පොලීසිය තවත් බිල්ලක් ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින බවට අපට තොරතුරු ලැබුණි.ඒ මේ වන විට ඡ්‍යෙපොප දේශබන්දු හා ඔහුගේ මැර කල්ලිය නාඩගම් පිටපත සකසමින් සිටින බවටය.බිල්ල තෙල්වත්තේ ලැසීය
දැනට බූස්ස කඳවුරේ රඳවා සිටින තෙල්වත්තේ ලැසී එළියට ගෙන ආයුද සෙවීමට රැගෙන යාමට සූදානම්ය.
තෙල්වත්තේ ලැසී පාතාල කරළියට එන්නේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා 2015 මාර්තු 23 වනදා වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතරුවය.හික්කඩුව සංචාරක හෝටලයකදී මෙම ඝාතනය සිදුවිය.
එහිදී ලැසී තැබූ තවත් වෙඩි පහරින් මනෝජ් මෙන්ඩිස් සමග එහි සිටි ඔහුගේ සමීපතම සගයා වූ සනත් ලසන්ත නොහොත් සංකු අද දෑස් අන්ධව තවමත් ජීවතුන් අතරය.ඔහු දැනට හික්කඩුව කලුපේ පදිංචිව සිටී.මෙම ඝාතනය සිදු කෙරෙන විට එහි රන්නුළු සුසන්ත නොහොත් කිරි මාමාද සිටි අතර ඔහුට කිසිදු අනතුරක් නොවිනි.
මනෝජ් මෙන්ඩිස් ප්‍රාදේශීය දේශපාලනයට පිවිසෙන්නේ එවකට දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වූ ශාන් විජයලාල් ගේ සහයෝගයෙනි.
ඔහු ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ රත්ගම ශ්‍රීලනිප සංවිධායක නීතිඥ මොහාන් සිල්වා ගේ උපකාරයෙනි.
කෙසේ වෙතත් 2007 වර්ෂයේ පැවැති පලාත් පලාන මැතිවරණයේදීී රජ්ගම
ප්‍රාදේශීය සභාවට තරග කළ මනෝජ් මෙන්ඩිස් මනාප 7000 ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා බවටද පත් විය.
අනතුරුව 2011 වසරේ පැවැති පලාත් පාලන මැතිවරණයේදී මනෝජ් මෙන්ඩිස් ලබාගත් මනාප සංඛ්‍යාව 15000කට ආසන්න වූ අතර එම මැතිවරණයෙන් පසුව ඔහු රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවටද පත් විය.මෙම පලාත් පාලන මැතිවරණය පැවැති කාල සීමාවේදී සීනිගම දේවාලය ඉදිරිපිට සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මනෝජ් මෙන්ඩිස් සැක පිට බන්ධනාගාර ගත කෙරිණි.මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී හා ඉන් පසුවද මනෝජ් මෙන්ඩිස්ට බන්ධනාගාරගතව සිටින්නට සිදු විය.


මනෝජ් මෙන්ඩිස් ඝාතනය……………
මේ දිනවල මනෝජ් මෙන්ඩිස්ට ඇප ලබා ගැනීම ට මැදිහත් වූයේ එවකට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වූ සජින් වාස් ගුනවර්දනය.එහෙත් මනෝජ් මෙන්ඩිස්ට ප්‍රාදේශීය සභාපතිවරයා ලෙසට දිවුරුම් දෙන්නට සිදු වූයේ බලපිටිය අධිකරණ පරිශ්‍රයේ පිහිටි සිර මැදිරියේය.ඔහු එහිදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා වශයෙන් දිවුරුම් දෙන ලද්දේ බලපිටිය අධිකරණයේ නීතිඥ ඩික්සන් ගුණවර්ධන ඉදිරියේදීය.මේ දිවුරුම් ප්‍රකාශය ලබා ගැනීම සංවිධානයට සජින් වාස් ගුනවර්දනගේ පෞද්ගලික ලේකම් වරයා වූ කීර්ති ලොකුලියන මැදිහත් වූ අතර මහේස්ත්‍රාත් නියෝගයක් නොමැතිව බන්ධනාගාර සිර මැදිරිය තුළදී එලෙස දිවුරුමක් ගැනීම සම්බන්ධයෙන් එවකට බලපිටිය මහේස්ත්‍රාත් වරිය නීතිඥ ඩික්සන් ගුනවර්දනට එරෙහිව අධිකරණ කොමිෂමට පැමිණිලි කළද සජින් වාස් ගුනවර්දන මන්ත්‍රීවරයා ගේ බලපෑම මත ඒ පැමිණිල්ල යටපත් විය.
