උණුසුම් පුවත්

සිරි ලංකා ක්‍රිකට් වලටත් දෙවි පිහිටයි…..!!

Spread the love

රාජපක්ෂ පවුලට ඇත්තේ අමුතුම ජාතියේ අදහස්ය.ඒ බව තහවුරු කෙරෙන සිදුවීම් ගැන අනන්තවත් අප ලියා තිබේ.⁣තමන්ට ඉහළින් කවුරුත් සිටිය යුතු නැතැයි සිතා ගෙන ජීවත්වන  රාජපක්ෂවරු ඒ සිතිවිල්ල තහවුරු කර ගැනීමට ඕනෑම මිලක් ගෙවීමට සූදානම්ය.එහිදී ඔවුන්ට අවහිරයක් බාධාවක් වෙන කවරෙකු වුවද කුමන්ත්‍රණකාරීව මරා දමන්නට පවා ඔවුන් දක්ෂයන්ය.

රාජපක්ෂ ශිරන්ති  පවා මේ මාන්දමෙන් පෙළෙන්නියකි ඇයගේ දරුවන් තිදෙනාද ඊට එ⁣හාය.උපතින්ම වැඩ බැරි ටාසන්ලා වූ මෙි කාඩයන් තුන්දෙනා සිය කෙරුවාව සඳහා අවශ්‍යතා සපුරා ගන්නේ මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන බලපුළුවන්කාර කම යොදාගෙනය.රටේ ජීවත්වන හැම එකාටම වඩා රාජපක්ෂ වරු උතුම්ය, වෙනස්ය, විශිෂ්ටය යන මන්ද මානසික වෛරසය මෙි කාඩයන් තුළ කෙතරම් පැතිරී ඇද්ද යන්නට හොඳම සාක්ෂිය වන්නේ කර වටේ පටලාගෙන ඇති රතු සාටකයයි.

