මේ වනවිටත් හම්බන්තොට වරායට සිංගප්පුරු ධජය යටතේ පැමිණ ඇති ගැස් පුරවා ගත් නැවෙන් ගෑස් රටට බා ගැනීමට නොහැකිව අදට දින 02 ක් නැංගුරන් ලා ඇත.
මෙම නැව් සමාගම මේ වනවිටත් ශ්‍රි ලංකා රජයට පමාවීමේ ගාස්තු ගෙවන ලෙසට නියම කොට ඇත. ඉදිරි පැය 24 ක් තුල ඇමරිකානු ඩොලර් ලක්ෂ 2.78 ක මුදලක් ගෙවීමට නොහැකි වුවහොත්, නැව නැවතත් සිංගප්පුරුව බලා යන බවට අද ලිඛිතවම ශ්‍රි ලංකා ආණ්ඩුවට දැනුම් දී ඇත. මෙම ගෑස් සහිත නැව මෙරටට පැමිණ ඇත්තේ මුදල් ගෙවා මිලට ගැනීමේ කොන්දේසිය මතය.
ඒත් අද ආණ්ඩුව දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව ඇත. මේ නිසාම දැනට රට තුල දැඩි ගෑස් හිඟයක් නිර්මානය වී ඒ අනුව ඉදිරි සති කීපය තුල රටේ සම්පුර්ණවම ගෑස් නිමාවන නිසාම මෙම නැව මුදල් ගෙවා කෙසේ හෝ ලබාගතයුතු බවට සේවකයන් අපහා පැවසීය.
ගෝඨාභය ආණ්ඩුව මිනිමරා බලය ලබාගත්තේ රටේ ජනතාවට අසීමිත බොරු කියාය. දිට්ඨ දම්ම වේදීය කර්මය ඵල දෙමින් ඇත.