උණුසුම් පුවත්

සරත් ගේ ගෝලයා වූ අරූල් සිද්ධාර්ථන් යාපනයේ දී හෙරොයින් විකුණා අල්ලයි- පොලිසිය සමඟ ගැටුමක්

Spread the love

පසුගිය යහ පාලන සමයේ දී යාපනයේ ජනතාවට විවිධ තාඩන පීඩන කරමින් ජනතාව කපාකොටා බිය වැද්දූ අරූල්  සිද්ධාර්ථ නැමති ආවා කල්ලියේ නායකයා ව සිටි පුද්ගලයා අද හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීමට සූදානම් විය.

එහෙත් මොහු සරත් වීරසේකරගේ ඉතා සමීපතම හිතවතෙක් වූ නිසාම ඔහු පොලිසියට අවනත නොවී ඔහු පොලිසියට පහරදීමට උත්සාහ ගැනීම නිසා දැඩි කලහකාරී තත්ත්වයක් ඇතිවිය. මේ පිළිබඳව මේ වන විට අධිකරණයට වාර්තා කර ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. සරත් වීරසේකර යාපනයේ ජනතාව කුපිත කරමින් තවත් සංවිධානයක් ගොඩ නගන බව අපි මීට පෙර අවස්ථා ගණනාවකදීම කියා තිබු අතරඑම කටයුත්ත බාර දී තිබුණේ අරූල් සිද්ධාර්ථ නොහොත් ආවා කණ්ඩායමේ නායකයාටය.

යහපාලන සමයේ දී ජනතාවට පහර දුන් තාඩන පීඩන සිදුකල  පොලිසියට පහර දුන් සහ හමුදාවට මන්නා පිහිවලින් කපා තුවාල සිදු කරන ලද ,මේඅරූල් සිද්ධාර්ථ නැමැති පුද්ගලයා රජයේ ඉතාමත්ම හිතවත් සහ රජයේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකි. පසුගියදා   බස් කීපයකින් ජනතාව රැගෙන  උතුරේ සිට දකුණට සාම පාගමනය යන බොරුව රටපුරා වගාකල අයෙකි.

 ඒත් අද වන විට  අප කී ආකාරයටම මොහු රාජ්‍ය විරෝධී කටයුතු සහ සියලුම නීති විරෝධී කටයුතු නියෙලෙන අයෙකි.මොහු ගේ මේ නිතිවිරෝධි කටයුතු පොලිසියට මැඩලීමට නොහැකිවී ඇත්තේ සරත් වීරසේකර හා මොහු අතර ඇති ඉතා සමීප සම්බන්දය නිසාය.ඒ නිසා යාපනය පොලිසිය දැඩි අසරණ භාවයකට පත්ව ඇත.

එසේම මේ පුද්ගලයා යොදාගෙන නාගානන්ද කොඩිතුවක්කු විසින් ද  මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම තුලින්ම නාගහනන්ද කොඩිතුවක්කු ගේ දේශපාලන පරිනත භාවය හා  සමජ දැනුම පිලිබදව ප්‍රශ්ණකලේ ඒ නිසාය. 

අද ඒ සියල්ල සත්‍ය කරමින් මොහු යාපනය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත ප්‍රධාන පෙළේ පුද්ගලයෙකු බව  අපට දැනගැනීමට හැකිවී ඇත. අද මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට පත් කිරීමට නියමිතව ඇත.


Spread the love

Leave a Comment

You may also like