STF නඳුන්………….
කෙසේවෙතත් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් මනෝජ් මෙන්ඩිස් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත්විය.දේශපාලන චරිතයක් බවට පත්වීමට පෙර මනෝජ් පාතාල ක්‍රියාකාරකම් ගනනාවකට සම්බන්ධ වී සිටි බවට තහවුරු වන්නේ පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන විටත් ඔහු අපරාද නඩු ගණනාවක විත්තිකරුවකු වී සිටීම නිසාය.මනෝජ් මෙන්ඩිස් එක කාලයකදී කොස්ගොඩ නඳුන් සමග සම්බන්ධ වී සිටි බව කිිියවෙි.එස්ටීඑෆ් නදුන් යනුවෙන් හඳුන්වන මොහු විශේෂ කාර්ය සාධක බලකායේ ගෝන හේන කඳවුරේ පාලන අංශයට අනුයුක්තව සේවය කළ උප සේවා උප පොලිස් පරීක්ෂවරයෙකි.ගිණි අවියක් පාතාලය හා ගණු දෙනු කිරීම සම්බන්ධයෙන් පළමු වරට බන්ධනාගාරගත වන නඳුන් අනුන් ලවා සිය ඕනෑ එපා ඉටු කරගත් බොර දියේ මාළු ඇල්ලූ ගූ බය කයිවාරුවෙක් මිස වැඩ්ඩෙක් නොවේ.
පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය……..
එහෙත් නදුන් සමග සිටි ආමි මල්ලී මනෝජ් වැනි නාහෙට නාහන වුන් නිසා කොස්ගොඩ නඳුන්ට පාතාල නායකයකු ලෙස වැජඹෙන්නට හැකිවිය.ඒ දිනවල නඳුන් ගේ මෙි කල්ලියට එරෙහිව සිටියේ අම්බලන්ගොඩ ඌරාවත්ත මුතුවාහන්දි
රජිත සිල්වාය.මර්වින් සිල්වාගේ සමීපතමයකු වූ රජිත ලංකාවේ ප්‍රසිද්ධ පාතාල මැරයන් හා සම්බන්ධතා පවත්වා ගෙන ගිය අයෙකි.එක් අවස්ථාවක නඳුන් ගේ උපදෙස් මත මනෝජ් මෙන්ඩිස් හා කණ්ඩායමක් හමුදා ඇඳුමෙන් සැරසී රජිත ඝාතනයට ඔහුගේ නිවසට ගිය නමුත් මෙම කණ්ඩායම සෙරෙප්පු පැළඳ සිටි බව දුටු රජිත රහසින් නිවසින් පලා ගොස් ජීවිතය බේරා ගන්නා ලදී.පසුකාලයකදී නඳුන් යෙදවූ පාතාල කණ්ඩායමක් අම්බලන්ගොඩ ස්වර්ණාභරණ අලෙවි හලක් මංකොල්ල කෑමට යාමදී එහි පැමිණි අම්බලන්ගොඩ පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකු එම මැර කණ්ඩායම විසින් ඝාතනය කරන ලදී.
පාතාලේ පිහිටෙන් SSP උපුල් නිල්මිණි ආරියරත්න සිංගප්පූරු සවාරිය…….
එම ස්වරණාභරන අලෙවි හලේ තිබූ රත්තරන් තොගය පැහැර ගත් කණ්ඩායම අම්බලන්ගොඩ වෙනත් ස්ථානයක බෝගහවත්තේ වසන්ත නම් රියදුරකු සමග වාහනයක සිටි නඳුන්ට බාර දී පලා යන ලදී.මෙම මංකොල්ලය වන විට අම්බන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වූයේ මෑත කාලයේදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස විශ්‍රාම ගිය උපුල් නිල්මිණි ආරියරත්නය.රන් බඩු මංකොල්ලයට සම්බන්ධ වූ දෙදෙනෙකු හා ඒ දෙදෙනාගෙන් එක් අයෙකුගේ සහෝදරයකුද අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඅඩංගුවට ගෙන මරා දමන ලදී.එම මැරයෙකු ගේ සහෝදරයකු ලෙස අත් අඩංගුවට ගෙන මරා දැමූ තරුණයා අහිංසකයෙක් බව කියවේ.කෙසේවෙතත් මංකොල්ල කෑ රන් තොගයත් රැගෙන නදුන් ඉතාලියට පලා ගියේය.ඔහු ඉතාලියේ සිට අම්බලන්ගොඩ ස්වර්ණාභරණ සාප්පුව මංකොල්ලයට සහභාගි වු පානදුර සන් බබා පොලීසියට පාවා දෙන ලදුව ඔහුද පොලීසිය විසින් ඝාතනය කෙරුණි.
