උණුසුම් පුවත්

දෙවියන්ගේ භූතයන්ගේ හා පෙරේතයන්ගේ කැමැත්තට ජනපති අගමැති සිහින දකින දේශපාලන පිස්සු පුසන් කළ එළි බසිමින් සිටී ප්‍රවේශම් වන්න.

Spread the love

හෙට අනිද්දා වෙන විට මෙරට දේශපාලන භූමියේ උඩු කරණම් යටි කරනම් රබන් කැරකැවිලි සොකරි හා දහ අට සන්නි අඩුවක් නැතුව දකින්නට හැකි වෙනු ඇත.මං ජනාධිපතිලා කප්පරක ගේ  කයිවාරු මාධ්‍ය වලින් අසන්නටද හැකියාවක් ලැබෙනු නිසැකය.ඒ මේ වන විටත් මන්ද මානසික පිස්සු පූස් කේන්දර කාරයන්ගෙන් හා  කට්ටඬියන්ගෙන් විවරණ ලබන අඳ බාල දේශපාලඥයන් රොත්තක්ම රටේ අගමැති වීමට හා ජනපති වීමට සිහින දකිමින් සිටින නිසාය.

මේ  විගඩම් වල පෙර මග ලකුණු සටහන් කරමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තිබේ.ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වී මල්වතු අස්ගිරි කූට්ටම හමුවීමෙන් පසුව මාධ්‍ය වලට ප්‍රකාශ කර ඇත්තේ තමන් පොදු අපේක්ෂකයා වීමට අකමැත්තක් නැති බවය.⁣ක්‍රිකට් වලින් ලෝක කුසලානය දිනා ගැනීමට අණ දුන් නායකයා අර්ජුන රණතුංග නිසා ඔහු මෙරට ජනාධිපති හෝ අගමැති වීමට සුදුසුකම් සපුරා ඇතැයි සමහරුන් සිතන්නට ඉඩ තිබෙි.මිල්ටෙරි නන්දසේන යුද්ධය පැවැති අවධියේ ආරක්ෂක ලේකම් වූ නිසා රටේ ජනපති කළ යුතු යැයි සිතමින් කතිරය ගැසූ නිසාම  අද රට පාන් කියාගන්නට බැරි තරමේ වල පල්ලට වැටී ඇතැයි අපේ උන්දැලාතේරුම් ගන්නේ නැති බැවින් අර්ජුන  රණතුංගටත් ලෝක කුසලාන ජයග්‍රහණය තුරුම්බුවක් ලෙස භාවිතා කළ හැකිය.
එජාපයෙන් අස්වී අර්ජුන  අස්ගිරි මල්වතු කූට්ටම හමුවන්නේද තමන්ගේ සිංහල බෞද්ධකමේ හංවඩුව තියා ගන්නටය.  ඇත්ත කතාව එය නොවේය.ඒ කේන්දර පිටපතේ ඇති ආනුභාවයයි.අර්ජුනගේ සහෝදර ප්‍රසන්න රණතුංග ගේ කේන්දර සටහනේද රටේ නායකත්වය පත් වෙන ලෙසට ග්‍රහයන් පිහිටා ඇතැයි කියවේ.
එහෙමනම් දැන් වැඩේ හරිය. අයිය මලෝ දෙදෙනාට රටේ ජනපති හා අගමැති තනතුරු දෙක සහයෝගයෙන් බෙදා ගත හැකිය.ඒ සඳහා මහින්ද හා මිල්ටෙරි නන්දසේන සහෝදර සුසංයෝගය  පූර්වාදර්ශයක් කරගත හැකිය.
මං චෙස් වලින් කප් ගහලා තියෙනවාය, අර අහවල් නාට්‍යයේ මාර විදියට රඟපෑ නිළිය මම වෙමි,යුද්දය දවස්වල අහවල් බැටෑලියන් එකට අණ දුන්නේ රණවිරුවා මාය, යුද්දයේදී මගේ ඇට දෙකෙන් එකක් පවා නැතිවී තියෙනවාය, මා නාථ දෙයියන්ගේ ගෝලයාය.ආදී වශයෙන් නාහෙන් අඬන වුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වරුන් ලෙස පත් කරගන්නා රටක පිස්සු පූස් කට්ටඬියන් ගේ නිර්දේශ මත රජාට අඳින සිහින ජනාධිපති හා අගමැතිලා ගැන අප පුදුම විය යුතුද නැත.අප පුදුම විය යුත්තේ අපේ රටේ පාර්ලිමේන්තුව තුළ එවැනි මානසික ලෙඩුන් නැතිනම් පමණය.අද පාර්ලිමේන්තුවේ හරි අඩක්ම නියෝජනය කරන්නේ  කාලි අම්මිගේ නාථදෙයියන්ගේ  හා කතරගං දෙයියන්ගේ වරම් ගත් බාග කපු මහත්වරුන්ය.
මෙි වාහෙලා කන්නේ  බොන්නේ රෙන්නේ  නැකතටය. අධෝවාතයක් පවා යවන්නේ මරු සිටින දිසාව තහවුරු කරගෙනය. රටේ ජනතාවට මතුවන ආර්ථික සාමාජික සංස්කෘතික ප්‍රශ්ණ වලට මේ උන්දැලා විසඳුම් හොයන්නේද දේවාල අස්සේය.
මෙි වන විට රට තුළ දැඩි අර්බුදයක්ව පවතින ගෘහස්ත ගෑස් උපකරණ පිපීරීම