කන්න බොන්න නැතුව විඳවන සමාජයක  දුක අඳෝනා නෑසෙන හා ඇහුම්කන් නොදෙන රාජපක්ෂ තක්කඩියන් ගේ ආසාව සතුට වී ඇත්තේ රේසිං තරඟ පැවැත්වීමය. අපේ අගමැතිගේ දරුවන් කාර් රේස් පැද්දාට උඹලාට තියෙන අමාරුව මොකද්දැයි කවුරු හරි අපෙන් අසන්නටත් බැරි නැත.සත්‍ය වශයෙන්ම මේ කාලකණ්නියන් කාර් රේස් පැද්දාට අපට කමක් නැත.ඒත් අපට ප්‍රශ්නය වී ඇත්තේ මේ කාලකන්නියන් මේ හැම විකාරයකටම වියදම් කරන්නේ ජනතාවගේ බදු මුදල් වීමය.මොවුන් තිබහට බොන වතුර බෝතලයට පාවා ගෙවන්නේ රටේ ජනතාවය.
ඒ අතරේ එකෙක් කාර් රේස් පදිද්දී තව එකෙක් මෙරට ක්‍රිකට් ආදායමට  කෙලින්නට වැඩට බැස තිබේ.ඒ රාජපක්ෂ පවුලේ බාලයාය.මේ ලොන්තයා කසාද බැඳ තියෙන්නේ මෙරට ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියාගේ දියනියන්දෑය.මේකා ළඟ තියෙන්නේ අමුතුම ජාතියේ ගොං පාට්ය.හැබැයි ඒවා ගොං පාට් කියලා ලියන්නත් බැරිය.ඒ කියන්නේ මේ ලොන්ත බබලා කරන කියන හැම කෙරුවාවකම යටි මගඩි ගේමක් ඇති නිසාය. එක අවස්තාවක මේ ලොන්තයා අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැව්වාය කියා රටේ ජනතාවගේ මුදල් පික් පොකට් ගහ ගත් ආකාරය අපට මතකය.
ඒ කාලයේ ලෝකයේ ලාබාලම හා ලංකාවේ ප්‍රථම ගගන ගාමියා මේ “ලොන්තයා” බව මෙරට ගොබ්බ මාධ්‍ය මගින් වාර්තා කරන ලද්දේය.
කෙසේ වෙතත් මේ චන්ද්‍රිකා ගේමෙන් රාජපක්ෂ වරුන් මහා භාණ්ඩාගාරයෙන් පොකට් ගසා ගත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය විස්සකි.මේ මුදල් මැදමුලන බංගලාවේ හෝ තංගල්ලේ කාල්ටන් බංගලාවේ අල්මාරිවල තිබුණ ⁣මුදල් නොවේ.අද අපේ රට ⁣මෙවැනි නැස්පැත්තියකට මුහුණ පා ඇත්තේ රාජපක්ෂ හොරදෙටුවන් මෙලෙස සිදු කළ හොරකම් නිසාය.හොරකම රාජපක්ෂවරුන්ගේ ජානගත වෘත්තීයයි.එහිදී අප්පල, පුතාලාද ,බාප්පලාද ,බාප්පලාගේ ,දරු මල්ලන්ද හොර තක්කඩියන්ය.
කිසිම ආදායම් මාර්ගයක් නැති හා රස්සාවක් නොකරන ⁣රාජපක්ෂ පවුලේ බාල ලොන්තයා වූ රෝහිත කෝට්ටේ පදිංචි නිවස මිලට ගෙන ඇත්තේ කෝටි  30 තිහකටය.හුරතලයට ඇති කරන බලලාගේ වටිනාකම ලක්ෂ 06 හයක් පමණ වේ.
දැන් මේ ලොන්ත රෝහිතයාගේ යැපීම සඳහා මේකාගේ ක්‍රිකට් මාමණ්ඩිය විසින් අපූරු ඉල්ලමක් හාරා දෙන්නට හදන බවට අපට ඉවෙන් මෙන් ⁣වටහාගන්නට හැකිය.මේ ලොන්ත බබා ක්‍රිකට් පිටියට බැස ඇත්තේ ඒ නිසා බව අපට කැට තියා සහතික වෙන්නට පුළුවන.පසුගියදා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ පන්දු වාර පනහ ක්‍රිකට් තරඟාවලියට කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මේ ලොන්ත බබා ක්‍රිකට් පිටියට අවතීර්ණ විය.
ක්‍රිකට්  ගැන මෙලෝ හසරක් නොදන්නා මේ ගොං තඩියා නාවුක හමුදා ක්‍රිකට් කණ්ඩායම හා තිබුණ ක්‍රිකට් තරඟයේදී පළමු පන්දුවෙන්ම දැවී ගියේය.මෙම සහභාගිත්වය ගැන අන්තර්ජාලයේ විවිධ කතන්දර පැතිරී යද්දී ලොන්ත බබා සිය ටවිටර් ගිනුමේ සටහනක් තබමින් පවසා තිබුණේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමේ අදහසක් නොමැති බවය.

එහෙත් මේ වන විට මේ ලොන්තයා ලංකා ප්‍රිමියර් තරඟාවලියේ දඹුල්ල Giants කණ්ඩායමට තරඟ කරයි.අංක 7 දරණ ටීෂර්ටයක්ද ඇඳ ක්‍රීඩා පිටියේ සිටින මොහුගේ ඡායාරූප මේ වන විට සයිබ⁣රයේ තිබේ.මේ අංක හත ටී ෂර්ටය ඇඳ තිබීම තුලද ලොන්ත බබා ගේ ළදරු මානසිකත්වයේ තරම අපට වටහා හැකිය.ඒ මෙරටින් මෙතෙක් බිහි වූ අති විශිෂ්ට ක්‍රිකට් ක්‍රිිඩකයා ලෙස සැළකෙන සනත් ජයසූරිය ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වූයේ මේ අංකය යටතේ බව අප දන්නා නිසාය.

මේ ලොන්ත බබා ක්‍රිකට් පිට්ටනියට බැස ඇත්තේ වෙන කාරණයක් නිසා නොවේ යැයි අප කිව්වේ මේ ක්‍රියාත්මක කරන්නේ ක්‍රිකට් ආයතනයේ සභාපති පුටුවෙි වාඩි වීමට පූර්ව සුදුසුකම් සපුරා ගැනීමට දරණ වෑයමක් නිසාය.සැලසුම ලොන්ත බබාගේ මාමණ්ඩියගේය.බෑණා දැන් වැඩට බැස ඇත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රන් බිජු දමන කිකිළියක බව මේ තක්කඩියන් දනී.බෑණා හා මාමණ්ඩිය මේ හදන්නේ ඒ රන් බිජු දමන කිකිළියට වැඩේ දෙන්නටය.

Spread the love

Leave a Comment

You may also like