Spread the love

ලංකාව කේක් ගෙඩියකි.48  නිදහස ලබපුදා සිට ලංකාවට ඇති ලොකුම ප්‍රස්නේ ඒක පුච්ච ගන්න හරි හපන් බක්කරේ කෙනෙක් සෙට් නොවීමය.රට ඇතුලෙන් එකෙක් හොයා ගන්න බැරිවුන නිසා බැරිම තැන 2019 දි බක්කරේ කෙනෙක් ඇමරිකාවෙන් ඉම්පෝට් කලෙමු.බැලින්නම් ඌ දන්නෙත් ෂෙඩ් එකක පැට්‍රෝල් ගහන විතරය .
දැන් ආපහු අපි බක්කරේ කෙනෙක් හොයන්නෙමු මොකටද කේක් පුච්චන්නය .මට පුලුවන්, මටත් පුලුවන් කියමින් දැන් තියා දෙතුන් දෙනෙක් ඉදිරිපත්ව සිටියි.අනුර කුමාර, සජිත්, අන්තරේ සහ කර්නර් ඒ අතර වෙයි .2015 දි  “මටත් පුලුවන්”  කිව්ව නාගලා පල්ලේවත්තලා දැන් එයාලගේ බේකරි වහලාද මන්දාය .එක එක බක්කරේලා හදන කේක් රසයෙන් වෙනස් වෙන්නේ උන්ගෙ අත්ගුණේ සහ එක්ස්පීරියන්ස් එක අනුවය.හැබැයි කොයි බක්කරේටත් කේක් හදන්න පිටි සීනි බටර් ඕනෑය. 
නමුත් 1948 ට වඩා දෙදාස් විසිඑකේ කේක් හැදිල්ල වෙනස්ය .ඒ වගේම අද ඇත්තේ කලින් කලට එක එක බක්කරේලා හොරට පුච්චපු කේක් ගෙඩියකි.ඒ මදිවට පුසුත් කාලාය .අලුතින් ඉදිරිපත් වෙලා ඉන්න බක්කරේලා සැට් එක මේ පුස් කේක් එකෙන් අපි ඉල්ලන අලුත් කේක් එක හදලා දෙන්න දහ අතේ පොරෙන්දු වෙයි.හැබැයි කෝමද කියා නොකියයි.”දුන්නොත් හදලා දෙන්නම්” කියා කියයි.මම රට රාජ්ජ රාශියක ඇවිද ඇත්තෙමි.කේක් පුච්චනවා බලාහිඳ ඇත්තෙමි.කේක් කාලාද ඇත්තෙමි.ඒත් පුස් කේක් වලින් අලුත් කේක් හදන විදියක් නම් දැක නැත්තෙමි.ඒ රටවල බක්කරේලාගෙන් ඇහුවටඋන් දන්නෙත් නැතිය.මරු වැඩේය.
පසුවදන:
ලංකාවට පකිස්ථානයෙන් ඉගෙනීමට පාඩමක් වෙයි.එනම් රටක් යම් සීමාවකට එහා දුෂිතව බංකලොත් වු පසු ඔක්ස්ෆර්ඩ් උපාධිදාරි ඉම්රාන් ඛාන් නොව ලී ක්වාන් යූ මිනී වලෙන් නැගිට ආවත් ගොඩගැනීම අසීරු බවයි.ඊට හේතුව අදාළ රටවල් අරගෙන ඇති දැවැන්ත ණය කන්දයි.දුෂණ විරෝධී, අන්ත දුෂිත හිටපු අගමැතිවරුන් හිරේ දැම්ම, සැප වාහන විකුණනපු, තම කාර්ය මණ්ඩලය දෙන්නෙකුට බස්සපු, වචනයෙන් හා ක්‍රියාවෙන්ද අදුෂිත ඉම්රාන් ඛාන්ගේ ආන්ඩුව බලයට පත්ව වසර දෙකකට පසු අද බංකොලොත්ය.
පීඩාවට පත් ජනයා “හිටපු හොරු හොදයි” කියන තත්ත්වයට පත්ව ඇත.අද අප රටේ වාර්ෂික ණය වාරිකය දළ දේශිය නිෂ්පාදනයට වඩා 105% කින් වැඩිය .එනම් සංචාරක කර්මාන්තය හරි ගිහිල්ලා, විදේශ ශ්‍රමිකයන් සල්ලි එවලා, සුපුරුදු අපනයන ඒ විදියටම සිද්ද වුවත් රටේ ආදායම ණය ගෙවීමට මදිය.එවිට සේවක පඩි නඩි, අධ්‍යාපනයට සෞඛ්‍යයට වියදම් කරන්නේ කුමක්ද?තව විදේශ ණයක් ගැනීමෙනි.අපි ආදර්ශයට ගන්නා දියුණු වෙමින් පවතින රටවල් වන බංගලිදේශය, ඉතියෝපියාව හෝ රුවන්ඩාවේ මේ තත්ත්වය නැත.උන්ට දියුණුවේ මාවතට එන්ටර් වෙන්න පහසුවක් වුනේ මේ විදේශ ණය කියන මරඋඟුලට ඔවුන් හසුවී නොසිටි නිසාය. (නැතිනම් මේ රටවල තවමත් පට්ට දුෂිත, ප්‍රජාතන්ත්‍රවාදය අන්තිමය )
