උණුසුම් පුවත්

පෙබරවාරි වනවිට රට ලෙබනනයක් ,අප්‍රේල් අවුරුද්දට මියෙන්මාරයක් -සියළු දෙනා එකතුවී පවුලකින් රට බේරා ගන්නවාද…? වෙන්වී මිය යනවාද ?

Spread the love

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදුකල අත්තනෝමතික හා තම පවුලට ලැබෙන ප්‍රතිලාභ පිලිබදව සිතා චීන ණය උගුලේ රටත් ,ජාතියත් හිරකොට හමාරය. මේ වන විට සහ මුලින්ම ගෙවිය යුතු ණය ප්‍රමාණය අසීමිතය. ආදායම් නොලබන ව්‍යාපෘති වෙනුවෙන් අසීමිතව ණය ගෙන ඒවා බිලියන ගනන් කොමිස් ගැසීමේ ඵල විපාක අද විදවන්නේ ඈත එපිට ගම්මානයේ අහිංසක ගැමියන්ය.බුද්ධ චීවරය ඇඟ ලාගත් මහනුන්  හෙළුවෙන් රාජපක්ෂලාට ආ වැඩුවෝය, ඒ තම පුද්ගලික ලාභ හෝ තාන්න, මාන්න නිසාය 

තවමත් හරියමන් පාරක් ,බීමට වතුර ටිකක් කෑමට බත් වේලක් නොමතිව හුල්ලන ජනතාවක් ඇති රටක් බවට පත්කලේ මහින්ද රාජපක්ෂ ගේ ඒ චීන ලංකා ගිවිසුම් නිසාය. එදා කොතෙකුත් ඒ පිලිබදව ලීවත් තම පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් බොහෝ දෙනෙකු රට වලපල්ලටම යනතුරු මුනිවත රැක්කෝය.

එදා ගෝල්ෆේස් හමුදා මුලස්ථානය චීනයට විකුණු ,රටේ ධනයෙන්  “අම්ම ගේ රෙද්ද” තැබීමට කෞතුකාගාරයක් හැදුවත් රාජපක්ෂ කෙනෙකු පිලිබදව වහ වැටි ඉල්ලන් කෑවාය. අද වනවිට ඒ . මිනිමරු පාලකයා කිසිදු වගකීමක් හා වග වීමක් නොමතිව රටක් ,ජාතියක් අයාලේ යාමට ඉඩ දි ඇති ආකාරය ඔහුම දනි.

දැන් ශ්‍රි ලංකාවට සිදුවන දේ පිලිබදව පක්ෂ ලෙසට බෙදි කුලල් කා ගැනීමට කාලයක් තවත් නම් ඉතිරිව නැති බව නොදන්නේ දේශපාලකයන් පමණි. වසර 73 ක් තිස්සේම තට්ටුමාරු දේශපාලනයත් වසර 30 කට වඩා දේශිය අරගලයන් වලටත් මුහුණ දි දැන් හෙම්බත්ව සිටින ලංකා මාතාව එකි ,මෙකි නොකි හෑම ඒකාලාම ඇයව හිතු ,හිතු ආකාරයට ගනිකාවක් සේ විකුණා සල්ලි කුට්ටි ගනන් ගසා කා අවසානය.

දැන් අවසාන භාගය කමින් සිටින්නේ ගෝඨාභය නැමති උද්දච්ච මේ මිනිහා ය. වවාගෙන කෑව එකා ගේ බත් පත උදුරා උටත් හොයා ගෙන කෑමට මහපාරට ඇද දමා මු ලෝක නායකයන්ගේ පලමුවෙනියා වී ඇමරිකාණු ඩොලර් මිලියනයක් තැගි දිනිමට යන පිස්සෙකි. ගෝඨාභය ජනාධිපති ගේ කාබනික අටමඟලය නිසා දැන් ඉතිරිව ඇත්තේ හිස් ඉඩම්ය.  ජනවාරි – පෙබරවාරි වනවිට රටේ දැඩි එලවළු හිඟයක් ඇතිවන බව අපි දැම්මම ලියා තබන්නෙමු.

