පසුගියදා අනුරාධපුරයට ගිය ජනාධිපතිවරයා සඳගිරි සෑය නැමැති සොහොන විවෘත කිරීමෙන් පසු දිගින් දිගටම ඥාණා අක්කා සමග කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වී ඇත්තේ නැවත පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට අවසර දීම යැයි බොහෝ දෙනා අතර කතා බහට ලක් වී ඇති අතර මේ පිළිබඳව අප සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ ඥාණා අක්කා ඊට මැදි වී ඇති බවයි
මේ වට විට යුරියා ඇතුළු රසායනික පොහොර , රසායනික ද්‍රව්‍ය සහ පළිබෝධක කෘෂිකර්මය සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් තිබූ ජනාධිපති වරයා, අද හදිසියේම එම තහනම ඉවත් කලේය . ඒ අනුව ඉදිරියේ දී පලිබෝධ නාශකයක් ද පෙර පරිදිම පාවිච්චි කිරීමට හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරියෙකු තහවුරු කළේය. ඉදිරියේ දී යූරියා සමග කාබනික පොහොර මිශ්‍රණයක් එක්කොට එය “ශාක පෝෂක ” නමින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
එසේ කිරීමට සූදානම් වන්නේ චීනයෙන් මේ වන විට ගෙනැවිත් වරායේ නැංගුරම් ලා ඇති එම නැවේ ඇති චීන අසූචි ගොන්නක් සහ යූරියා එකට මිශ්‍ර කොට ශාක පෝෂක පොහොරක් වශයෙන් හඳුන්වා දීමට සියල්ල දැන් සූදානම් කොට ඇති බව අප වෙත දැන ගැනීමට ඇත. පසුගිය දා ඉන්දියාවෙන් ආනයනය කරන ලද නැනෝ නයිට්‍රිජන් පොහොර පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් ඇති වී ඇත. නැනෝ නයිට්‍රිජන් පොහොර තුළින් රුපියල් කෝටි ගණනක මුදල්වංචාවක් කරන ලදැයි මේ වන විට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට එක් එල්ලේම චෝදනා එල්ල වී ඇත.
එම චෝදනා පිළිබඳ විමර්ශන සඳහා පොහොර මිලදී ගැනීමේ අමාත්‍යාංශ ලේකම්වරයාට පැමිණ ප්‍රකාශ දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට දැනුම් දී ඇති අතරම එම පොහොර ගෙන්වීමට සම්බන්ධ වූ සිමාසහිත යුනයිටඩ් ෆාම්‍රස් ට්‍රස්ට් සභාපති මොහාන් පෙරේරාටද හෙට දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
අප වෙත ලැබී ඇති තොරතුරු අනුව අධිකරණ නියෝග ඉවත් වූ වහාම චීන අසූචි නැවේ ඇති පොහොර සමග සියලුම යූරියා කවලම් කොට ගොවීන් අතට ශාක පෝෂක නමින්වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරන බව අප වෙත දැන ගැනීමට ඇත ජනාධිපතිවරයා චීනෙක් ගෙන්වා ඇති එම අසූචි ඇති පොහොර නැව ශ්‍රී ලංකා රජය බාරගන්නා බවට ජනාධිපතිවරයා විසින් චීන රජයට දැන්වීමත් සමඟම ඒ පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන බවත්,දැනට කොළඹ වාණිජ අධිකරණය නිකුත් කර ඇති සියලුම වාරණ නියෝගය ඉවත් වූ වහාම එම චීනෙන් ගෙන්වන ලද පොහොර වෙනුවෙන් ගෙවීමට ඇති සියලුම මුදල් ගෙවා මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන අතරම ඉදිරියේදී එම චීනෙන් ගෙන්වන ලද පොහොර නැව වහාම ගොඩබෑමට ක්‍රියා කරන බවද අප වෙත දැන ගැනීමට ඇත.
එම නැවේ ඇති පොහොර සමඟ යූරියා මිශ්‍රකොට ගොවීන් වෙත නිකුත් කිරීමට සියල්ලම සූදානම් බව මේ වන විට අප හට දැන ගැනීමට ඇත