උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේනට පිස්සුව හොදටම තදවෙලා..විරුද්ධ දේශපාලන නායකයන් පිරිසක් මට්ටු කිරීමේ වෑයමක.

Spread the love

මිල්ටෙරිනන්දසේනදැන්හොඳටමපිස්සුය.කියන්නේඑකක්ය.කරන්නේඑකක්ය.මේ මිල්ටෙරි නන්දසේන ජනපති පදවියට පත්ව ගෙවෙන දෙවන වසරයි.

ඔහු බලයට පත්වූයේ සිංහල බෞද්ධ කම ආරක්ෂා කරන වීරයා ලෙසය.තක්කඩි රාජපක්ෂ වරුන්⁣ පිළිබඳව අද සමාජය පුරා පවතින පිළිකුළ ⁣ ඉදිිිරි මැතිවරණයකදී කවර ආකාරයෙන් දෝළනය වේදැයි අපට කිව නොහැකිය.අප එසේ  කියන්නේ තක්කඩි රාජපක්ෂ වරුන් අති දක්ෂ යටිකූට්ටු ගේම් කාරයන් නිසාය.අද මෙරට පවතින අවාසිසහගත දේශපාලන වටපිටාව සම්පූර්ණයෙන් සිය වාසියට කරකවා ගන්නට තරමේ සැලසුමක් මේ තක්කඩියන් විසින් හොදින් හෝ නරකින් භාවිතයට ගන්නට ඉඩ හසර පවතී.
අප මෙසේ සඳහන් කරන්නේ කට්ට කයිරාටික රාජපක්ෂ තක්කඩියන් ගේ පැටිකිරිය හොඳින්දන්නානිසාය.දෙදහස්පහලොවේදීජනාධිපතිවරණයෙන් පසුව රාජපක්ෂ තක්කඩියන්⁣ ගේ සැලසුම වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඒ ජනාධිපතිවරණ ප්‍රතිඵලය අහෝසි කිරීමටය .ඒ තීන්දුව ලැබෙන තුරු  රට හමුදා පාලනයකට යටත් කිරීමටද ඔවුන් ⁣ගේ අදහස විය.මෙි සඳහා ඔවුන් ගජබා රෙජිමය කොළඹට ආසන්නයේ රඳවා ගෙන තිබුණි.මිල්ටෙරි නන්දසේනගේ හමුදා සිහින ලෝකයේ පළමු තැන හිමි වී ඇත්තේ ගජබා රෙජිමයටය. වර්තමානයේදීද හමුදාව යොදවන  සමාජ ක්‍රියාකාරකම් වලදී මිල්ටෙරි නන්දසේනගේ කෝකටත් තෛලය ගජබා රෙජිමයයි.ආරක්ෂක ලේකම්ද හමුදාපතිවරයාද ගජබා ⁣නියෝජනයන්ය. හමුදා සුභසාධන කටයුතු බාරව ඉන්නේද ගජබා රෙජි⁣මයේ බ්‍රිගේඩියර් වරයෙකි.මේ බ්‍රිගේඩියර් වරයා හමුදාපතිවරයාගේ බිරිඳගේ ගසා කෑම් වලට අත හිත දෙන පැපොල් ඇට ලොන්තයෙකි.හමුදා මූලස්ථානය අරක් ගෙන සිටින්නේද ගජබා නිළධාරීීීන් හා සෙනීන්ය.
මිල්ටෙරි නන්දද⁣සේන හිතා ගෙන ඉන්නේ ජනාධිපති විදියට තමන්ට ඕනෑම මදාවිකමක් චණ්ඩිකමක් කරන්නට පුළුවන් කියලාය.නව කැලණි පාලම විවෘත කරද්දී මිල්ටෙරි නන්දසේන කළ ⁣හයිරන් කතාව ඇසූ  දැනුමක් තේරුමක් තියෙන ඕනෑම කෙනෙකුට මිල්ටෙරි නන්දසේන ගේ ඉදිරි භාවිතය කවර ආකාරයේද යන්න යන්තමින් හෝ සිතා ගන්නට හැකිය.මිල්ටෙරිි නන්දසේන හිතන විදියට හැට නව ලක්ෂයක් ජනතාව ඔහුට බලය දී ඇත්තේ හොදින් හෝ නරකින් රට පාලනය කරන්නටය.මෙහිදී ඔහු සිතන ආකාරය⁣⁣ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව හා අධිකරණය වැනි  ආයතන වැදැගැම්මක් නැති ආයතන වේ.
කෙ⁣සේ වෙතත් මිල්ටෙරි නන්දසේන මෙි වන විට මෙරට විශ්ව විද්‍යාල ආචාර්ය මහචාර්ය වෛද්‍ය පරිපාලන හා නීති ක්ෂේත්‍රයන්හි  අප්පට සිරි විදියට වැජඹුන තමන් මහා   වෘත්තිකයන් යැයි සිතා සිටි බොහෝ පිරිසකගේ ඇඳි රෙදි ගලවා ⁣බයාදු නෝන්ජලයන් බවට පත් කර තිබෙි.සමාජය තුළ වෘත්තිමය කෙරුම්කාරයන් ලෙස මුද්‍රාගතව සිටි මේ පිරිස අද වන විට මිල්ටෙරි නන්දසේන ගේ  ඉදිරියේ අසරණ නෝන්ජලයන් වී කටත් අධෝමුඛයත් වසාගෙන රාජකාරි කරන ආකාරය පෙනෙන විට අපට නම් ඇති වන්නේ හිරිකිතයකි.මේ නෝන්ජල්යන්ගේ හැසිරීම මිල්ටෙරි නන්දසේනගේ මදාවිකාර හැසිරිමට අනුබලයක් වී තිබේ.අද රාජ්‍ය සේවයේ වෘත්තීය ගරුත්වය යම් තාක් දුරකට හෝ ආරක්ෂා වී ඇත්තේ මිල්ටෙරි නන්දසේන හා පොදු ජන පෙරමුණු රජයේ අනීතික ක්‍රියාකාරම්වලට එරෙහිව සිටින වෘත්තීය සමිති නායකයන් නිසා බව කිව යුතුමය.
