රාජපක්ෂ පවුලේ බබා හාමුලා අමුතුම ජාතියේ නරුමයෝය.මුළු රටේම ජනතාව සිටින්නේ පාන් කියා ගන්න බැරුවය.ඒත් රාජපක්ෂ පවුලේ බබා හාමුලා ඒ ගැන හාංකාවිසියක අදහසක් නැති කාලකණ්නියන්ය.මුන් හැත්තම හිතක් පපුවක් නැති වුන්ය.රටේ ජනතාව කොහොම කනවා බොනවාදැයි හොයන්නේ නැතුව මේ නොසන්ඩාල කාලකන්ණියන් නටන නෙයියාඩම් ගැන අපට කියන්නට ඇත්තේ තොපට කවදා හරි අව් වැහි නැති හෙණ ගහනවා කියලා විතරමය.මිල්ටෙරි රාජපක්ෂ හිතාගෙන ඉන්නේ අපට තුනෙන් දෙකේ බලය තියෙනවා ඒ නිසා අපි ඕනෑම දෙයක් කරනවාය කියන හැඟීමෙනි.
රටේ ජනතාව කන්න නැතුව දුක් විඳිද්දීී රට පුරා පැතිරෙමින් තිබුණ කෝවිඩ් රෝග මර්දනයට ගෙන්වන සේලයින් බෝතලයේ සිට එන්නත දක්වාම වූ අත්‍යවශ්‍ය ඖෂධ අපනයනයන් පවා රාජපක්ෂ කාලකණ්නියන් හා උන්ගේ යාළු මිත්‍රයන් විසින් ගසා කෑමේ ව්‍යාපාර බවට පත් කරගෙන තිබෙි.දැන් රට තුල භාවිතා කරන ගෘහස්ථ ගෑස් ටැංකි පුපුරා යාමේ අවදානමක් පවතී.කන්න බොන්න නැතුව ජීවත්වන මිනිසුන්ට ගෑස් ටැංකියක් ගේ ඇතුලේ තබා ගෙන නිදහසේ නිදාගන්නවත් නැති තරමේ අවදානමක් නිර්මාණය වී තිබේ. රාජපක්ෂ කාලකණ්නියන්ට රටේ ජනතාව පරාණ බයෙන් ජීවත් වුනාට ගානක් නැත.කෝමින් කෝම හරිඋන්ගේ මඩිය තරවෙනවානම් ඒ හොඳටම ඇතිය.මෙතරම් ව්‍යසනයකට රට ගොදුරුව තිබියදී මේ තක්කඩියන්ට සෙත් පතා පිරිත් කියන බෞද්ධ චීවරය ඇඟ ලා ගත් නොසන්ඩාලයන් පිරිසක්ද සිටී.අහිංසක උපාසක උපාසකම්මාලා දහදිය මහන්සියෙන් උපයා ගත් තුට්ටුවෙන් දෙකෙන් දාන වේල සරි කරගන්නා මේ නොසන්ඩාලයන් දිව්‍ය සම්පත් විඳිමින් රාජපක්ෂ තක්කඩියන් ආරක්ෂා කර කරගන්නට දරණ වෑයම ඉතා අවලස්සනය.හරි විදියට සර් ජෝන් කොතලාවල කිව්වා වාගේම මේ දුශ්ශීලයන් ගේ චීවරය ගලවා පස්සා පැත්තේ තාර ගා සාසනයෙන් එළවා දැමිය යුතු තරමෙි නොසන්ඩාලයන්ය.මේ වාහෙලා රටේ ජනතාව නොමග යවන්නේ උතුම් වූ බුද්ධ චීවරයට හැංඟිලාය.මේ නිගන්ටයන් අපට දෙසන්නේ බුදු බණ නොවේ. ආච්චිට හාල් ගරන බණය.මේ ඊයේ අපට ගුවන් හමුදා සෙබලකු ඒවා තිබුණ පණිවුඩයකි.මහත්මයානෙනි;අපි කටුකරුන්දේ කූටක අව්වේ වැලි කොට්ට ගහනවාය.ඒ හෙට අනිද්දා තියෙන නාමලයාගේ කාර් රේස් එකටය.ගුවන් හමුදාවේ වැඩ ඒකකයේ ටීම් එකක්ම මේ පැටික් එකට දාල ඉන්නවාය.