නදුන් සන්බබා පොලීසියට පාවා දෙන ලද්දේ පැහැරගත් රන් තොගයට අයිතිවාසිකම් කීමට එන හෙයින් බව පැවැසේ. කොස්ගොඩ නදුන් යනු දෙපිටකාටිටු බියගුළු සිය ඕනෑ එපාකම සඳහා අම්මා තාත්තා පවා පාවා දෙන පිම්පි චරිතයකි.සන් බබා පොලීසිය ලවා ඝාතනය කරවීමෙන් පසුව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් නිල්මිණි ආරියරත්න හා සමිබන්ධකම් ඇති කර ගත් නදුන් ඔහු සිංගප්පූරුවට කැඳවා තරු පහේ හෝටලයක රඳවා සංග්‍රහ කොට හෙදියක වූ උපුල් නිල්මිණිගේ බිරිඳට ලක්ෂ ගනනක් වටිනා රන් භාණ්ඩ පවා පරිත්‍යාග කොට ඇත. පසුකලකදී ඌරවත්තේ රජිත අම්බලන්ගොඩ යසරත්න හා ඔහුගේ පාතාල කණ්ඩායම විසින් ඝාතනය කරන ලදී.එම ඝාතනය සිදු කොට පැය ගනනකදී යසරත්නට ඉතාලියේ සිට ඇමතූ නදුන් මචං ඔන්න මං අරූට වැඩේ දුන්නා යැයි පවසා ඇත්තේ ලකුණු දමා ගන්නට හිතාගෙනය.එම ඇමතුමට පිළිතුරු දුන් යසරත්න පවසා ඇත්තේ අනේ පලයන් යන්න පොන්නයා තවම මගේ ටී එකේ රස්නෙ නිවුනෙත් නෑ යකෝ කියාය.පාතාලයේ වැඩ වෙන්නේ ඔහොමය.අදටත් පාතාලයේ සමහරු හිතා ගෙන ඉන්නේ රජිත ඝාතනය කෙරුවේ කොස්ගොඩ නඳුන් කියාය.
ඔය කියන කොස්ගොඩ නඳුන්ගේ ඝාතන කොන්ත්‍රාතු ගනනාවක් සිදු කරන ලද්දේ
මනෝජ් මෙන්ඩිස්ය.මනෝජ් මෙන්ඩිස්ගේ හා සම්බන්ධව තෙල්වත්තේ වසන්තද අත කොට රවීද ගෝනාපිනුවල ලාල් සිටි අතර පොඩි ලැසී යනු තෙල්වත්තේ වසන්තගේ පුතාය.පසු කාලයකදී මනෝජ් මෙන්ඩිස් විසින් අත කොට රවි හා වසන්ත යන දෙදෙනාම ඝාතනය කළ බව පැවසේ.වසන්ත ඝාතනයේදී ඔහුගේ බිරිඳටද වෙඩි වැදී ඇති අතර දැනටත් ඇය ඒ වෙඩි වැදීමෙන් සිදුවූ අනතුරෙන් පීඩා විඳිමින් සිටින්නීය.තම පියා මරා දමා අම්මා අම්මා ආබාධිත තත්වයට පත් කිරීම ගැන ලැසී සිටියේ මනෝජ් පිළිබඳව වෛරයෙනි.මනෝජ් මෙන්ඩිස් ඝාතනය වීමට හේතු වූයේද ඒ වෛරයයි.ලැසී හා මනෝජ් ඝාතනයට අත කොට රවී ගේ සොයුරියක ගේ පුතකු වූ වේරගොඩ පොඩි රාජාද සම්බන්ධ විය.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ගේ හෝටලය ඉදිකරන ඉඩම……..
