උණුසුම් පුවත්

පුතා ගේ ජීවිතය රැක දෙන්න යැයි, පොඩි ලැසී ගේ මව ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

Spread the love

පොලිස් අත් අඩංගුවේ සිටින පුද්ගලයන්ට නිසි ආරක්ෂාව දෙනවා වෙනුවට දැන් සිදු කරන්නේ ඒම සැකකරුවන් විවිධ ගැටුම් ඇති වු බවට හුවා දක්වමින් වෙඩි තබා මරාදැමීමයි. එය බොහෝ විටම දැකිය හැක්කේ රාජපක්ෂලා බලයට පැමිණි අවස්ථාවලදීය.

පසු ගිය කාලය පුරාවටම එවනි පුද්ගලයන් කිසිදු පිලිගත හැකි පදනමකින් තොරව වෙඩි තබා මරාදමා ඇත. ඊටආසන්නතම සිද්ධිය වුයේ ටින්කරින් ලසන්ත යන පුද්ගලයාව ඝාතනය කිරීමයි. එම ඝාතනයට පෙර නිතිඥ ප්‍රජාව මෙන්ම අපද පෞද්ගලිකවම ඊට මැදිහත් වුවත්, ඒය වලක්වා ගැනීමට නොහැකි විය. මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා ගැනීමේ නියෝග යටතේ සිටින ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසී නැමති සැකකරුගේ රදවා ගැනීමේ නියෝගය මේ මස  15 වන දිනට අවසන් වීමට නියමිතව ඇත.

එම සැකකරු ඉන් අනතුරුව වැඩි දුර විමර්ෂණයට පැලියගොඩ විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය මගින්  අත් අඩංගුවට ගෙන ආයුධ පෙන්නීමට ගොස් වෙඩි තබා මැරීමට සියල්ලම සුදානම් බව අප හෙලිකලෙමු.

ඒ අනුව සිරකරුවන් ගේ අයිතින් සුරකීමේ සංවිධානයේ සභාපති නිතිඥ සේනක පෙරේරා මහතා සමඟ එම සංවිධානයේ ලේකම්ද ජනිත් හෙවත් පොඩි ලැසී ගේ මව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට ගොස් තම පුතා ගේ ජීවිතය රැක ගැනීමට මැදිහත් වෙන ලෙසට ඉල්ලීමක් කලාය.

 

එම අවස්ථාවේ එක්සත් ජාතින් ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට ලිඛිතව තම පුතා ගේ ජීවිතය රැක ගැනීමට මැදිහත් වෙන ලෙසට ඉල්ලා ඇත. මෙම ඝාතන උප සංස්කෘතිය නිසා සමස්ථ පොලිස් සංහතියම ජනතාව අතර දැඩි අප්‍රසාදයට හා පිලිකුලට ලක්ව ඇත.මේ වනවිට නැවත වරක් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රි ලංකාවේ යුක්තියක් ,නිතියක් නැති රටක් බවට කොන් කරමින් ඇත.


Spread the love

Leave a Comment

You may also like