කොළඹ තොටළඟ කයිවාරු කාර අයිආර්සීකාරයන් බොහොමයක් ජීවත්වන කලාපයකි.තොටළග අසල නව කැළණි පාලම විවෘත කරමින් මිල්ටෙරි නන්දසේන කළ කතාව ඒ අයිආර්සී කාරයෙකුගේ කයිවාරුවක්  හා සමාන කළ හැකි වුවද එහි යටිපෙල තුළ රාජපක්ෂවරුන්ට එරෙහිවූවන්ට බරපතල අනතුරු ඇඟවීමක් කර ඇතැයිද අපට හැඟේ.
දැඩි මානසික ආතතියකින් පෙළන  මිල්ටෙරි නන්දසේන දැන් දැන් තමන්ට  එරෙහිවූවන් ගෙන් පලි ගැනීමේ මෙහෙයුමකට සූදානම් බව තොටළඟ දේශනයෙන් පසුව තිරයෙන් පිටුපස සිදුවූ ක්‍රියාවලියක් නිසා අපට වැටහේ.
එහිදී පළමු ගොදුර ලෙස ඉලක්කය ගෙන ඇත්තේ අනුර කුමාර දිසානායක රාජිත සේනාරත්න  පාඨලී චම්පක රණවක ආදීන්ටය.මීට ටික කාලයකට ඉහතදී ඇවන්ගාඩ් කයිවාරුවා මේ තිදෙනාට ජම්පර් අන්දන බවට පාරම් බෑවේ මේ සැලසුම ගැන දැනුවත්ව බව අපට සිතාගත හැකිය.
තොටළඟ මදාවි දේශනයෙන් පසුව මිල්ටෙරි නන්දසේන ගේ පළමු රාජකාරිය වී ඇත්තේ දේශපාලන පලිගැනීම් පිළිබඳව පත් කර තිබූ ජනාධිපති කොමිෂමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කෙරෙන නෛතික පදනමක් සලසා ගැනීම සඳහා යැයි ඇඟවෙන ආකාරයට  නීතිපති සමග තව එහෙයියන් කිහිපදෙනෙකුගෙන් සමන්විත අටමගලයක් ඇටවීමට උපදෙස් දීමය.මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයකුගෙන් අපට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව ඇවන්ගාඩ් කයිවාරු කාරයා විසින් ඒ අටමගලයට විජේදාස රාජපක්ෂ පත්කිරීමට උත්සාහ දැරූ බවද ඔහු විසින් ඒ පත්කිරීම ප්‍රතික්ෂේප කර තිබෙි.හිටපු පොලිස්පති ඉලංගකෝන්ටද ඒ සඳහා ආරාධනා කර ඇති අතර ඔහුද ඒ ඉල්ලීම බැහැර කර ඇත.එහෙත් හෙට අනිද්දා වන වාට මිල්ටෙරි නන්දසේනගේ එහෙයියන් කිහිප දෙනෙකු සමග මේ විකාර අටමගලය දොරට වඩින බව නිසැකය. එහෙත් මෙය විකාරයක් ලෙස අප සැලකුවද මින් සිදු කරන්නට යන හානිය අති විශාලය.එහිදී අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න ,හා පාඨලී චම්පික රණවක ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම අනිවාර්ය කාරණයක් වී ඇත.
මිල්ටෙරි නන්දසේනගේ පිස්සුව හොඳටම වැඩි වී ඇති බව අප මුලදී සදහන් කෙරුවේ මේ තොරතුරු පදනම් කර ගනිමිනි.සැබැවින්ම මිල්ටෙරි නන්දසේනගේ ප්‍රධාන අවශ්‍යතාව වී  ඇත්තේ රජයට එරෙහිව විරෝධතා පෙලගැස්මකට සමාජය ඇමතිය හැකි ප්‍රබල විරුද්ධ පක්ෂ නායකයන්  නිහඬ කරවීමය. මේ මානසික ආබාධිතයාගේ හිට්ලර්වාදී පෙළඹීම කවර ආකාරයක විනාශයක් අත් කර දේ දැයි අපට නිශ්චිතව සිතා ගන්නට නොහැකි නමුත් ඉතිහාසයේ සඳහන් ආකාරයට ලෝකයේ ජීවත්වූ  මෙවැනිම මිල්ටෙරි නායකයන් අත්විඳි ඉරණම ගැන අප හොඳින්  දැනුවත්ය.
ඒ අනුව මිල්ටෙරි නන්දසේන ගේ මේ සූදානම ඔහු විසින්ම තමන්ගේ මිනී වල කපා ගැනීම විය හැකි යැයි කිසිවකු සිතන්නේ නම් එහි කිසිදු වරදක් නැත්තේය.


Spread the love
2 Comments
  1. Hello, i think that i saw you visited my web site so i came
    to return the prefer?.I am attempting to in finding things to enhance my website!I suppose its good enough to use
    some of your ideas!!

Leave a Comment

You may also like