ඒ මෙවර යල – මහ දෙකම 73% කින් අස්වැන්න පහත වැටි ඇති නිසාය. ඊටත් එහා ගොස් ඇත්තේ පොහොර නොමති නිසා වගාවන් අතහැරීම නිසාය. මේ නිසාම පෙබරවාරි වනවිට රටේ දැඩි ආහාර හිඟයක් ඇතිවන අතරම කිසිදු වැඩපිලිවලක් නොමතිව ආණ්ඩුව දැන් නන්නත්තාර වී ඇත. මේ නිසාම ගෝඨාභයට එරෙහිව සමස්ථ රාජපක්ෂලාටම එරෙහිව රටේ ජනතාව විදි බසිනවා සහතිකය. ඊට හොදම නිදසුන අද සමගි බලවේගය මැරුවත් පාරට බහින ජනතාවක් ලංකාවේ බිහිකලේත් රාජපක්ෂලාමය. පෙබරවාරි මස පසුවනවාත් සමඟම සමසථ ගෙවිය යුතු ණය දෙගුණයක් වනු ඇත. ඒ අනුව ගෝඨාභයට තෝරා ගැනීමේ අන්ත දෙකක් බිහිවේ. ඒ

1. ජනාධිපතිකම දමා පලා යාම

2. මියෙන්මාරය සේ ශවින්ද්‍ර සිල්වා දමා ඉදිරි වසර 03 පාලනය කිරීමටය.

මෙයින්නිතතින්ම ගෝඨාභය තෝරා ගන්නේ ශවින්ද්‍රව දමා රට පාලනය කිරීමටය. ඒ අසල් වැසි මියෙන් මාරයක් ආකාරයට රට කරගෙන යාමටය. තවත් දින කීපයකින් විදුලිය රටට අහිමිවනු ඇත.

ඒ ශ්‍රි ලංකාවේ ඇත්තේ ඩීසල් විදුලි බලාගාරයන්ය. ඒ නිසාම දැනටමත් තෙල් පිරිපහදුව වසා අවසානය . මේ ආකාරයටම තෙල් පිරිපහදුව ආරම්භ වන්නේ තවත් මාස 04 ක් ඉක්මවා ගොසිනි. අවම මාස 03ක් වත් මෙරට විදුලිය නොමතිව සිටීමට සිදුවනු ඇත. රාජපක්ෂ ලා කුමණ වෙස් බැදගෙන නැටුවත් ඔවුන් ගේ හත්මුතු පරම්පරාවම නටන්නේ එකම අඩව්වය . ඒ දුෂණය ,වංචාව කොතනද  අසුජි ගොඩේ නිලමැස්සා සේ රාජපක්ෂලා එතනය.2022 වසරට ගෙවියයුතු ණය වාරිකය ඇමරිකානු ඩොලර් බිලියන් 1.5 කි.2023 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 1.25 කි.

ඒ නිසාම සමස්ත ජාතියම මගා මර උගුක්ලකට යාමට ඉඩ නොදි අද ශ්‍රි ලංකා මහ පොලවේ ඇති පක්ෂ සියල්ලම වහාම එකතු වීමට එම පක්ෂ නායකයන්ට බල කල යුතුය.

ඒ එක්සත් ජාතිකපක්ෂය ද, සමඟි ජනබලවේගය ද ජනතා විමුක්ති පෙරමුණ ද දෙමළ ජාතික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය මේ සියල්ලම එකට බැදි තම තමා ගේ පුද්ගලික න්‍යායන ඉවතට දමා වහාම කොන්දේසි විරහිතව ඒකට එකතු වී පොලවේඑලවා දැමිය යුතුය.

එසේ නොවන්නේ  නම් ඒ ඒ පක්ෂ සියල්ලම ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇත. මෙය පෙබරවාරි වීමට පෙර සිදුවිය යුතුය. රටේ ජනතාව බල මුළු ගැන්වීම සමස්ත මාධ්‍යකරුවන් ගේ  වගකීමය. එසේ නොමතිව කවරෙකු හෝ සිතයි නම් තනියම තමාට එවනි ආකාරයට බලය ලබාගැනීමට රටේ ජනතාව ඊට ඉඩ නොදෙනු ඇත.

ඒ මහ පොලවේ අද ඇති සත්‍යයි. එසේ නොවුනොත් රට වලටත් දේශපාලකයා කුණු බක්කියටත් ගොස් තවත් රාජපක්ෂලාම වසර ගනනාවක් මෙරට ලේ උරා බොනු ඇත.


Spread the love

Leave a Comment

You may also like