පිළිබඳව ජයසුමන අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ මේ තත්ත්වය මතුවී ඇත්තේ දේව කෝපයක් නිසා විය හැකි බවය.රටේ ඇමති මණ්ඩ⁣ලයේ එවුන් මේ විදියට උම්බෑ කියනවා නම් රටේ හෙට දවස ගැන  අපට හිතා ගන්නට පුළුවන.කාලි පැණිය ප්‍රමෝට් කර ගුරුකම් මුට්ටි අතෑරීමේ කෙරුවාවෙන් පවා කෝවිඩ් රෝගය මර්දනය නොවූ බවවත් මේ ගොබ්බයන්ට මතක නැත.ඒ කෙලවිල්ල අත්දැකීමක් කරගන්නට තරමේවත්  මොළයක් මේ ගොබ්බ තකතිරුවන්ට තිබුණේ නැත.
අර්ජුන රණතුංග එජාපයෙන් එළියට බහින්නේද කේන්දර පිටපත සාක්කුවේ දමාගෙනය.උඩුග⁣ම්පොල  හිටිය අවසාන රජ්ජුරුවෝ ජේමිස් රජ්ජුරුවෝය.මේ රජකම ජේමිස්ට ලැබුණේ රාජ පෙලපතක උරුමක්කාර කමකට නොවේය.ජේමිස් රජ්ජුරුවෝ කෙරුවේ බූරුවා ගැස්සිල්ලය.කුකුළන් කෙටවීමය.බූරුවා ගැහිල්ලෙන් දිනූ එකාට යහතින් ගෙදර යන්නට බැරි විය.ඒ ජේමිස් රජ්ජුරුවන්ගේ මදාවි සේනාව ඒකා අතරමගදී මංකොල්ල කන නිසාය.මේ උඩුගම්පොළ  මැර ජේමිස් රජ්ජුරුවෝ වෙනින් කවුරුවත් නොවේය.අර්ජුන ප්‍රසන්න රණතුංඟ ඩබලේ මුත්තාය.ගම්පහ උඩුගම්පොළ ජීවත්වූ ජේමිස් රජ්ජුරුවෝ දැන් දේව ආත්මයක සිට සිය මුණුපුරන් රජ කරවන්නට ගේමක් ගහනවා වන්ටත් බැරි නැත.සමහර විට 1993 ක්‍රිකටි ලෝක කුසලානය ⁣අපේ රටට ගේන්නට ජේමිස් දේවතාවුන්වහන්සේ උදව් උපකාර කරා යැයි අර්ජුන රණතුංග විශ්වාස කරනවා වෙන්ටත් බැරි නැත.
එය එසේ වන්නේ නම් ගම්පහ උඩුගම්පොළ ජේමිස් රජා ගේ මුණුබුරා ලහි ලහියේ  මේසූදානම්වන්නේරටේජනාධිපතිවීරටකිරියෙන්පැණියෙන්උතුරවන්නටය.එපමනක්ද නොවේ.අප මුලින් සඳහන් කළ ආකාරයටම දේව භූත පෙරේත කට්ටඬියන් ගේ ආශීර්වාදයෙන් රටේ ජනාධිපති කමට පෙළ ගැහෙන පිස්සු පූසන් රාසියක් හෙට අනිද්දා වන විට දැක බලා ගන්නට හැකි වනු ඇත්තේය.
මේ රොත්ත අස්සේ හමුදාපති ශවෙින්ද්‍ර ද සිටී.සති දෙකක⁣ට පාරක් සීනිගම දේවාලයට ගොස්  දෙවියන්ට පුද පූජා පවත්වා තමන්ගේ අගමැති සිහිනය ගොඩ දාන ලෙසට කන්නලව් කරන ⁣හමුදාපති කාරයා සීනිගං දෙයියන්ගේ ගැත්තෙක් බවට පත් වී සිටී.සීනිගම දෙයියන් යනු අතීතයේ ජීවත්වූ අපරාද කාරයෙකි. මේකා මුහුදු වැල්ල හාල් බවට පත්  කොට ජනතාවට මැජික් සංදර්ශන  පෙන්වමින් ජීවිකාව ගෙන ගිය එකෙකි.සිය පියා සිදු කරන මේ මැජික් කෙරුවාවේ රහස  ගැන දැන ගන්නා ඔහුගේ පුත්‍රයා ඒ ගැන තම මවට පවසයි.එම රහස එළිවීමෙන් පසුව වැලි හාල් නොවූ බව පැවැසේ.ඉන් කුපිත වන සීනිගම ත්‍රාඩයා සිය බිරිඳත් දරුවාත් දස වද දී මරා දමයි.සිය බිරිඳත් දරුවාත් සාහසික ආකාරයෙන් මරා දැමූ මොහු උනවටුන ප්‍රදේශයේ සැඟවුන බව කියවේ. පසුකාලීනව දේවත්වයට පත් වන්නේ මේ අපරාදකාරයාය.අපරාදේ කියන්න බැරිය.හමුදාපති ශවේන්ද්‍ර තම අගමැති සිහිනය ගොඩ දා ගැනීමට සීනිගම දෙවියන් තෝරා ගැනීම නිවැරිදි තෝරා ගැනීමක් බව අපට සිතේ.
එහෙම බලන විට අද මේ රට පාලනය කරන්නේ දෙවියන් යක්ෂයන් පෙරේතයන් හා කුම්භාන්ඩයන්ය. පුංචි කෙල්ලකගේ  බුරිය දකින විට සරමේ සූතුරු බේරෙන වුන් සි⁣ටින සමාජයක් පාලනයට මේ ආකාරයේ අපත උන්දැලාට වඩා වෙනස් එවුන් පත් වෙනු ඇතැයිද සිතන්නටවත් බැරිය.

Spread the love

Leave a Comment

You may also like