උණුසුම් පුවත්

 මද්‍රාසා පාසැල්,බොදුබල ,රාවනා ,තවුෆික් ජමාත්,  මෙරටින් ඉවත් නොකලොත් අනාගතේ හන්දිගානේ ප්‍රියන්තලා,මොහොමඩ්ලා , ගනේෂන්ලා මරා පුළුස්සාවි.(වීඩියෝ සහිතයි)

Spread the love

ආසියානු කලාපයේ ජීවත්වන බොහෝ මිනිසුන් තම ආගමික ශාස්තෘවරයා කියු කරුණාව ,දයාව ,පරිත්‍යාගය සියල්ලම බඩ ගෝස්තර වාදි ලෙසට විකෘති කරමින් ජන මනස දිනෙන් දිනම කොල්ලකමින් ඇත. ඊට උගත් ,නුගත්. ඇති,හැකි ,දුප්පත් පෝසත් බේදයකින් තොරව බොහෝ ආසියාතික රටවල් බිලි වී ඇත.

ඒත් මෙවනි සිද්ධීන් පාකිස්තානයෙන් , ඇෆ්ගනිස්තානයෙන් නිතරම ඇසිමට ලැබෙන හද කම්පාකරවන පුවත්ය. මීට මාසයකට ආසන්න දිනකදි තම දරුවා ගේ විවාහය පිලිබදව නොසතුටට පත් පියා දරුවන් තිදෙනෙකු කපා මරා දෙවියන්ට බාර දීම කුමන මිලේච්ඡත්වයක් වන්නේද  ? ඒ හා සමානවම වැඩවර්ජනයක දි ඇති වු මත ගැටුමක් නිසාම මෙවනි අන්ත්වාදීන් ප්‍රියන්ත කුමාර දියවඩනව මරා පිලිස්සීමට තරම් විකෘති මනසක් ලද උන්  අන්තවාදි ආගමික කොටසකි.

සම්මා සම්බුදුරජානන්වහන්සේ වදාල සම්බුද්ධ ධර්මය විකෘති කරමින්මඩිය තර කරගන්නා ලංකාවේ ගලබඩඅත්තේ ඥානසාර භික්ෂුව ඇතුළු පොට්ටෙනි කාරයන් සිදු කරන්නේත් සිල්කොට් කාලක්න්ණිවාහෙලා සිදුකල විනාශයමය.

මේ බොහෝ ආගම් වල ඇත්තේ දැන් ඉන්න උන්ගේ කෙරුවාවල්ය නබිනායකතුමා මිනිමැරීමට හෝ මිනිසුන් මරා පිලිස්සීමට හෝ අනිකාගේ එවා හොරාකෑමට කියා නැත්ත. අද සිටින වාහෙලා ඒ නබිනායකතුමාගේ මුලික හරයට පයින් ගසා මිනිසුන් ගේ මොළ සෝදා බඩ වඩා ගැනීම සිදුකරයි .

ආගමික ශාස්තෘවරයා කිවූ දේට වඩා පටහැනි යමක් කියා තමාගේ බඩ වඩා ගැනීමේ ජීවනෝපායක් වශයෙන් අද ආගම යොදාගෙන ඇති බවට ශ්‍රී ලංකාවේ ද දක්නට ඇත. අද අපි ප්‍රියන්තගේ මිලේඡ මරණය පිලිබදව විවිධ ආකාරයෙන් දුක්වන්නේ ඒ සියල්ල ලෝකයක් බලා සිටියදි ප්‍රසිද්ධියේ විදේශිකයෙකුට සිදු වු නිසාය. ඒ මිනිමැරුමට පාකිස්තාන් අගමැති ඉම් රාන් ඛාන් මහතා දැක් වු  දැඩි ශණික ප්‍රතිචාරය සමස්ත ලෝක ප්‍රජාවම අගය කළේ ඔහු ගේ රාජත්‍රාන්තික භාවය මනාව පෙන්නුම් කල නිසාවෙනි.