මනෝජ් මෙන්ඩිස් ඝාතනය වන විට ඔහු දේශපාලනයේ තරු චරියක් බවට පත් වී සිටියේය.දකුණුු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පවා සිටියේ මනෝජ් මෙන්ඩිස්ගේ ඔඩොක්කුවේය.මේ පොලිස් ලොක්කාට හික්කඩුුව තිරාණගම මුහුදු තීරයේ පිහිටි ඉඩමක්ද මනෝජ් විසින් පරිත්‍යාග කොට තිබේ.එහි මේ වන විට සංචාරක හෝටලයක් ඉඳි වෙමින් ඇත.
මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළ තෙල්වත්තේ ලැසී කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් පසුව බන්ධනාගාර ගත කෙරිණි.රිමාන්ඩ්
බන්ධනාගාරයේ සිටියදී පාතාල කෙරුමෙක් ලෙස කිරුළු පැළඳි ලැසී එහි සිට හෙරොයින් ජාවාරමද සිය ප්‍රතිවාදීන් ගනනාවක් ඝාතනය කිරීමද සිදු කරන ලද්දේය.ඔහුගේ සමීපතමයා වූයේ කොස්ගොඩ සුජීවය.ඝාතන කොන්ත්‍රාත් කිරීමෙන් හා හික්කඩුව සංචාරක හෝටල් වලින් කප්පම් ගැනීමෙන් ද ලැසී සුපිරි ධනවතකු බවට පත් වූයේ බන්ධනාගාරයේ නේවාසිකව සිටියදීමය.
ලැසී හා කොස්ගොඩ සුජීව දෙදෙනා එක්ව දකුණේ පාතාලය පාලනය කරන්නට ගත්තේ එතැන් සිටය.එහෙත් මේ සභාගය අතරමගදී බිඳ වැටුණි . කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයට පලා ගිය ගොස් එහි සිට මෙරට හොරොයින් ජාවාරම සිදු කරමින් සිටී.කොස්ගොඩ සුජීගේ හෙරොයින් ජාවාරමට දේශපාලන සහායද පොලිස් ලොක්කන් ගේ සහයෝගයද ලැබේ.ලැසී බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම සිදු කළ ද කොස්ගොඩ සුජීවගේ මහා පරිමාන මැදිහත් වීම නිසා එය අසාර්ථක වී තිබෙි .
කොස්ගොඩසුජීවගේ සොයුරිය බලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී වරිය…………..
සුජීවගේ සොයුරිය බලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරියකි.ඔහුගේ හෙරොයින් ජාවාරම් සගයා වන කොස්ගොඩ සැන්ටා නැමැත්තා විවාහ වී ඇත්තේ පොලිස් ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් වරියගේ සොයුරිය වන අම්බලන්ගොඩ හිරේවත්තේ කුඩු කුමාරිගේ දියණියක සමගය.මේ වන විට කොස්ගොඩ සුජීවගේ අඹ යාළුවා වන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුය.
පාතාලයේ කොස්ගොඩ සුජීවගේ අඹ යාළුවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්………
සුජීව කුවේට් රාජ්‍යයේ සිට දෙන මෙහෙයුම් උපදෙස් මත ඡ්‍යෙනිපොප දේශබන්දු ඉටු කරමින් සිටී.කොස්ගොඩ තාරක මරා දැමෙන්නේද සුජීවගේ කොන්ත්‍රාතුවකටය.මෑතකදී අමිබලන්ගොඩදී මුදල් විශුද්ධිකරණය යටතේ රහස් පොලීසියෙන් අත් අඩංගුවට ගත් සුජීව ගේ මාමා ගේ බැංකු ගිණුම් වල කෝටි 40 හතලිහක මුදලක් තිබෙන බවට ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි.එම තොරතුරු
ජනමාධ්‍ය වෙත අනාවරණය කර තිබුනේද රහස් පොලීසිය මගිනි.ජාතික රහස් ඔත්තු සේවා වාර්තා තුලද එය සත්‍ය බවට තහවුරු කර ඇත.එහෙත් දේශබන්දුගේ මැදිහත් වීමෙන් සැකකරු බලපිටිය මහධිකරනයෙන් මුදා හරින ලද්දේ කිසිදු චෝදනාවක් නොමැති බවට රහස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමිනි.අප සොයා ගත් ආකාරයට මේ වන විට කොස්ගොඩ සුජීව සන්තකයේ අම්බලන්ගොඩ නගරයේ මහ වීදියේ කෝටි පහක වටිනාකමැති වෙළඳ ගොඩනැගිලි දෙකක්ද බලපිටිය මිගෙට්ටුවත්ත මාදු ගඟ ආශ්‍රිතව කාමර දහයක සංචාරක හෝටලයක්ද ඒ අසලම කන්ටේනර් යාඩ් එකක්ද තිබේ.එසේම බහුදින ධීවර යාත්‍රා ගනනාවකි.මෙම බහුදින යාත්‍රා අතුරෙන් සුපිරි ගනයේ බහුදින යාත්‍රා දෙකක් බලපිටිය රෝහල පිටුපස පදිංචි කුඩු රන්ජි යටතේ බේරුවල වරාය ආශ්‍රිතව ධීවර කටයුතු කරන අතරේ හෙරොයින් ජාවාරමද සිදු කරමින් පවතී.
