වෙනත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිංගප්පුරුවට -කොමිස් මුදල් ගෙවන්නේ විදෙස් බැංකුවකට.

Spread the love

බැසිල් රාජපක්ෂ හා ඇමති දේශමාන්‍ය රටේ කරුමෙට උපත ලබා ඇති ඇත්ත බොරුව ලෙසත්, බොරුව ඇත්ත ලෙසත් රඟපා ජනතාව ගොනාට ඇන්දවීමට උපන් හැකියාවක් ඇති , ජීවිත කාලෙටම අමුඩයක් ඇද නැති අම්බරු- පිල්ල විසින් පසු ගියදා පැවති කැබිනට් මණ්ඩලයට 1961 අංක 28 දරණ ඛණිජතෙල් පනත වහාම සංශෝධනය කිරීමට හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව සිංගප්පුරු සමාඟමට වසර 99 ක බද්ධට ලබාදීමට ඉල්ලා ඉදිරිපත් කොට ඇත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවක් රටට අවශ්‍ය ඇයි……….?

වසර 1969 ඔක්තෝඔර් මස 12 වනදින ඉරානය විසින් නිමවා මෙරට ලංකා ඛණිජ තෙල් සංස්ථාවට  භාරදී ඇත. එය හෙක්ටයාර් 165 ක භූමියකින් යුක්තය. මෙය වර්තමානයේ සේවකයන් 1264 ක් සිටින අතරම විවිධ වර්ගයේ පිරිසිදු කරන තෙල් හා ඉන් අතුරු ඵල වෙන ,වෙනම ගබඩාකිරීමට හැකි ආකාරයට නිර්මානය කොට ඇති ටොන් 50,000ක ධාරිතාවයක් ඇති ආසියාවේ ඉතාම ප්‍රසිද්ධ පිරිපහදුවකි.

මෙම තෙල් පිරිපහදුවට ඉරානය ,සවුදි අරාබිය යන රටවලින් පිරිසිදු නොකරන ලද බොරතෙල් නමින් ව්‍යවහාරයේ හදුන්වන තෙල් ගෙන විත් ඒවා නිසි රසායනික පරික්ෂණවලින් පසුව සුද්ධ කොට ප්‍රධානවම ඔක්ටේන් 95 පැට්ට්‍රල් හා ඩීසල් ද ඊට අමතරව එම පෙරා ගන්නා සිවිශේෂිත වු ජෙට් ඔයිල් හෙවත් ගුවන් යානා තෙල් ද නිපදවීම සිදුවේ.මෙරට භූමිතෙල් නිෂ්පාදනය 100% ක්ම සිදුවන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවනි. රටට ඇතුළුවෙන ඕනෑම ගුවන්යානයකට ඉන්දන ලබාදීමට ජාත්‍යන්තර නිතිය අනුව එකඟව ඇත. එසේම අපේ යානාවලටද ඉන්දන ලබාදීමට ද මෙම තෙල් පිරිපහදුව ක්‍රියාකරයි.

බොරතෙල් පිරිපහදුවේ අමතර………..

එසේම යුරියා පොහොර නිපදවීමත් මෙරට කාලයක පටන් සිදුවිය. ඒත් එම යුරියා නිපදවමින් සිටි කර්මාන්ත ශාලාව දැනට වසර 12 ක පටන් වසා දමා ඇත. එසේම වසර 15 කට පමණ පෙර මෙරට ප්ලාස්ටික් නිෂ්පාදන සිදු වුයේද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අමතර පිරිසිදු නොකර ඉතිරිවන අතුරු නිෂ්පාදනයක් ලෙසට ඒ වෙනුවෙන්ද ශ්‍රිලංකාවේ නයිලෝන් නිෂ්පාදන කර්මාන්ත ශාලා පැවති අතරම එයද වැසි ගොස් දැන් වසර 15 කට වැඩිය.

එම බොරතෙල් පිරිපහදුවේ අමතර දෙයක් වු කැන්ටා වලින් නිපදවන නයිලෝන් කර්මාන්තය ද අදවන විට විදෙස් රටවලින් මෙරටට ආනයනය කරමින් ඇත. රටක තෙල් පිරි පහදුවක් යනු එරටට එක් පසකින්තම රටේ අනන්‍යතාවය ලොවට කිව හැකි ආඩම්බරයකි. තවත් පසකින් මෙරට උපයන විදේශ විනිමය රදවා ගැනීමට හා රටේ ජීවන වියදම් පහසු පහසුකරලීමේ ක්‍රියාමාර්ගයකි.

සපුගස්කන්ද පිරිපහදුව  2018 පෙබරවාරි 18 වනදින ඉන්ජිනේරුවන්1200ක් දින 35 කට වසා දමා පැය 24 පුරාවටම අළුත් වැඩියා කටයුතු සිදු කරමින් එහි ඩීසල් නිපදවන් ප්‍රමානය දිනකට ටොන් 650 ක් දක්වා නිෂ්පාදන ධාරිතාවය නැන්වීමට තරන් හැකි අපේ ඉංජිනේරුවන් සිටීම ඉතාම විශිෂ්ඨය.

ගම්මන්පිල්ල ගේ කැබිනට් පත්‍රිකාව………..

ඒත් 15/11/2021 දින නැවත දින 50 කට කියා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුවේ ඒ ඈවර කිරීමට බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.

ඇමති උදය ගම්මන්පිල්ල විසින් මෙම තෙල් පිරිපහදුව තව දුරටත් පවත්වා ගෙන යාමට නොහැකි නිසා විකිණීමට යෝජනාකොට ඇත. එසේ තමා නොකලේ නම්  වහාම මාධ්‍ය හමුවක් පවත්වන ලෙසට අපි අභියෝග කරන්නෙමු. එදාට අපි තාක්ෂණික ක්‍රම ඔස්සේ ගම්මන් පිල්ලට පිලිතුරු දීමට පැකිලෙන්නේ නැත. සපුගස් කන්ද ඉන්දියානු සමාඟමට දිය යුතු බවට බැසිල් කියා සිටි.

ඒ අනුව නැවත කිසි දවසක සෝඨාභය මෙරටට බොරතෙල් ආනයනය නොකරනු ඇත. ඒත් පිරිසිදු කල ඩීසල් හා පැට්ට්‍රල් මෙරටට ගෙන එන්නේ පිරිපහදුවෙන් උපයාගත් ඩීසල් ලීටරයට තවත් වැඩියෙන් ඩොලර් 15 ක් ගෙවීමෙනි. අවම එක්වරකට මෙට්ට්‍රික් ටොන්  8500 ක් හෝ 10,000 ක් මෙරටට ගන්නේ නම් බැසිල් ගේ හා ගම්මන්පිල්ල ගේ කොමිස් මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ඉක්මවාඇත.

මේ නිසාම රටේ සමස්ථ ජාතියටම අයත් මෙවනි දේපලක් විදේශිකයන්ට විකුණා දමන තෙක් ඇස් ඇරගෙන සිටීනම් ඒ ජාතියටම හෙනගසනු ඇත. ඒ නිසා අදම සපුගස්කන්ද තෙල් පිරිපහදුව රැක ගැනීම සමස්ථ ජාතියේම අත් නොහැරිය හැකි වගක්කීමකි. අදම ඔබේ දරුවා ගේ අනාගත අයිතිය රැකීමට අපි සමස්ථ ජනතාවටම ආයාචනය කරමු.


Spread the love

Leave a Comment

You may also like