ප්‍රියන්ත කුමාර ගේ මිනීමැරුම පිළිබඳව යුක්තිය ඉෂ්ට වන බව සහතික ය. ඒ ශ්‍රී ලංකාවේ නොවන නිසාය. පකිස්ථානයේ නීති දෙක තුනක් නැත ඇත්තේ එකම නීතියකි. ඒ නීතිය පිළිබඳ ඒ රටේ නීතිය පිළිබඳව සහතිකයක් දී ඇති අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වන විටත් යුක්තිය පසිඳලීමට අවශ්‍ය සියලු වටපිටාව සකස් කොට හමාරය.

ඒත් ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු වූවා නම් අද දේශපාලකයාගේ බලපෑමෙන් සියල්ල කණපිට හැරෙනු නොඅනුමානය.

ඒත් අපේ මහපොලවේ උපන් අපේම මුස්ලිම් මවක් ,දරුවෙකු හා තවත් 03 නෙකු මරාදැමීමට අන්තවාදි බොදුබල සේනාවේ ගනින්නාන්සේ සිදුකල මිලේඡ ප්‍රහාරයට ඔහුට දුන් දඩුවම වුයේ ගෝඨාභය ආණ්ඩුවේ නිති සම්පාදක කාර්ය සාධක බලකායේ සභාපති කමය.

රටේ අධිකරණයට අපහාස කළ  සම්බුද්ධ ශාසනයේ ම අන්‍යාගමිකයින් ගේ වෛරයට පත් කරන ආකාරයෙන්,  නිඝන්ටයෙකුට ,බේබද්දෙකු ට ඒම මිනිමැරීමට ශ්‍රී ලංකාවේ දුන් දඬුවම එයයි. පස්පව් ගැන නොදන්නා මෙම භික්ෂුව තමාගේම භික්ෂූන්ට ඉතාමත්ම නිග්‍රහ සහ පරිභව කරන ආකාරය පිළිබඳව වීඩියෝ සමාජ ජාලා තුළ අනන්තවත් ඇත.

https://www.youtube.com/watch?v=UQQeWrxddt4

මෙම ලියුම්කරු දිගන පල්ලිය තුලදි මරාදැමුනු තරුණයෙකු පුද්ගලිකවම දන්නා අතර ඔහු  පලාතේ දහම්පාසැල් සමඟ ,පන්සල් සමඟ ඉතාම හොදින් කිට්ටුව සිටි අවු 26ක වු තරුණයෙකි. අවසානයේ දිගන පල්ලිය තුලදි මරාදැමු ඥාණසාරගේ කණ්ඩායම අද සිටින්නේ ගෝඨාභය ගේ නිති සම්පාදක ගෝඨාභයගේ ඔඩොක්කු මංඩලයේය. මද්‍රාසාපාසැල් , තව්පික් ජමාතේ සංවිධාන, රාවණා බළකාය, බොදු බල සේනා ,රාවනා , එකි මෙකී නොකී මනුෂත්වයට එරෙහි මේ සියල්ලම එකම ගොන්නකට දමා තහනම් කලයුතුමය.

අද මද්‍රාසා නමින් ද රාවනා බලකාය නමින්ද බොදු බල සේනා නමින්ද කොහොම කොයි ආකාරයෙන් පැමිණියත් අනාගතේ යම් දවසක හන්දි ගානේ අපේම දරුවන් පිච්චෙන බවනම් සහතිකය. ඊට ගෝඨාභය ආණ්ඩුව ඕනෑවටත් වඩා අවශ්‍ය බීජ දැන් වපුරා හමායය, 

දැන්වත් මේ කුරිරු මිලේඡ ආගමික අන්තවාදි වැපිරිල්ල තම තමාගේ දේශපාලනයට ඈදා නොගෙන වහාම තහනම් කල යුතුය. එසේ නොවුනහොත් හංදිගානේ ප්‍රියන්තලා ,මොහොමඩ්ලා , ගනේෂන්ලා  මරා පුළුස්සනු ඇත.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like