සම්බන්ධයෙන් වූ රහස් පොලිස් පරීක්ෂණ කෙළවර වූයේ නාවුක හමුදාපතිවරයාද මෙම සාහසික අපරාදයේ විත්තිකරුවකු කරමිනි.
එහෙත් නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙම චෝදනා වලට මුහුණදී අධිකරණ විභාගයකින් නිදහස් වනවාට වඩා ඔහුගේ හැසිරීම තුළ දකින්නට පැවතුනේ නඩුවෙන් කට්ටි පනින ස්වභාවයකි. රාජපක්ෂ බංගලාවේ නෝනා හාමුගේ පාර්ශවයේ සමීපතම ඥාතියකු වීම නිසා පාදඩ තක්කඩි අධිකරණ විනිශ්චය කරුවන්ගේ සහයෝගය පවා නිරන්තරයෙන් ලැබුණේ ඔහුටය.එම ළබැඳියාවන්ගේ තරම එම නඩුව විභාගය සඳහා අධිකරණය මගින් වූ කැඳවීම හා කල් දැමීමේ ක්‍රියාවලිය තුළින් ඉතා හොඳින් තහවුරු කර ගත හැකිය.වර්තමානයේ අලුත්කඩේ අධිකරණයේ විනිශ්චයාසන වල අරා සිටින වැඩි දෙනෙකු රාජපක්ෂ බංගලාවෙි වැසිකිලි හෝදන හා මිනිස් ආත්මය පාවා දෙන පච්ච පීචං නොසන්ඩාලයන්ය. මේ වන විට මුළු රටේම දැනුම් තේරුම් තියෙන ඔිනෑම කෙනෙකු මෙි විනිශ්චයකාර පච්ච පීචංගෝතයන්ගේ නපුසංක බාවය වටහා ගෙන සිටින බවට කිසිම සැකයක් නැත.
අපරාධ නඩුවක සැකකරුවකු වයඹ ආණ්ඩුකාර තනතුරුට පත් කිරීම ගැන මිල්ටෙරි නන්දසේනටද කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැති බවද අපි දනිමු. මේ කාලකණ්නියාට ලැජ්ජාවක් හිරිකිතයක් තිබුණේ නම් මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දුමින්ද සිල්වාට සමාව දෙන්නේවත් අධිකරණ චෝදනා ගණනාවක් ඇති ගලබොඩ අත්තේ නම් චීවරධාරියා මේ රටට අවශ්‍ය කෙරෙන නීතිි සම්පදනය කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති වරයා ලෙස පත් කරන්නේද නැත.
මේ ආණ්ඩුකාර තනතුර මෙතෙක් කල් දරන ලද්දේ මෙරට කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වූ රාජා කොල්ලුරේය.
නහින දෙහින කාලේ ලැබුණ ආණ්ඩුකාර පදවියේ චූන් එක නහුතෙට නැගීම නිසා පසුගිය දිනවල වර්ජනයට සහභාගි ගුරුවරුන්ගේ වැටුප අහිමි කරන බවට පුරසාරම් දෙඩවූයේද මේ මැන්ටල් ගොං බිජ්ජාය. මේ පුරසාරමෙහි බරපතල කම පැවතුණේ වැඩ වර්ජකයන්ගේ වැටුප අහිමි කරනවායැයි එලෙස දත මිටි කෑවෙි මාක්ස් ලෙනින් ලෝකයේ ගැලවුම් කාරයන් ලෙස සලකන පක්ෂයක මහ පුටුවේ වාඩි වී සිටි උන්දෑ නිසාය.එහෙත් ආණ්ඩුකාර තනතුරේ ජොලිය විඳින්නට තව දුරටත් දෛවය ඔහුට ඉඩ නොදුනි.හිස් වූ එම තනතුරට පත් කළ වසන්ත කරන්නාගොඩ නාවුක එවකට හමුදාපති වරයාව සිටියදී කප්පම් ගන්නවායැයි චෝදනා කරන ලද සම්පත් දසනායක නම් නාවුක නිළධාරියාගේ බිරිඳගේ පියා වූයේ මේ මිය ගිය ආණ්ඩුකාර රාජා කොල්ලුරේය.
මිල්ටෙරි නන්දසේන මොන මිනීමරුවා පත් කෙරුවත් අපට රිදෙනවාදැයි හිතාගෙන සිටින අපේ රටේ ඇතැමුන්ට කියන්නට ඇත්තේ මේ කෙරුවාවේ ප්‍රතිඵලය අපට ලැබෙන්නේ ජිනීවා හා නිව්යෝක්වල මානව හිමිකම් සංවිධාන හරහා බවය.ඒ ප්‍රතිඵලය නම් කරෝල කටු කෑවා නම් විඳවාපන් බළලෝ සයිස් එකේ වෙන්නට ඇති ඉඩ කඩ වඩා වැඩි බව බව නම් අපට කිව හැකිය.