උණුසුම් පුවත්

මගහැරුණ සුබ පැතුම…..!!

Spread the love

සැබවින්ම ඔහු කතා කරන්නේ මේ රටේ වර්තමානය ගැනය.ඔහු ගනන් හදා පෙන්වන්නේ මේ රටේ අනාගතය බරපතල ශෝකාන්තයක් විය හැකි බවය.අප විසින් දේශපාලනිකව ගණන් හදා බැලුවොත් පොදු දේපොල වංචාවක් නොකළ දේශපාලඥයන් ගොඩට ඔහුද එක් කළ හැකිය.ඔහුගේ විරුද්ධ වාදීන් ඔහුට එරෙහිව නඟන චෝදනා පහළ බාලාංශයේ හුරතල් චෝදනා බව අපට පෙනීයයි.එහිදී එකෙකු චෝදනා කරන්නේ ඔහුගේ මුහුණේ ලපය ගැනය තව එකෙකු  ඔහුගේ බිරිඳ ඥාතිත්වයෙන් පුංචි අම්මා බව පවසයි.මේ චෝදනා කිසිවක් ඔහුගේ දේශපාලනයට අදාල වූ කාරණා නොවේ. මෙහිදී අප දන්නා එක කාරණයක් මෙහි 
ලිවීම වටී.ඒ ඔහුගේ ආදරණීය බිරිඳ සම්බන්ධයෙනි.⁣
සැබැවින්ම ඔහු විවාහ වී සිටින්නේ පසුගිය කාලයේ මෙරට පැවැති යුද්ධයේදී හමුදා සේවයේ සිට සතුරු භූමියේදී මියගිය ඔහුගේ සොහොයුරාගේ බිරිඳ සමගය.එය අපට නම් උදාරතර කැපකිරීමකි.ඔහුට හා ඔහුගේ බිරිඳට එරෙහිව අපවාද නගන්නන් ඒ අපහාස කරන්නේ  රට වෙනුවෙන් මිය ගිය රණවිරුවාට බව රණවිරුවන් බඩ බැඳ ගත් සමාජය දැන ගත යුතුම කාරණයකි.
දේශපාලනිකව ඔහුට එරෙහිව නඟන චෝදනාවක් වන්නේ අසූ අට අසූ නවය තුල රජයේ දේපොල විනාශ කළ බවය.සැබැවින්ම අසූ අට නවය පොදු දේපොළ විනාශයකට යම් පාර්ශවයක් පෙළඹවූ අයවළුන් කවුරුන්දැයි මෙහිදී අමතක කොට තිබේ.නීතිය වල් වැදුන සමාජයක සාධාරණත්වය ඉල්ලා මිනිසුන් නැගී සිටීම ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ද අනුමත කරන්නකි.පුරන් අප්පු,ගොංගාලෙගොඩ බණ්ඩලා ,කැප්පෙටිපොලලා වැනි විරුවන් නිර්මාණය වූයේද එවැනි පීඩාකාරී සමාජයකදීය.එදා ජාතිද්‍රෝහීන් වූ ඔවුන් අද ජාතික වීරයන් ලෙස සැමරෙන්නේද
ඒ නිසාය.කෙසේවෙතත් අවුරුදු හැත්තෑවක් තිස්සේ මෙරට බලය සිටිදේශපාලඥයන් විසින් මෙරටට කර ඇති හානිය හා සළකා බලනා විට අසූ අටේ අසූ නවය තුළ දේශපාලන ආරවුලේදී සිදු වූ හානි එතරම් සැළකිය මට්ටමේ ඒවා නොවන බවද  කිව යුතුමය.
අප මේ ලියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගැනය.⁣ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයේදී එහි නායක අනුර කුමාර හුදකලාව විවේචනය කිරීම අරුත් සුන් තේරුමක් නැති ක්‍රියාවක් බව අ⁣පි දනිමු.ඒ අනුර කුමාර දිසානායක කතා කරන හැම වචනයකම කර්තෘ අයිතිය ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන බල මණ්ඩලයට නිසාය.ජනතා විමුක්ති පෙරමුණ යනු අනුර කුමාර දිසානායකද නොවෙි.අනුර කුමාර දිසානායකගේ කසාදය ගැන හා මුහුණේ ලපය ගැන විවේචනය කොට හිත හෑල්ලු කරගන්නා මෝඩ චූන් ලාබාලයන්ට අපට කියන්නට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ඉන් නවතාලිය නොහැකි බව පමණය.අපටද ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය ගැන ප්‍රශ්ණ තිබේ.එහෙත් ඒවා මතවාදී දේශපාලනික කාරණාය.