ගෝඨාභය ආන්ඩුව ෆේල්ය .ඒක ආපහු කූරු ගාලා හැදිය හැකි කේක් ගෙඩියක් නැත.අකුදි, සජිත්, පෙරටුගාමින් දැන ගත යුත්තේ එයාලා කොයි තරම් තවුසන් ටෝක්ස් දුන්නත් පුස් කාපු කේක් එකකින් අලුත් කේක් එකක් හදන්න එයාලට බැරි බව ජනතාව දන්නා බවයි.උන් කොයි වෙලාවේ හරි රට පනින්න අවස්ථාවක් එනකම් බලා සිටින්නේ ඒ නිසාය.ඔවුන් තමන් වෙත ඡන්දයක් පාවිචි කරනුයේ තිබෙන ආණ්ඩුවට විරොධය පෙන්වීමට මිස වෙන කරුණකට නොවෙන බවයි.මාක්ස්ගේ පොත්වල ලෙනින්ගේ පොත්වල මෙන්ම අද ජීවත් වන ෂිශැක්ලාගේ පොත්වලත් පුස් කේක් වලින් අලුත් කේක් හදන විදිය සඳහන් වන්නේ නැත.
නමුත් පුස් කේක් ගෙඩියෙන් අලුත් කේක් ගෙඩියක් තැනීමේ අභියෝගය අප හමුවේ ඇත.ලෝකේ කොහෙවත් තවම එය සිදු වී නොමැති නිසා අප සාර්ථක වුවහොත් එසේවූ පලමු රාජ්‍යය අප වනු ඇත.ලෝකයාට දායාද කරනු ලබන හෙළ දැනුම් සම්භාරය එය වනු ඇත.තිත්ත කසාය බීපු ගොලුවන් සේ අපේ අලුත් බක්කරේලාද මග හරින ප්‍රශ්නයකි, වාර්ෂිකව බිලියන පහක් පමන වන විදේශ ණය ගෙවන්න මුදල් සොයාගන්නා ආකාරය.දුෂණය නතර කල ඉම්රාන්ටද IMF එක ණය දීම ප්‍රතික්ෂේප කර තිබෙයි.අපටද එය වන්නට ඇති ඉඩකඩ වැඩිය.ණය මුදලාලිලා “පුලුවන් දවසක උඹලා අපේ ණය ගෙවපල්ලා” කියන්න උන් අපේ අප්පච්චිලා නෙමේය.(ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු ණයහිමියා තමන්ට අවාසි කරගෙන අපට දෙන සහනයක් නොවේ)ඒක ණය ගෙවීම කල්දමා ගැනීමට කියන ආලවට්ටම් වචනයක් පමණි.කවදා හරි මුළු ණයත්, කල්දමා ගත්ත කාලයටත් එක්කම පොලිය ගෙවිය යුතුය.පාලකයා කරන්නේ යන්නේ IMF එකට මුවාවෙලා හොරාකෑම සදහා තව සහන කාලයක් දිර්ඝ කර ගැනීමය.රට ණය අර්බුදයෙන් ගොඩගන්න තියෙන ඒකම ක්‍රමය රටට මුදල් ගලා එන නව ක්‍රම හදුන්වා දීමත් තියෙන ක්‍රම කඩිනමින් තව වැඩිදියුණු කර ගැනීමත් පමණි.
හොරා නොකන පාලකයන් හොඳය.අන් අයටත් හොරා කන්න  නොදෙන අය තව හොදය.හොරා කාපුවා රාජ සන්තක කරන අය ඉතා හොදය. (නමුත් මේක ඉතාමත්ම අමාරු සහ අවුරුදු 10- 20 ක් ඇදෙන වැඩකි. (උදා : මල්වානේ නිවස ) එයාලා හොරාකා ඇත්තේ නීත්‍යානුකූලවමය . (උදා : සීනි හොරකම , මහ බැංකු කොල්ලය ) ඒවා අල්ලන්නම බැරිය.හොරාකාපු ට්‍රිලියන ගනන් මුදල් ඇත්තේද විදෙස් බැංකු වලය. ඒවා කෝමත් අල්ලන බැරිය.ඒක නිසා පුස් කේක් එක කුඩු කරලා අලුත් කේක් එකක් හදන්න පොරෙන්දු වෙන අය තමන්  තමන්වත් රවට්ටගෙන ජනතාවත් රවට්ටන්න එපාය.අපි පුස් කේක් වලින් අලුත් කේක්ගෙඩියක් හදන නව ක්‍රමවේදයක් සොයා ගතයුතු වෙමු.එය කල හැක්කේ මාක්ස්වාදය,සමාජවාදය, ධනවාදය, ලිබරල්වාදය ආදී පරණ තැටි වලම කේක්ගෙඩිය පිච්චීමට උත්සාහ කිරීමෙන් නොව අලුත් තැටියක් සහ අලුත් මෙතඩලොජියක් අත්හදා බැලීමෙන් පමණි.ඒ සදහා රටවැසියා කල්පනා කලයුතුය. සුදානම් වියයුතුය.

