උණුසුම් පුවත්

මදුෂ්ගේ බැංකු ගිණුම් 23ක කෝටි 1000 (දාහකට) ආසන්න මුදලක් අතුරුදහන්, මරා දැමීමට පෙර අත්සන් ගත් ලේඛන මොනවාද…………….?

Spread the love

මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන පැමිණි මාකඳුරේ මධූෂ් නැමති සැකකරු මෙරටට ගෙන එන අවස්ථාවේදී ද ඩුබායි බැංකු ගිණුම් 23ක  රුපියල් කෝටි 1000 ( දාහකට )ආසන්න මුදලක්  එම  තිබී ඇති බවට   එදා විශේෂ කාර්ය බලකාය කරන ලද විමර්ශනයේදී හෙළිවී තිබුණි.

ඒ පිළිබඳව  පුවත්පත්වල දිගින් දිගටම පලවිය. එහෙත් මධූෂ මෙරටට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පැමිණීමෙන් පසුව රඳවා ගැනීමේ නියෝග අනුව ඔහු රඳවා සිටින ලදී. රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර දෙකකට ආසන්න කාලයක් රඳවා සිටියදී හිටිහැටියෙම කොළඹ විශේෂ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නියෝගයක් මත  අවි ආයුධ පෙන්වීමට  යැයි කියා ඔහු රැගෙන ගොස් ඝාතනය කළේය.

එම ඝාතනයත් සමඟම ඒ වෙන විට තිබූ කෝටි දාහකට ආසන්න බැංකු ගිණුම්විසි 23 තුනකට අදාළ කෝටි දාහකට ආසන්න  මුදලට සිදු වූ දෙයක් නැති බව අප වෙත වාර්තා වේ. ඒ පිළිබඳව  අප වෙත තොරතුරු දැනගැනීමට ලැබී ඇත්තේ මධූෂ මරා දැමීමට පෙර ඔහුගෙන් විවිධ ලේඛන වලට අත්සන් ලබාගෙන ඇති බවයි .

ඒ පිළිබඳව දිගින් දිගටමපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවා මධූෂ කෝටි 1000 දහසට ආසන්න මුදලක් බැංකු ගිණුම් විසි තුනකට ආසන්න ප්‍රමාණයක ඇති බව ඔහු දිගින් දිගටම ජනමාධ්‍ය මගින් අති විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් කියා සිටියේ ඒ සියල්ලම උඩු යටිකුරු කරමින් මධූෂ මරා දැමීමත් සමඟම එම බැංකු ගිණුම් වල තිබූ මුදල් කිසිවකු විසින් ලබා ගත්තේ ද……..? යන්න පිළිබඳව දැඩි කතාබහක් මෙවැනි විට ඇතිව ඇත .ඔහු සතුව කොපමණ මුදලක් තිබී ඇත්ද යන්න පිළිබඳව කිසිදු සැකයක් ඇති නොවන්නේ ඔහුගේ පියාගේ මරණය අවස්ථාවේදී ලක්ෂ  දහයකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් හෙලිකොප්ටර් යොදා මල් ඉසීමට තරම්  කටයුතු කිරීම පුදුම සහගත ය.

පොලිස් නිලධාරීන් මධූෂ  මරා දැමීමට පෙර ඔහුගේ අත්සන් ලබාගෙන එම මුදල් වෙනත් ගිණුම් වලට හරවා ගත්තා දැයි යන්න පිළිබඳව අපි දැඩි විමසිල්ලෙන් විමර්ශනයකයෙදී සිටින්නෙමු.  කිසියම් උසස් නිලධාරියකු විසින් එම මුදල් ලබා ගත්තේ ද ………? එසේ නොමැති නම් මරාදැමුණු මධූෂ් ගෙන් කුමන ලේඛනවලට අත්සන් ගත්තේ ද යන්න පිළිබඳව පොලීසිය හෙළි කළ යුතුය.

https://www.dailymirror.lk/breaking_news/Madush-alleged-to-have-deposited-Rs-10-bn–in–SL-and-Dubai-banks/108-162558

 මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ අපරාධකරුවන් මරා දමන්නේ එම කටයුතු මෙහෙවන  ප්‍රධානපෙළේ ඇමැතිවරුන් සහ විවිධ ප්‍රධාන පෙළේ ප්‍රභූවරුන් යෑයි කියාගන්නා කොටස් සඟවා ගැනීමට බව අප දිගින් දිගටම හෙළිකළෙමු.

මේ පිළිබඳව සැකකරු මධූෂ්ගේ නීත්‍යානුකූල බිරිඳගෙන් විමසීමේදී ඇය කියා සිටියේ  ඇයට සත පහක මුදලක් මේ වනතෙක් ලැබී නැති බවත්  කුමක් සිදුවේද යන්න පිළිබඳව ඇය තවදුරටත් සොයා නොබලන බවත්, එම මුදල් කිසිවෙක් විසින් ලබා ගත්තේ ද නැද්ද යන්න කීමට ඇය නොදන්නා බවයි.

මධූෂ්පිළිබඳව  ඉතා හොඳින් දන්නා තවත් පුද්ගලයෙක් ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු කියා සිටියේ තමන්ට ද එම පුවත්පත් සියල්ලම දැක ගැනීමට හැකි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවා කියා සිටියේ කෝටි1000  දාහකට ආසන්න මුදලක්  මධූෂ උපයා ඇති බවත් එම මුදල් සියල්ලම බැංකු ගිණුම් 23ක තැන්පත් කර ඇති බවයි.

එහෙත් මේ පිළිබඳව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ එම ගිණුම් වල කිසිදු මුදලක් මේ වන විටත් නොමැති බවයි. දැන ගැනීමට ඇති කරුණු අනුව මේ වන විට මධූෂ මරා දැමීමට ප්‍රධානතම හේතු වී ඇත්තේ එම මුදල් ලබා ගැනීමට සහ මධූෂ සමග මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ප්‍රබල ජාවාරම්කරුවන් හෙලිවීම වලක්වාගැනීමට බවත්, ඒ සඳහා පෙළ ගැසී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලකයින් හෙළි වීම නතර ගැනීමටය.

කොළඹ අපරාධ කොට්ඨාසයට මදුෂ් රැගෙන පැමිණි අවස්ථාවේදී මීගමුව ප්‍රදේශයේ එක්තරා දේශපාලකයෙකුගේ නමක් හෙළි කිරීම නිසා මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් කරන ලදී ඉල්ලීමකට අනුව මෙම ඝාතනය සිදුවී ඇති බවත් අප වෙත වාර්තාවී ඇත.


Spread the love

Leave a Comment

You may also like