උණුසුම් පුවත්

චි. චී.(රෝහිත ) රාජපක්ෂ දෙසැ; 03 හා 04 කටුකුරුන්දේ දී රේස් පදී….ගුවන් හමුදාවේ 450 ක් රාජකාරි යොදවලා.

Spread the love

මේ වන විට චිචී නොහොත් රෝහිත රාජපක්ෂ මෝටර් ධාවන තරඟවලටද අවතීරනය වී ඇත. ගගන ගාමියෙකු,තාරකා විද්‍යාඥයෙකු, ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම තවත් දින කීපයකින් මෙරට සිටින අති දක්ෂතම සුරතාවය දිනමින් මෝටර් ධාවන ශුරයෙකු වනු ඇත.

රටේ අනිකුත් දරුවන්ට කුමන ප්‍රශ්ණ තිබුණත් රාජපක්ෂලාට අදාලම නැත. ගොවියා ගේ , කම්කරුවා ගේ රාජ්‍ය සේවකයා ගේ සිට මෙරට ජීවත් වෙන පාර්ලිමේන්තු මැති ඇමතිවරු හැර අනික් සියල්ලෝම ජීවත් වන්නේ මර බියත්, ජීවත් වීමේ අරගලයත් හිස දරා ගෙනය .අම්මා කිරිපිටි පෝලිමේද ,  තාත්තා ගෑස් පෝලිමේද ,තවත් දරුවෙකු ඉන්දන පෝලිමේද, සිටිමින් මහත් අරගලයකට මැදිව අවසානය. ඒත් රාජපක්ෂලා සිතන්නේ අපි වෙනුවෙන් රටේ ජනතාව දුක් විදිය යුතු බවයි.

ඒ නිසාම  කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ පිහිටි ධාවන පතයට කෝටි 1 1/2 ක් වියදම්කොට රේස් පදි මෙම මුදල් ක්‍රිඩා අමාත්‍යංශයෙන් වෙන් කොට ඇත.  නාමල් අයියා විසින් කෝටි 1 1/2 ක වෙනකර දීම ඉතාම සතුටට කරුණකි. එවනි සහෝදර බැම්මක් ඇතිවීමම රටේ ජීවත්වෙන වහළුන් ට සුභම පණිවුඩයකි.

ඒ අනුව දෙසැම්බර් 03 හා 04 දින කටුකුරුන්ද මෝටර් ධාවන පතයේදි තරඟය පැවැත්වීමට සියල්ල සුදානම්ව ඇත. 


Spread the love

Leave a Comment

You may also like