කෙසේවෙතත් අනුර කුමාර දිසානායක ගේ නායකත්වය සැපයෙන්නේ ප්‍රතිවාදී දේශපාලන පාර්ශවයන්ට ඉතා ප්‍රබලව දැනෙන ආකාරයෙනි.විශේෂයෙන් තක්කඩි රාජපක්ෂ කඳවුර අනුර කුමාර දිසානායකගේ ප්‍රහාරයන් ඉදිරියේ දෙදරීමකට ලක් වන බව කිව යුතුමය.
ඔහු වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම පක්ෂ නායකත්වයේ වගකීම හා යුතුකම ඉටු කරමින් සිටින බව ලංකා දවසේ විශ්වාසයයි.එහිදී ඔහු අඳින පළඳින හැ⁣ටි කන බොන හැටි හෝ ඔහුගේ මුහුණේ ඇති ලපය අපට වැදගත් නොවේ.ඔහු තර්කානුකූලය, නිරවුල්ය ,පැහැදිලිය .දේශපාලන විරුද්ධවාදීන්ටද ඔහු ගේ දේශපාලනය
තුළින් ඉගෙන ගන්නට යමක් පවතී. වැදගත් වන්නේ එයයි.
ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන පාක්ෂිකයන්ට අනුර කුමාර දිසානායක යනු  හාමු කෙනෙක් නොවේ.සර් කෙනෙක්ද නොවේ.ඔවුන්ට ඔහු ආදරණීය අයියාය, අඹ යාළුවාය ,බඩ බැඳ ගත් සහෝදරයාය.ඔවුන්ගේ සොඳුරු නායකයාය.පසුගියදා තක්කඩි මහින්ද රාජපක්ෂ ගේ උපන්දින සැමරුම මහ ඉහළින් පැවැත්විනි.ඔහුගේ අන්තර්ජාල මුහුණු පොත් ගිනුමේ ඒ  උපන්දින සැමරුම් ඡායාරූප පල කොට තිබුණි.ඒ ඡායාරූප නිමිති කරගෙන පල කර ⁣තිබූ කමන්ටු කියවූ අයෙකුට තක්කඩි රාජපක්ෂ පවුල ගැන මෙරට අන්තර්ජාල සමාජයේ පවතින දැඩි කළකිරීම ගැන අදහසක් ගත හැකිය.එහි තිබූ ඇතැම් කමන්ටු වලින් තක්කඩි රාජපක්ෂ පවුලටම වැහි නැති හෙණ ඉල්ලා තිබුණි.ඒ තක්කඩි රාජපක්ෂ වරුන් මෙරට සමාජය තුළ වැපිරූ පාදඩ වගාවේ කරුමක්කාර අස්වැන්නය.
ඊයේ දවස අනුර කුමාර දිසානායකගේ උපන්දින සැමරුම තිබූ දවසයි.මහින්ද රාජපක්ෂ කෙරෙහි පවතින සමාජයීය නොපහන් කළකිරීම  වඩාත් පැහැදිලිව වටහා ගත හැක්කේ අනුර කුමාර දිසානායකගේ උපන්දින සැමරුමට ඔහුගේ මුහුණු පොතේ ගිණුමේ  තබා ඇති ලෙන්ගතු සුබ පැතුම් කියවන විටය.මේ වෙනස කවර ආකාරයෙන් මෙරට සමාජය ඉදිරියේදී කවර ආකාරයෙන් වටහා ගනීදැයි කියන්නට අපට නොහැකිය.මෙරට දේශපාලනය ⁣උණුසුම් වන්නේත්  වෙනස්වන්නේත් මතුවන වාස්තවික වටපිටාවට යටත්වය. එහිදී සතුරා මිතුරා වෙන හැටිත් මිතුරා සතුරා වෙන හැටිත් අප දැක තිබේ.
අප මේ සටහන තැබුවේ අනුර කුමාර දිසානායකගේ උපන්දිනය දා ඔහුට සුබ පතන්නට අපට මගහැරුණ නිසාය. ⁣මෙරට දේශපාලන නායකයකු ලෙස හා තක්කඩි රාජපක්ෂ පවුලට  එරෙහිව මේ මොහොතේ පෙනී සිටින තවත් එක් දේශපාලන නායකයකු ලෙස ඔහු අපගේ විශ්වාසයට හා ඇගයීමට ලක් වේ.මෙම අකුරු සටහන ඔහු වෙනුවෙන් තැබුවේ ඒ නිසාමය.මේ ලංකා දවසේ අප ගේ සොඳුරු ප්‍රාර්ථනයයි. 
සුබ උපන්දිනයක් වේවා සහෝදරයා……..!!

Spread the love

Leave a Comment

You may also like