Dr.නිලංග සමරසිංහ ලියයි.


Spread the love
2 Comments
  1. මේ කියන අලූත්ම ක්‍රමවේදය අප විසින් සොයාගෙන දැනට වසර 41 ක් ගෙවී ඇත. රටේ අවාසනාවට එහි නිර්මාතෘ වරුන්ට එම ක්‍රමවේදය හඳුන්වාදෙනවා තබා රටේ වත් ඉන්න ඉන්න බැරි වන තරමට කටයුතු සැලසීම නිසා විදේශයක සිට හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින්නෙමු.
    පුස් කාපු කේක් වලින් අලුත් කේක් හදනවා වෙනුවට අපි අපේ ජනතාවට එවෙලෙම පිසු උණු උණු කිරි බත් කිතුල් හකුරු කෑල්ලක් සමගින් අනුභව කිරීමට දෙන්නෙමු

    හෙට නිර්මාණය කිරීමේදී අපි කිසිම මොහොතක ජරාජීර්ණ දේශපාලන පදනමේ සිට එය සැලසුම් නොකරමු.
    අපට අවශ්‍ය ඔබගේ විශ්වාසය පමණයි.

    (මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා 09.12.2021)

    • මහාචාර්ය තුමනි;
      ඔබතුමා පිලිබදව මම අහලා තියෙනවා . මම ඉල්ලීමක් කරනවා ඔබතුමාලා අපි සියල්ල එකතුවෙමු. මම මෙකරන්නේත් එවනි කැප කිරීමකින් ඔබතුමා කැමතිනම් අපි කතාකරමු. මම පදිංචි එංගලන්තේ 00447427420089 කතාකරන්න ඕනෑම වේලාවක. ඉතාම සතුටුයි ඔබතුමාගේ අදහස් දැක්වීමට .
      ස්තුතියි

Leave a Comment

You may also like