වින් කමාන්ඩර් කෙනෙක්එක්ක.අපට හරියට කන්න බොන්නවත් නැත.වහළුන් ගෙන් වගේ අපෙන් වැඩ ගන්නවාය.මුන් අපේ රණවිරුවෝ දෙවිවරුන් කියා රට රවටනවාය.මේ බල්ලන්ගේ හැම පාහර වැඩක්ම කරගන්නේ අපට කියලාය.අපි විඳින දුක කියා වැඩක් නැත.රාජපක්ෂ පවුල ආතල් ගන්නට අපෙන් මරව මරවා වැඩ ගන්නවාය…ඒ ගුවන් හමුදා භටයා තමන්ගේ දුක කියා ඇත්තේ ඔන්න ඔහොමය.දෙසැම්බර් මාසයේ 03 දා හා 04 දා කළුතර කටුකුරුන්දේ ගුවන් හමුදා ගුවන් පථයේ පවත්වන රේසිං කාර් ධාවන තරඟයට පෙර සූදානම සඳහා යොදවාගෙන ඇත්තේ ගුවන් හමුදා සෙබළුන්ය.රාජපක්ෂ පවුලේ බබා හාමුලාගේ විනෝදය සඳහා පැවැත්වෙන මෙම රේසිං කාර් තරගයේදීචීචී බබා තරග වදින බව දැනගන්නට තිබේ.තාත්තා ජනාධිපතිව සිටි දවස්වල රේසිං කාර් මෙරටට ගෙන්වීමට සීමා පනවා තිබූ 2013/ජුනි/05 අංක 1813/13ගැසට්පත්‍රය අවලංගු කොට 2013/නොවැම්බර් 1837/15 මගින් අධිවේගී රේසිං කාර් ලංකාවට ගෙන්වීමට අවශ්‍ය නීතිමය අවසරය ලබා දෙන ලදී.ජනාධිපති තාත්තා තම පුත්‍රයන්ගේ කැමැත්ත හා විනෝදයට එදා මග පාදා දුන්නේ එහෙමයලංකාවේ මිනිස්සු අමුතුම ජාතියකි.ඒ රාජපක්ෂ බබා හාමුලා ගේ විනෝද ක්‍රීඩා තමන්ගේද විනෝද ක්‍රීඩා බව සිතන අදහන නිසා බව අපට පෙනී යන බැවිනි.රට බරපතල ව්‍යසනයකට මුහුණ පා තිබියදීත් රාජපක්ෂ බබා හාමුලාගේ මේ රේසිං කාර් පැදිල්ල රටෙි සංචාරක කටයුතු ප්‍රවර්ධනයට අති විශාල රුකුලක් යැයි සමහරුන් ප්‍රශස්ති ලියන්නේ ඒ නිසාය.ඇත්තටම දැන් සිද්ධ විය යුත්තේ මේ කාලකණ්නි තක්කඩියන් එළවා දැමීමට පාරට බැසීම මිස කාර් රේස් නරඹමින් පැය දෙක තුනක ආතල් ගැනීම නොවන බව අපි පවසමු.මලමිණී විකුනා හෝ රාජපක්ෂ තක්කඩියන් මුදල් හම්බ කරන ජාතියේ පාහරයන්ය.අප්පා සුනාමි ආධාර ගසා කෑමත් බබා හාමුලාගේ මේ තිරිසන් හැසිරීමත් වෙනසක් නැත.මේ තක්කඩියන් දේශප්‍රේමයේ වෙස් මූණු දමාගත් හොර රැළකි.එහෙත් පුළුවන්නම් කාපියව් නැතිනම් මැරියව් යන හැඟීම රාජපක්ෂ පවුුලේ සැඟවුන උදෘත පාඨයයි.මේ උධෘතය ගැන රට දැන තේරුම් ගන්නා තුරු රාජපක්ෂ කාලණ්නියන් ආතල් ගනිමින් මුළු රටම සූප්පු කරනු ඇත.
රටේ ජනතාවට කන්න බොන්න නෑ රාජපක්ෂ බබාලා කාර් රේස් පදිති.මුන් ඇත්තටම තිරිසන්නුද ….?