පසුගියදා පොලීසිය විසින් නිෂ්පාදනය කරන සම්ප්‍රදායික නාඩගම රඟ දක්වාමරා දැමුණ ටින්කරින් ලසන්ත නම් සැකකරු ගැන ජාතික රහස් ඔත්තු සේවාවෙන් අපට තව බොහෝ තොරතුරු ලැබුණි.මේ තොරතුරු අනුව නම් මෙරට හෙරොයින් ජාවාරම නතර කිරීමට ආණ්ඩුව පෙන්වන අමුතු ජාතියේ දැඟලිල්ල අමුම අමු වංචාවකි. ජනතාව ගොනාට ඇන්දිල්ලකි.
මෙරට හොරොයින් ජාවාරම් කරන හැම ලොකු ලොක්කෙක් ගැනම ආරක්ෂක අමාත්‍යංශය දනී.බුද්ධි සේවා වාර්තා වලින් මේ ජාවාරම ගැන එයිටු ඉසෙඩි වාර්තා කොට තිබේ.පොලීසි වලින් හොරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නේ හාල් මැස්සන්ය.හෙරොයින් ජාවාරම් කරන තෝරුන් මොරුන් අල්ලන්ට තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නේ නැති තරමේය.අපට ලැබුණ තොරතුරු අනුව ශ්‍රී ලංකා පොලීසියේ බොහෝ නිළධාරීන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී සිටී.ඒ අතර ඡ්‍යෙ.නි.පො.පතිවරු ද වේ.
වර්තමාන පොලිස්පති වරයා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට බැඳුන දවසේ සිට ජාතික රහස් ඔත්තු සේවාවට අනුයුක්තව රාජකාරිි කළනිළධාරියෙකි.මෙරට දේශපාලඥයන් ගේ හා ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් බොහොමයකගේ පැටිකිරිය ගැන වත්මන් පොලිස්පති වරයා දැනුවත්ය.එහෙත් දැන් ඔහු දෙන දෙයක් කා බොන දෙයක් බී ඇඟ බේරාගෙන රාජකාරි කරන්නෙක් බවට පත්වී සිටී.ඉන් ඇඟවෙන්නේද මෙරට පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමට නොහැකි බව ඔහු සිතා සිටින බවය.ඒ මන්ද යත් රාජ්‍ය පාලන තන්ත්‍රය මෙහෙයවන්නන් බොහෝ දෙනෙකු තක්කඩි ජාවාරම් කරුවන් නිසා බව අපට වටහා ගත හැකිය.
ටින්කරින් වසන්ත පොලීසිය විසින් මරා දැමෙන්නේද මෙවැනි පසුබිමකය.මිරිස්ස ෂන් ෂයින් සුද්දාා මරා දමන ලද්දේ ටින්කරින් වසන්ත බව කියවේ.එහෙත් ඊට පෙර මේ දෙදෙනාම එක වල්ලේ කුඩු කෑ අඹ යාළුවන්ය.ඒ දිනවල දකුණු පලාතේ ඡ්‍යෙනිපො දේශබන්දුු ටින්කරින් වසන්ත හා ෂන් ෂයින් සුද්දාගේ ගැලවුමි කාරයා ලෙස කටයුතු කර තිබේ.ෂන් ෂයින් සුද්දා වසන්ත විසින් ඝාතනය කරන්නේද ඡ්‍යෙපොපොනි දේශබන්දු දැනුවත්ය.ෂන් ෂයින් සුද්දාගේ ඝාතනයෙන් පසුව හෙරොයින් ජාවාරමේ තනි අයිතිය වසන්තට හිමි විය.ඔහු විසින් සිදු කළ හෙරොයින් ජාවාරමේ පංගුව ඡ්‍යෙපොපොනි දේශබන්දුට නිසියාකාරව නොගෙවීම ඔහුගේ ඝාතනය හේතු වූ බව අපට අනාවරණය විය.වසන්තට කළුතර අධිකරණයට බාරවීමට උපදෙස් දී ඇත්තේද දේශබන්දු නියෝජ්‍ය පොලිස් පති වරයාය.තමන්ට අවශ්‍ය කෙරෙන බිල්ල තමන්ගේ බල අධිකාරියට යටත් පොලිස් බල ප්‍රදේශයකදී සිදු කිරීමට සැලසුම හැදෙන්නේ ඒ විදියටය
මේ තොරතුරු අතේ පැලවෙන බොරු යැයි යමෙකුට සිතෙන්නට ඉඩ ඇත.නමුත් මේ ඝාාතන පිළිබඳව ජාතික රහස් ඔත්තු සේවා වාර්තා බොරු වන්නට නොහැකි බව අපි ප්‍රකාශ කරමු.මේ රහස් තොරතුරු වාර්තා සම්බන්ධයෙන් ආණ්ඩුව අවශ්‍ය ක්‍රියා මාර්ග නොගන්නේ මක් නිසාද යන්න අනෙක් ප්‍රශ්ණයයි.ඒ ප්‍රශ්ණයට පිළිතුරු දෙයාකාරයකින් සඳහන් කළ හැකිය.ඒ මෙම හෙරොයින් ජාවාරම හා රාජපක්ෂ වරුන්ගේ සෘජු සමිබන්ධතාවක් පවතින බව හෝ එසේ නැතිනම් මෙලෙස හෙරොයින් ජාවාරමට සම්බන්ධ ඡ්‍යෙපොපොනි දේශබන්දු හා කල්ලිය ගැන දැනම දැනම රාජපක්ෂ වරු නිහඬව සිටින්නේ මේ ජාවාරම්කාර කල්ලිය යම් යම් පාහර අනීතික රාජකාරි සඳහා යොදා ගන්නා නිසා වෙන්නට ඇති කියාය.