පසුගියදා කින්නියා කලපුවේ සිදුවූ ඛේදවාචකය පිළිබඳව මෙරට රාජ්‍ය නායකයා ලෙස මිල්ටෙරි නන්දසේන කිසිදු අවධානයක් යොමු නොකළ බව පෙනෙන්නට තිබේ.ඒ කාලකණ්නි රාජපක්ෂ පවුලේ තිරිසන් සවභාවයයි. අඩුම වශයෙන් මියගිය සුරතල් පාසැල් දරුවන් ගැන හෝ සඳහනක් කොට කණගාටුව ප්‍රකාශ කිරීම රටේ ජනපතිවරයා වශයෙන් මිල්ටෙරි නන්දසේනගේ යුතුකම හා වගකීම විය.එහෙත් සිදු වූයේ නැත්තේද එයයි.
විදේශීය රටක මෙවැනි ශෝකාන්තයක් සිදුවූ විට එම රටෙහි රාජ්‍ය නායකයා ජාතිය අමතා සැශෝකය ප්‍රකාශ කළ අවස්ථා ගැන අනන්තවත් සදහන් කළ හැකිය.මිල්ටෙරි නන්දසේන ඇමරිකාවෙි ජීවත් වූ අයෙකි.එහෙත් මේ කාලකණ්නියා ඇමරිකානු සංස්කෘතිය තුළ පවතින මානූෂීය සබඳතාවන් ගැන හෝ එරට දේශපාලන නායකයන් විෂයෙහි පවතින සම්ප්‍රදායන් ගැන හාංකාවිසියක් නොදන්නා අමුම අමු ගෝත්‍රිකයෙකි.එසේත් නැතහොත් මෙරට සිංහල බෞද්ධයැයි කියාගන්නා ජාතිවාදී උන්මත්තක රැළ තුළ ලකුණු දමා ගැනීමේ අදහසින් විය හැකිය.මෙහිදී අප සඳහන් කර ඇති දෙවන කාරණය හා සබැඳිව අවධානයක් යොමු කරන්නේ නම් ඇතැම් සිංහල බෞද්ධ යැයි කියාගන්නා හා පොදුජන පෙරමුණට සම්බන්ධ ජාතිවාදී උන්මත්තකයන් මෙම කින්නියා ඛේදවාකය ගැන අන්තර්ජාලයේ සතුටින් තලු මරමින් ලියන ලද ලියවිලි කියවීමෙන් මිල්ටෙරි නන්දසේනගේ මනස කවර ආකාරයේ දැයි තේරුම් ගන්නට හැකිය.සැබැවින්ම මෙරට ආරක්ෂක ලේකම් කාලයේ මේ තිරිසනා කළ කී දෑ හා යහපාලනය බිඳ දැමීමට සැළසුම් කළ මෙලේච්ඡ පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන සිතා විමසා බලන විට මොහු කින්නියා ඛේදවාචකය ගැන එතරම් නොතැකීම පුදුමයක් නොවේ.තිරිසන්කම රාජපක්ෂ පවුලේ ජානගත උරුමයයි.ඔවුන් මෙරට පොදු දේපොළ හොරා කා ඇත්තේ කිසිම හිරිකිතයක් ලැජ්ජාවක් නැතුවය.මෙම රාජපක්ෂවරුන් පින් පවු ගැන තැකීමක් නොකරන්නෝ වෙති.ඔවුන් සමාජයට පෙන්වන්නේ සතර පෝයට බණ අහන දැහැමින් ජීවිතය ගෙන යන බිම්බිසාර ලාංඡනයේ උපාසක පවුලක් ලෙසය.එහෙත් ආගම හා ජාතිය උකසට තබා සිය පැවැත්ම තහවුරු කරගත් මෙතරම් තක්කඩි දේශපාලන පවුලක් මේ රටේ ඉතිහාසයේ කිසි දිනක නොසිටි බව නම් සඳහන් කළ යුතුය.බුදු දහමේ හා සිංහල ජාතියේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටින මොහුන් ඒ බව සමාජයේ තහවුරු කිරීම සඳහා වෙහෙර විහාර පන්සල් සංවර්ධනය සංඝ සාසනයේ නඩත්තුව හා දාන මාන පෙරහැර පින්කම් සඳහා ගෙවන මිල ඉතා ඉහළ වටිනාකමකින් යුක්තය. .එහෙත් මෙම තක්කඩියන් විසින් එම ගෙවන අධික මිල සඳහා වැය කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ධනය නොව රජයේ බදු මුදල්ය.කෙසේවෙතත් කින්නියා ඛේදවාචකය නැගෙනහිර පොදුජන පෙරමුණු දේශපාලනයට කණ කොකා ඇඬීමක් ලෙස ප්‍රවර්ධනය වන ආකාරයක් දකින්නට පවතී.එය වඩාත් තහවුරු වන්නේ මිල්ටෙරි නන්දසේන විසින් ජාතික රහස් ඔත්තු සේවා වාර්තා පදනම් කරගනිමින් පොලිස්පති වෙත ලබා දී ඇති නියෝගය නිසාය.ත්‍රීමලය උප්පුවෙිලි කෝපායි ආදී ප්‍රදේශවල පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලඥයන්ට පහර දීමට යම් යම් කණ්ඩායම් සංවිධානය වෙමින් පවතින බවට ජාතික රහස් ඔත්තු සේවා වාර්තා කර ඇති හෙයින් වහාම එම දේශපාලඥයන් හට පොලිස් ආරක්ෂාව සපයන ලෙසට එම නියෝගයේ දැක්වෙන බව දැන ගැන්මට තිබේ.“මේ සටන ඇවිලී ඇත්තේ දේශපාලඥයන් වෙතින් මග හැරුණ හා අත්හරින ලද සමාජමය වගකීම් පිළිබඳව ජනතාව කෝපයට පත් වී ඇති නිසාය.මේ කෝපය ආගම්වාදීව හා ජාතිවාදීව තක්සේරු නොකළ යුත්තේය.එය තවදුරටත් රට පුරා පැතිරී යා හැකි පූර්වාදර්ශයක් විය හැකි බව අපට සිතෙන්නේ තක්කඩි කාලකණ්නි රාජපක්ෂ පවුල විසින් මෙතෙක් කල් සිදු කළ පාදඩ පාහර පජාත වැඩ වල කෙළවර ඇත්තේ දේශපාලනිකව නොව ස්වභාව ධර්මයේ විනිශ්චයන් මත බව තහවුරු වෙමින් පවතින නිසාය.