උණුසුම් පුවත්

ටින්කරින් ලසන්ත මේ මොහොතේ මරාදැමීමට කළුතර ASP 11 දුමින්ද  සමඟ කණ්ඩායමක් සුදානම්

Spread the love

 

 කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ, හා කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් යන දෙදෙනා මාතර කැකුණ දුර තරුණයෙකු වන එච්. එල් .ලසන්ත නොහොත් ටින්කරින් ලසන්ත යන පුද්ගලයා  ගෙන ගොස් සඟවා ඇති අවි සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට යාමේ දී වෙඩි තබා මරා දැමීමට  සූදානම් වන බවට අප වෙත තොරතුරක් ලැබී ඇත.

මේ තොරතුර ලද වහාම පුද්ගලිකවම පොලිස් මුලස්ථානය අමතා දැනුම් දුන් නමුත් කිසිදු කිසිදු පුද්ගලයෙකු දුරකථනයට සම්බන්ද නොවිය.ඊට අමතරව කළුතර කොට්ඨාස මෙහෙයුම් මැදිරි අමතා මෙම පුද්ගලයාගේ ඝාතනය වහාම නතර කරන ලෙසත් එසේ කළහොත් ඒ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි (11) දුමින්ද රාජපක්ෂ ඊට වගකිව යුතු බවද පුද්ගලිකවම දැනුම් දී ඇත.අප විසින් කරන ලද මෙම දැනුම් දෙනු පිළිබඳව හඬපටයක් අප සතුව ඇත.

වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි වහාම මාකදුරේ   මධුෂ් නමැති සැකකරු ද රැගෙන ගොස් දේශබන්දු තෙන්නකෝන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව පැමිණි රංගජීව නමැති හිටපු පොලිස් පරීක්ෂකවරයා විසින් එම ඝාතනය සිදු කළ බව අප මීට පෙර ලියා ඇත . මේ වන විට අත් අඩංගුවේ සිටින පුද්ගලයින් ඝාතනය කිරීමට පොලිසිය දැඩි ලෙස පෙළඹීමක් සිදුවී ඇත.  මේ පිලිබදව අපි යුරෝපා පාර්ලිමේන්තුවද බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවද දැනුවත් කිරීමට ඉදිරියේදි කටයුතු කරන්නෙමු.

කළුතර දිසාවද භාරව සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් වීම විශේෂත්වයකි මිනීමරා රටේ අපරාධ විසඳීමට උත්සාහ කළ වාස් ගුණවර්ධන ,අනුර සේනානායක වැන්නවුන් ගෙන් පාඩමක් ඉගෙන නොගන්නා දේශබන්දු නවතින්නේ වැලිකඩ බව නම් අපිට සහසුද්දෙන්ම කිව හැකිය.

මෙම ටින්කරින් ලසන්ත මාරාදැමුවහොත් ඊට වගකිවයුතු වන්නේ කළුතර  (11) සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ, හා කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් අයබව අපි වගකීමේ සටහන් කරමු.


Spread the love

Leave a Comment

You may also like