පොඩි ලැසී මරා දැමීමට සියල්ල සූදානම්……
බන්ධනාගාර ගතව සිටින ලැසී කවදා හෝ තමන්ට තර්ජනයක් වන බව කොස්ගොඩ සුජී දනී.කොස්ගොඩ තාරක මරා දැමුන ආකාරයට ලැසීටද ගේම දෙන්නට මේ වන විට සුජී සැලසුම් කර ඇති අතර ඒ මෙහෙයුම දේශබන්දුට බාර දී ඇති බවට පොලීසියේ අපේ තොරතුරු වාර්තාකරු අපට පවසන ලදී.
මේ අතර තෙල්වත්තේ ලැසී ගේ මව ප්‍රකාශ කරන ආකාරයට නාමල් රාජපක්ෂ ඇමතිවරයාද මනෝජ් මෙන්ඩිස් ඝාතනය කිරීමෙි හේතුවට ලැසී ජීවතුන් අතර නොතියන ලෙසට පොලීසියට උපදෙස් දී ඇත.මේ සියළු තොරතුරු වලින් තහවුරු වන්නේ තෙල්වත්තේ ලැසී ගේ ජීවිතය අවදානමේ පවතින බවය.තෙල්වත්තේ ලැසී අප දන්නා කියන අඳුරන අයෙක් නොවේ.ඔහු පාතාල මිනීමරුවෙකු යැයි කියන්නට අපට බැරිය.එහෙත් ඔහු අපරාද ගනනාවකට සැක පිට බන්ධනාගාර ගත කොට සිටී.එසේ නම් ඔහු පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ අධිකරණයයි.දේශබන්දුලා විසින් ආයුද සොයන නාඩගම හරහා මෙි සිදු කරන මනුෂ්‍ය ඝාතන වහා නවතාලිය යුතුමය.තක්කඩි දේශබන්දුලා ආදායම් මාර්ග උපයාගැනීමට කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමරමින් සිටින අතරම ඉන් මෙරට ජාවාරම්කාර දේශපාලකයන් වෙත ඇති අපරාද චෝදනා යටපත් වෙන බවද කිව යුතුමය.
එබැවින් තෙල්වත්තේ ලැසී මරා දැමීමට ඡ්‍යෙනිපොප දේශබන්දු ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂිත සැලසුම වහා ව්‍යර්ත කිරීමට මැදිහත් වන ලෙස මානව හිමිකම් පිළිබඳව අවධානය දක්වන සංවිධාන හා පුද්ගල ක්‍රියාකාරිකයන් ගෙන් අපි ඉල්ලමු. මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සහ යුරෝපා පාර්ලිමේන්තුව සහ සියලුම තානාපතිවරුන් දැනුවත් කිරීමට ද ක්‍රියාකර ඇති බව අප හට දැන ගැනීමට ඇත. අප කණගාටු වන්නේ මෙවැනි තිරිසන් ඝාතන පිළිබඳව මෙරට විපක්ෂයේ ක්‍රියාකාරිකයන් හ්ම් හඬවත් නොනගන එක ගැනය. සමහර විට මෙවැනි තිරස්චීන මෙලෙච්ඡ ඝාතන ගැන ඔවුන්ට සතුටක් දැනෙනවා ඇත.එය එසේනම් අපට කියන්නට සිද්ධ වන්නේ එළිපිට මිනිසුන් ඝාතනය කරවන රාජපක්ෂ වරුන්ට වඩා අනීතික මිනිස් ඝාතන ගැන කට අධෝමුඛය වසා ගෙන සිටින විපක්ෂය තුක් නොදකින් කියාය.